රන් මල්ලි බල්ගේරියාවේදී අත්අඩංගුවට: කිරින්ද කිලෝ 345ක අයිස් ජාවාරමේ මහ මොළකරු මෙරටට ගෙන්වීමට පියවර!
බල්ගේරියාවේදී සිදුවූ මෙම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, උදර්පන නීති රාමුව යටතේ මොහුව මෙරටට භාරගැනීමෙන් පසු කිරින්ද අයිස් ජාවාරම, මූල්‍ය විශුද්ධිකරණය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
LSN Sri Lanka ·

කිරින්ද වෙරළ තීරයෙන් සොයාගත් කිලෝග්‍රෑම් 345ක පමණ ‘අයිස්’ (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය තොගයේ ජාවාරම ඇතුළු සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන චරිත් සඳකලුම් හෙවත් ‘ඩුබායි රන් මල්ලි’ බල්ගේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ජාත්‍යන්තර පොලිසිය (Interpol) මගින් නිකුත් කර තිබූ රතු නිවේදන (Red Notices) සහ දේශසීමා ආරක්ෂක දත්ත පද්ධති පදනම් කරගනිමින් බල්ගේරියානු බලධාරීන් විසින් සිදු කරන ලද මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු, සැකකරු මෙරටට පිටුවහල් කරවා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලිසිය එක්ව අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය පියවර ගනිමින් සිටින බව පොලිසිය පවසයි.

දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චරිත් සඳකලුම් දීර්ඝ කාලයක සිට ඩුබායි හි රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇත. ඔහු දැනට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කට’ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානතම ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ජාත්‍යන්තර වැටලීම්වලින් බේරීම සඳහා ව්‍යාජ තොරතුරු භාවිත කරමින් යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී මොහු මෙලෙස බල්ගේරියානු ආරක්ෂක අංශ භාරයට පත්ව ඇති බවට විශ්වාස කෙරේ.

එල්ල වී ඇති ප්‍රධාන චෝදනා:
•කිරින්ද මහා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම (2025 නොවැම්බර්): 2025 නොවැම්බර් 12 වන දින කිරින්ද අන්දගලවෙල්ල වෙරළ ප්‍රදේශයේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය, තංගල්ල අපරාධ කොට්ඨාසය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් කෝටි 30කට වඩා වටිනා කිලෝග්‍රෑම් 345 වූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනුණි. මෙම මත්ද්‍රව්‍ය තොගයේ සැබෑ හිමිකරු ඩුබායි රන් මල්ලි බව පොලිසිය තහවුරු කළ අතර, ඩුබායි හි සිට සැකකරුවන්ට රුපියල් ලක්ෂ 5 බැගින් මුදල් ගෙවමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ඔහු උපදෙස් දී තිබුණි. මෙම සිදුවීමට අදාළව සැකකරුවන් 8 ක් සහ වාහන 6ක් අත්අඩංගුවට ගත් අතර තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය මගින් දින 7ක රඳවා තැබීමේ නියෝගද ලබාගෙන තිබුණි.

•2021 කොට්ටාවේ මුදල් වළලීමේ සිදුවීම: 2021 ජූලි මාසයේදී කොට්ටාව (පන්නිපිටිය) ප්‍රදේශයේ කුලී නිවසක වළලා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් මිලියන 13.9ක මුදලක් සොයාගැනීමට පොලිසිය සමත් විය. අදාළ නිවස කුලියට ගෙන සිටි රන් මල්ලිගේ බෑණනුවන් වන දිනේෂ් ලක්මාල් නැමැත්තා අත්අඩංගුවට ගැනුණු අතර, මෙරට මුදල් පාලනය සඳහා රන් මල්ලි විසින් ඔහුව යොදවාගෙන තිබූ බව අනාවරණය විය'

•ගැඹුරු මුහුදේ හෙරොයින් ජාවාරම: 2022 වසරේදී හම්බන්තොට මහා රාවණා කොටුව (Great Basses Reef) ආසන්න මුහුදේදී නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ PNB එක්ව අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 331ක හෙරොයින් තොගය පිටුපසද රන් මල්ලි සිටින බවට තොරතුරු වාර්තා වී තිබුණි.

බල්ගේරියාවේදී සිදුවූ මෙම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, උදර්පන නීති රාමුව යටතේ මොහුව මෙරටට භාරගැනීමෙන් පසු කිරින්ද අයිස් ජාවාරම, මූල්‍ය විශුද්ධිකරණය (Money Laundering) සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

විදේශගතව සිට මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවන ජාවාරම්කරුවන් කොටු කරගැනීමේ මෙහෙයුම්වල තවත් තීරණාත්මක පියවරක් ලෙස මෙය සැලකේ.