World · Sri Lanka Bureau
යුරෝපයේ වයස්ගතම රාජ්‍ය නායකයා... වසර 35ක රාජ්‍ය කාලයෙන් පසු නෝර්වේ රජු V හැරල්ඩ් අභාවප්‍රාප්ත වෙයි...
නෝර්වේ රාජකීය මාළිගය ගැඹුරු ශෝකයෙන් යතුව නිවේදනයක් නිකුත් කර ඇත. ඉන් කියැවුනේ පුරා වසර 35ක් තම ජාතියට මහත් වූ අභිමානයක් ගෙනෙමින් රාජ්‍යයේ ඓතිහාසික සංකේතය ලෙස රාජ්‍ය විචාරන ලද හැරල්ඩ් V හැරල්ඩ් මහ රජු අභාවප්‍රාප්ත වූ බවය.
LSN Sri Lanka ·

නෝර්වේ රාජකීය මාළිගය ගැඹුරු ශෝකයෙන් යතුව නිවේදනයක් නිකුත් කර ඇත. ඉන් කියැවුනේ පුරා වසර 35ක් තම ජාතියට මහත් වූ අභිමානයක් ගෙනෙමින් රාජ්‍යයේ ඓතිහාසික සංකේතය ලෙස රාජ්‍ය විචාරන ලද හැරල්ඩ් V හැරල්ඩ් මහ රජු අභාවප්‍රාප්ත වූ බවය.

අද ( අගෝස්තු 28 වැනි සිකුරාදා) නෝර්වේ වේලාවෙන් පෙරවරු 6.35ට (ශ්‍රී ලංකා වේලාවෙන් 10.05) ඔස්ලෝ විශ්වවිද්‍යාල රෝහලේ රික්ෂොස්පිටලෙට්හිදී සන්සුන්ව අභාවප්‍රාප්ත වූ බව නෝර්වේ රාජකීය මාලිගාව නිවේදනය කළේය. ඔහු මිය යන විට 89 වැනි වියේ පසුවිය. රජුගේ අභාවයත් සමඟ රාජකීය මාළිගයේ වහලය මත රාජකීය කොඩිය අඩකුඹු කර ඇත.

ඔහුගේ අවසන් පැය 24 තුළ රැජින සොන්ජා, ඔටුන්න හිමි කුමරු හාකොන්, කිරුළ හිමි කුමරිය මෙටෙ-මාරිට් සහ දරුවන් ඇතුළු පවුලේ සියලු සාමාජිකයන් රෝහලේ ඇඳ අසලට පැමිණ සිටියහ. අභාවප්‍රාප්ත රජුට ගෞරව පිණිස ඔස්ලෝ රාජකීය මාළිගය ඉදිරිපිට විශාල ජනතාවක් එක් රොක් වී මේ වනවිට මල්, ඉටිපන්දම් සහ සටහන් තබමින් සිටිති.

නෝර්වේ අගමැති ජෝනාස් ගාර් ස්ටෝරේ ප්‍රකාශ කළේ රජුගේ අභාවය පිළිබඳ ප්‍රවෘත්තිය තමා ඇතුළු සමස්ත ජාතිය වෙතම ලැබුණේ ගැඹුරු ශෝකයෙන් බවය. අගමැතිවරයා රජුගේ මරණය පිළිබඳ පළමුව දැනුම් දුන් පිරිස අතර විය.

නෝර්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජු මිය යන මොහොතේම ඔටුන්න හිමි කුමරු රජු බවට පත්වන බැවින්, නව රජු ලෙස හාකොන් (පෙර ඔටුන්න හිමි කුමරු) විසින් අද උදෑසන 11.30ට මාළිගයේ විශේෂ රජයේ රැස්වීමක් කැඳවා තිබේ.

අවසන් රෝහල්ගතවීම

හැරල්ඩ් රජු අගෝස්තු 17 වැනිදා රික්ෂොස්පිටලෙට් රෝහලට ඇතුළත් කෙරුණේ 'හීමොලිටික් ඇනීමියා' (Hemolytic Anemia) නම් දුර්ලභ රුධිර රෝගයට ලබාදුන් කෝටිසෝන් ප්‍රතිකාර හේතුවෙන් ශරීරයේ දියර රැඳීම නිසාවෙනි. පසුව ඔහුගේ රුධිරයේ බැක්ටීරියා ආසාදනයක් ද හඳුනා ගැනිණි. අගෝස්තු 27 වැනි බ්‍රහස්පතින්දා මාළිගය නිවේදනය කළේ රජුගේ තත්ත්වය "අතිශය බරපතල" බවය. මියයන විට ඔහු යුරෝපයේ සිටි වයසින් වැඩිම රාජ්‍ය නායකයා විය.

2024 වසරේදී මැලේසියාවේ නිවාඩුවක් ගත කරමින් සිටියදී අසනීප වූ රජුට ස්ථිර හෘද ස්පන්දන යන්ත්‍රයක් (Pacemaker) සවිකර ගැනීමට සිදුවූ අතර, ඉන්පසු වයස සැලකිල්ලට ගනිමින් රාජකීය රාජකාරි ප්‍රමාණය ස්ථිරවම අඩු කරන ලදී. එහෙත්, පාර්ලිමේන්තුව ඉදිරියේ දිවුරුම් දුන්නේ ජීවිත කාලයටම බැඳුණු දිවුරුමකින් බැවින් තමා කිසිදා රාජ්‍යත්වයෙන් ඉවත් නොවන බව ඔහු හැමවිටම අවධාරණය කළේය.

