LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

දකුණු ආසියා පා පන්දු ශූරතාවය - බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව ගෝල 4–0කින් බිහිසුණු ලෙස පරදි...

ශ්‍රී ලංකා පාපන්දුව මේ තරගාවලියේ දී අනාවරණය කරගත් පැහැදිලිම දත්තය නම් ලෝක පාපන්දු ක්‍රීඩාව ඉදිරියේ අප ඉන්නා තැන ගැන සැබෑම තක්සේරුවය. දැන් කළ යුත්තේ බැරි ෆුට්බෝල් ගහන්නට ගොස් තරගාවලියේ විනිශ්චය ප්‍රශ්න කිරීම නොව, ප්‍රතිවාදී ගෝලය ඉදිරිපිට අසරණ වන තමන්ගේ මොන්ටිසෝරි ක්‍රීඩා රටාව වෙනස් කරගැනීමය. අපට හිතෙන විදිහට ප්‍රධාන පුහුණුකරුගේ වගකිම එයය.

LSN Sri Lanka · 11 November 2026

දකුණු ආසියා පා පන්දු ශූරතාවය - බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව ගෝල 4–0කින් බිහිසුණු ලෙස පරදි...

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාවේ ගමන අද (11) බංග්ලාදේශයේ ඩකා නුවරදී අවසන් වූයේය. ඒ සත්කාරක බංග්ලාදේශය හමුවේ ගෝල 4–0ක අතිශය බිහිසුණු පරාජයක් ලබමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අබ්දුල්ලා අල් මුටයිරි තරග සංවිධායකයන්ගේ පක්ෂපාතීත්වය පිළිබඳ බරපතළ චෝදනා එල්ල කර තිබූ පසුබිමක මෙම තරගය පැවැත්විණි. එහෙත් පිටියේදී දක්නට ලැබුණේ ශ්‍රී ලංකාවට වඩා ප්‍රහාර සැලසුම් කිරීමෙන්, පන්දුව පාලනයෙන් සහ ලැබුණු අවස්ථා ගෝල බවට පරිවර්තනය කිරීමෙන් ඉහළ වෘත්තීය ක්‍රිඩා විලාශයක් පෙන්වන බංග්ලාදේශය කණ්ඩායමය. පුහුණුකරුගේ චෝදනාත් විලි ලජ්ජාවට පත් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ බැරිකම ඉදිරියෙන් තිබුණේය. අවසාන ප්‍රතිඵලය කට උත්තරත් නැති වෙන්නට පරාද වීමය.

පළමු අර්ධයේදීම තරගය බංග්ලාදේශය අතට

තරගයේ අටවැනි මිනිත්තුවේදී ෂමිත් ෂෝම් බංග්ලාදේශය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේය. ශ්‍රී ලංකා ගෝල රකින්නා වූ සුජාන් පෙරේරාට හම්සා චෞද්රි එල්ල කළ පන්දුව නිසි රැක ගැනීමට නොහැකි විය. පන්දුව නැවතුනේ ගෝල කනු අතරින් දැල තුළය.

43 වැනි මිනිත්තුවේදී හම්සා චෞද්රි ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ අභිබවා දෙවැනි ගෝලය වාර්තා කළේය. ඒ අනුව පළමු අර්ධය අවසන් වූයේ බංග්ලාදේශය ගෝල 2–0ක් ලෙස ඉදිරියෙන් සිටියදීය.

දෙවැනි අර්ධයේ 53 වැනි මිනිත්තුවේදී ෆර්හාන් අලි වාහිද් තවත් ගෝලයක් වාර්තා කළේ ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩකයන් තිදෙනකු අභිබවා යමිනි. අවසන් භාගයේදී රකීබ් හොසේන් සිව්වැනි ගෝලය වාර්තා කළේය.

