LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට ලකුණු 37ක ජයක් !

ලකුණු 306ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු අකාලේ බිඳ වැටිණි. නියමිත වේලාවට කඩලු දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම පාලනය කිරීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. පාකිස්තාන නායක ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 55කට කඩලු 3ක් දවාගත් අතර, නසීම් ෂා සහ හැරිස් රවුෆ් ද තීරණාත්මක කඩලු දවාගැනීමට සමත් වූහ. ප්‍රතිඵලය ලකුණු 37ක පරාජයක් ශ්‍රි ලංකා කණ්ඩායමට හිමි විමය.

LSN Sri Lanka · 18 October 2026

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට ලකුණු 37ක ජයක් !

පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තෙකොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉරිදා රාවල්පින්ඩි හිදී පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 37කින් පරාජය කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්ම පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 49.5කදී සියලු දෙනා දැවී ලකුණු 305ක් රැස් කළේය. ලකුණු 306ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 48.1කදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 268ක් පමණි.

පාකිස්තාන ඉනිම

පාකිස්තාන ඉනිම මන්දගාමී ආරම්භයක් ලබාගත්තේය. ආරම්භක කඩලු කිහිපයක්ම ඉක්මනින් බිඳ වැටිණි. ඕවර 22ක් අවසානයේ ඔවුන් කඩලු 4කට ලකුණු 118ක් ලබා සිටියේය.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සල්මාන් ආගා පන්දු 90කදී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 107ක් රැස් කළේය. ඔහු හසන් නවාස් සහ අරෆාත් මින්හාස් සමග සාර්ථක සබඳතා ගොඩනැගීමට සමත් විය. මීට අමතරව බාබර් අසාම් ලකුණු 45ක් සහ මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ කඩලු රකින ක්‍රීඩක සාද් බෙයිග් ලකුණු 39ක් ලබාගත්හ.

අවසාන ඕවරවලදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළද පාකිස්තානය ලකුණු 305ක ප්‍රබල මට්ටමකට පිවිසියේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එෂාන් මාලිංග ලකුණු 46කට කඩලු 4ක් සහ අසිත ප්‍රනාන්දු ලකුණු 59කට කඩලු 3ක් බිඳහෙලූහ.

ශ්‍රී ලංකා ඉනිම

ලකුණු 306ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු අකාලේ බිඳ වැටිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පවන් රත්නායක පන්දු 74කදී ලකුණු 79ක් රැස් කළේය. ජනිත් ලියනගේ ලකුණු 60ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක්ද ලබා ගත්හ. ඉනිම අවසානයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු කිහිපයකදී ලකුණු 28ක් රැස් කළේය.

නියමිත වේලාවට කඩලු දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම පාලනය කිරීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. පාකිස්තාන නායක ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 55කට කඩලු 3ක් දවාගත් අතර, නසීම් ෂා සහ හැරිස් රවුෆ් ද තීරණාත්මක කඩලු දවාගැනීමට සමත් වූහ. ප්‍රතිඵලය ලකුණු 37ක පරාජයක් ශ්‍රි ලංකා කණ්ඩායමට හිමි විමය.

විශිෂ්ට ශතකයක් ලබාගත් සල්මාන් ආගා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.