LSN News › Sri Lanka

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයම අර්බුදයක් වෙයි... බිලියන 35 ඉක්මවූ දැවැන්ත මූල්‍ය ගොහොරුවක ශ්‍රී ලංකන් හිරවෙයි!

වාර්තාවේ පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අඛණ්ඩව ව්‍යූහාත්මක මූල්‍ය හා ද්‍රවශීලතා අභියෝගවලට මුහුණ දෙන බවය. වාර්තාව අනුව ඉහළ ඉන්ධන හා නඩත්තු පිරිවැය, විදේශ විනිමය පාඩු හා ණය පිරිවැය හේතුවෙන් ස්වකීය මෙහෙයුම් හා මූල්‍ය වගකීම් ඉටු කිරීමට ප්‍රමාණවත් අභ්‍යන්තර මුදල් ප්‍රවාහයක් ජනනය කිරීමට ඇති හැකියාව සීමා වී ඇත. 2026 ජුනි අවසානය වන විට සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 209.9ක් වූ අතර, වගකීම් රුපියල් බිලියන 561.4ක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඍණ හිමිකම් ප්‍රාග්ධනය ( Negative Equity ) රුපියල් බිලියන 351.5ක් දක්වා ගැඹුරු වී ඇත.

LSN Sri Lanka · 7 November 2026

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයම අර්බුදයක් වෙයි... බිලියන 35 ඉක්මවූ දැවැන්ත මූල්‍ය ගොහොරුවක ශ්‍රී ලංකන් හිරවෙයි!

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2026 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව (Mid-Year Fiscal Position Report 2026) අනුව, මැදපෙරදිග අර්බුදය හා ගෝලීය ගුවන් ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය දැඩි ව්‍යූහාත්මක මූල්‍ය හා ද්‍රවශීලතා අර්බුදයකට මුහුණ දී සිටින බව හෙළි වී ඇත.

විගණනය නොකළ කළමනාකරණ ගිණුම්වලට අනුව, 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී (පළමු මාස තුන) ශ්‍රී ලංකන් ගුවන් සමාගම බදු පෙර අලාභයක් රුපියල් බිලියන 35.6ක් ලෙස වාර්තා කර ඇත. මෙය පෙර වසරේ (2025/26) සමාන කාල පරිච්ඡේදයේදී වාර්තා වූ රුපියල් බිලියන 12ක පමණ පාඩුවට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමකි.

ආදායම් පැත්තෙන් යම් වර්ධනයක් දක්නට ලැබුණද වියදම් එය බොහෝ දුරට අභිබවා ගොස් ඇත. 2026/27 පළමු කාර්තුවේ මුළු ආදායම රුපියල් බිලියන 82.8ක් ලෙස සටහන් වූ අතර, පෙර වසරේ සමාන කාලයේ එය රුපියල් බිලියන 62.6ක් විය. නමුත් එම වසරේ පළමු කාර්තුවේ වියදම රුපියල් බිලියන 64.8ක් පමණක් විය.

අවසානයේ දී මෙවර මුළු වියදම සියයට 40.4කින් ඉහළ ගොස් රුපියල් බිලියන 95.2 දක්වා වැඩි වී ඇත.

වාර්තාව අනුව මෙම වියදම් ඉහළ යාමට ප්‍රධාන හේතුව වූයේ ගුවන් යානා ඉන්ධන පිරිවැය සියයට 93කින් පමණ ඉහළ යාමය. ඉන්ධන පිරිවැය රුපියල් බිලියන 41.2ක් දක්වා වැඩි වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 12.5ක් පමණ වාර්තා විය. විදේශ විනිමය පාඩු හා අනෙකුත් මූල්‍ය පිරිවැය මෙය තවදුරටත් උග්‍ර කර ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් ලැබුණු රුපියල් බිලියන 3.4ක ශුද්ධ ලාභය හේතුවෙන් සමූහයේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 32.2ක් දක්වා අඩු වී ඇත.