කවුද මේ V වැනි හැරල්ඩ්?

හැරල්ඩ් 1937 පෙබරවාරි 21 වැනිදා ඔස්ලෝ අසල ස්කෝගම් රාජකීය නිවසේදී උපත ලැබීය. ඔහුගේ පියා V වැනි ඕලාව් රජු වූ අතර මව කිරුළු කුමරිය මාර්තාය. 1991 ජනවාරි 17 වැනිදා පියාගේ අභාවයෙන් පසු ඔහු නෝර්වේ හි රජු ලෙස කිරුළු පැළඳීය. ඔහු වසර 567කට පසු නෝර්වේ රාජ්‍යය තුළම උපත ලැබූ පළමු රජු වීම විශේෂත්වයකි. ඔහු සිය පියාගේ සහ සීයාගේ ආදර්ශ පාඨය වූ "නෝර්වේ වෙනුවෙන් සියල්ල" (Alt for Norge) යන්න තමාගේද ආදර්ශ පාඨය ලෙස තබා ගත්තේය.

ඔහු 1968දී සාමාන්‍ය පවුලකින් පැමිණි සොන්ජා හැරල්ඩ්සෙන් සමඟ විවාහ වීම එකල දැඩි මතභේදයට තුඩු දුන් නමුත්, පසුව එය නෝර්වේ රාජකීය පවුල නූතනත්වයට ගෙන ආ වැදගත් තීරණයක් ලෙස සැලකිණි. ඔවුන්ට දරුවන් දෙදෙනෙකි: ඒ මාර්තා ලුවීස් කුමරිය (1971) සහ දැන් නෝර්වේ හි රජු වන හාකොන් (1973 ජූලි 20) ය.

හැරල්ඩ් රජු දක්ෂ යාත්‍රා ක්‍රීඩකයෙකු ලෙස ඔලිම්පික් තරගාවලි තුනකට සහභාගී වී ඇත. 2011 ජූලි 22 වැනිදා ඔස්ලෝ සහ උටෝයා දූපතේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාතිය ඇමතූ ඔහු, "නිදහස බියට වඩා බලවත් යැයි මම තදින් විශ්වාස කරමි" යනුවෙන් පවසමින්, බියට යට නොවී එකිනෙකාට සහාය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. NRK සමීක්ෂණවලට අනුව නෝර්වේ ජනතාව අතර ඔහුගේ ජනප්‍රියත්වය සැමවිටම ඉහළ මට්ටමක පැවතිණි.

පවුලේ අභියෝග සහ අනුප්‍රාප්තිය

2026 වසර නෝර්වේ රාජකීය පවුලට අභියෝගාත්මක වසරක් විය. කිරුළු හිම කුමරිය මෙටෙ-මාරිට් පෙනහළු බද්ධ කිරීමේ සැත්කමකට භාජනය වූයේ ජූනි මාසයේදීය. ඇයගේ පළමු විවාහයේ පුත් මාරියස් බෝර්ග් හොයිබි ජූනි 15 වැනිදා දූෂණ චෝදනා දෙකක් ඇතුළු චෝදනා 34කට වරදකරු වී වසර හතරක සිර දඬුවමකට යටත් වූ අතර, ඔහු ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

මීට අමතරව, ඇමෙරිකානු ලිංගික අපරාධකරු ජෙෆ්රි එප්ස්ටීන් සමඟ 2011-2014 අතර කාලයේ පැවැත්වූ සබඳතා පිළිබඳ ලේඛන ප්‍රකාශයට පත් වීමෙන් පසු කිරුළු හිමි කුමරිය තමා රැවටීමට ලක්වූ බව පවසමින් ප්‍රසිද්ධියේ කණගාටුව පළ කළාය.

කෙසේ වෙතත්, මේ වන විට නෝර්වේ රාජ්‍යත්වයේ අනුප්‍රාප්තිය ඉතා පැහැදිලිය. හාකොන් රජු ලෙස පත්වන අතර ඔහුගේ බිරිඳ මෙටෙ-මාරිට් රැජින බවට පත්වේ. ඔවුන්ගේ දියණිය වන ඉන්ග්‍රිඩ් ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය (2004) දැන් ඔටුන්න හිමි කුමරියයි. නව රජු වන හාකොන් නුදුරේදීම ස්ටෝර්ටිං (පාර්ලිමේන්තුව) ඉදිරියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිය පාලනය දියත් කරන බවට දිවුරුම් දීමට නියමිතය.

නෝර්වේහි සම්ප්‍රදායිකව කිරුළු පැළඳීමේ උත්සවයක් පැවැත්වෙන්නේ නැති අතර, නිදාරෝස් ආසන දෙව්මැදුරේදී විශේෂ ආශීර්වාද උත්සවයක් පැවැත්වීමට ඉඩ ඇත. අවමංගල්‍ය උත්සවය ඔස්ලෝ ආසන දෙව්මැදුරේදී පැවැත්වීමට නියමිත අතර, දේහය ඇකර්ෂුස් බලකොටුවේ පිහිටි රාජකීය සොහොන් ගැබෙහි තැන්පත් කෙරෙනු ඇත.

V වැනි හැරල්ඩ් රජු නෝර්වේ ජනතාවට දැඩි ලෙස ආදරය කළ, සරල සහ ජාතිය එකමුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙකු ලෙස ඉතිහාසයට එක්වේ. අවමංගල්‍යය සහ දිවුරුම් දීමේ උත්සවය පිළිබඳ නිල වැඩසටහන ඉදිරි දිනවලදී මාළිගය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.