වාර්තාවේ පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අඛණ්ඩව ව්‍යූහාත්මක මූල්‍ය හා ද්‍රවශීලතා අභියෝගවලට මුහුණ දෙන බවය. වාර්තාව අනුව ඉහළ ඉන්ධන හා නඩත්තු පිරිවැය, විදේශ විනිමය පාඩු හා ණය පිරිවැය හේතුවෙන් ස්වකීය මෙහෙයුම් හා මූල්‍ය වගකීම් ඉටු කිරීමට ප්‍රමාණවත් අභ්‍යන්තර මුදල් ප්‍රවාහයක් ජනනය කිරීමට ඇති හැකියාව සීමා වී ඇත. 2026 ජුනි අවසානය වන විට සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 209.9ක් වූ අතර, වගකීම් රුපියල් බිලියන 561.4ක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඍණ හිමිකම් ප්‍රාග්ධනය ( Negative Equity ) රුපියල් බිලියන 351.5ක් දක්වා ගැඹුරු වී ඇත.

මැදපෙරදිග යුධමය වාතාවරණය හේතුවෙන් ගුවන් මාර්ග වසා දැමීම්, ගුවන් ගමන් අවලංගු වීම් හා ජාලයේ බාධා ඇති වූ බවද වාර්තාවේ සඳහන් වේ. සමහර ගුවන් ගමන් කොළඹ හරහා නැවත මාර්ගගත කිරීමෙන් සුළු සහනයක් ලැබුණද, සමස්ත බලපෑම දැඩි විය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී විපුල් මිස්රා පවසා ඇත්තේ ඉහළ ගිය බොර තෙල් මිල හේතුවෙන් පිරිපහදු ආයතන පෙට්‍රල් හා ඩීසල් නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දෙන බැවින් ගුවන් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව අඩු වී මිල තවදුරටත් ඉහළ යන බවය. අර්බුදයෙන් සිදු වූ පාඩු පිළිබඳ වෙනම ඇගයීමක් සකස් කර ඇති බවද ඔහු පැවසීය.

රජයේ මැදිහත්වීම

මෙම තත්ත්වය හමුවේ රජය විසින් අඛණ්ඩ සහයෝගය ලබා දී ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 175ක සහතික බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසු ඩොලර් මිලියන 126.5ක ප්‍රතිව්‍යූහගත වටිනාකම 2026 මාර්තු 20 වන දින සිට රජයේ ණය තොගයට පවරා ගන්නා ලදී. තවද, කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් මිලියන 30ක මුදලක් ලබා දී ඇති අතර, තෝරාගත් ලංකා බැංකු හා මහජන බැංකු ණය වාරික ගෙවීමටද රජය සහයෝගය දක්වා ඇත.

දිගුකාලීන විසඳුමක් සඳහා 2026 ජුනි මාසයේදී කැබිනට් අනුමැතිය යටතේ විශේෂ උපායමාර්ගික සමාලෝචන හා ප්‍රතිව්‍යූහගත කිරීමේ කමිටුවක් පත් කරන ලදී. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ඩිජිටල් ආර්ථිකය) ආචාර්ය හාන්ස් විජයසූරියගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද මෙම කමිටුවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ඩෙෂාල් ද මෙල්, දුමිත් ප්‍රනාන්දු ඇතුළු විශේෂඥයින් ඇතුළත් වේ. ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ගනුදෙනු උපදේශක ලෙස කටයුතු කරයි. කමිටුවේ ප්‍රධාන අරමුණ වන්නේ රාජ්‍යය මත දිගුකාලීන මූල්‍ය බර අඩු කරමින් මූල්‍යමය වශයෙන් තිරසාර හා වාණිජමය වශයෙන් කාර්යක්ෂම ජාතික ගුවන් සේවයක් ගොඩනැගීමය.

මෙම වාර්තාවෙන් පැහැදිලි වන්නේ ගෝලීය භූ දේශපාලනික කැළඹීම් හා ඉන්ධන මිල කම්පන ජාතික ගුවන් සේවයේ දැනටමත් පැවති ව්‍යූහාත්මක දුර්වලතා තවදුරටත් උග්‍ර කර ඇති බවය. රජයේ අඛණ්ඩ සහයෝගය හා ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රයත්න මගින් මෙම අර්බුදය පාලනය කිරීමේ හැකියාව පිළිබඳව ඉදිරි මාසවලදී වැඩි අවධානයක් යොමු වනු ඇත.