මෙම ජයග්‍රහණයත් සමඟ බංග්ලාදේශය සිය කාණ්ඩයේ පෙරමුණ ගෙන අවසන් පූර්ව වටයට පිවිසියේය. ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් වූ අතර භූතානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකාවට ගෝලයක් එල්ල කිරීමටවත් නොහැකි වීම

මුලු තරගය පුරාම දුටුවේ දුක හිතන මට්ටමේ ඇති අපේ ෆුට්බොල් බැරිකමය. පා පන්දු ක්‍රිඩාව ලෝකයේ තිබෙන තැන ගැන බැලූ විට මේ ක්‍රීඩාව සඳහා අප තවමත් ඉන්නේ අහස්ගව්වක් ඈතින් බව හැම මොහොතකම පෙනුනේය.

ලෝක ශ්‍රේණිගතකිරිම්වල රාජ්‍ය 211ක කණ්ඩායම් ඉන්නේය. ඒ 211 අතර අප ඉන්නේ 184 වැනියාටය. බංගලාදේශය 182ය. අපට ස්ථාන දෙක්ක පමණක් ඉහළින්ය. අප 4-0 ලෙස පරදින්නේ ඒ රටටය.

අද තරගය

අද තරගයේ විශ්ලේෂණය දී ප්‍රහාරයන් දියත් කළ ආකාරය විමසීමේ දී ශ්‍රී ලංකාවේ දුර්වලතාව පැහැදිලි වන්නේය.

බංග්ලාදේශය ගෝලය ඉලක්ක කරමින් ප්‍රහාර 10ක් එල්ල කර තිබිණි. විශේෂත්වය වන්නේ ඉන් 04ක් ගෝලය බිඳගෙන යෑමය. ශ්‍රී ලංකාවට මුලු තරගය පුරාම ගෝලය දෙසට එල්ල කළ හැකි වූයේ ප්‍රහාර තුනක් පමණි. එම ප්‍රහාර තුනෙන් එකක්වත් ගෝල රාමුව තුළට යොමු නොවීය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ප්‍රතිවාදී ආරක්ෂක පෙළ බිඳ දැමීමට නොහැකි වීම පරාජයේ කැපී පෙනෙන ලක්ෂණයක් විනි. බංග්ලාදේශය දකුණු පසින් ප්‍රහාර ගොඩනැගූ අතර ශ්‍රී ලංකාවට එම පීඩනය පාලනය කරගැනීම අපහසු විය.

තරගයේ 38 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාවට ගෝලයක් ලබාගැනීමට අවස්ථාවක් උදා වුවද, ගෝලය ඉදිරිපිටට යොමු කළ පන්දුව ගෝලයක් බවට පරිවර්තනය කිරිමට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයක් නොවීය.

මෙය තනි ක්‍රීඩකයකුගේ දුර්වලතාවකට සීමා කළ නොහැකි සාමුහික බැරිකම පිළිබඳ කතාවක් බව කිව යුතුය. ප්‍රහාර ගොඩනැගීම, අවසන් පන්දුව නිවැරදිව යොමු කිරීම සහ ගෝලය ඉදිරිපිට තීරණ ගැනීම යන අංශවල ශ්‍රී ලංකා කණ්ඩායම හිටියේ ලදරුවන්ගේ මට්ටමේය. අවසානයේ අපට ෆුට් බෝල් බැරි බව ලෝකය ඉදිරියේ තහවුරු වූයේය.

පුහුණුකරුගේ බරපතළ චෝදනාව

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු අබ්දුල්ලා අල් මුටයිරි තරග සංවිධායකයන්ට දැඩි විවේචනයක් එල්ල කර තිබුණ පසුබිමක මේ බිහිසුණු පරාජය වීම එක අතකින් දෛවෝපගතය. හතර අතේ අම්මා මූ නැතිව බනින්නට පෙර පුහුණුකරුත් ජොබ් එක හරියට කළා නම් අපූරු බව අද තරගය දුටුවිට අපට හිතුනේය.

ශ්‍රී ලංකා පුහුණුකරු අබ්දුල්ලාගේ චෝදනා එල්ල වන්නේ නොවැම්බර් 8 වැනිදා භූතානය සමඟ පැවති තරගය ගෝල 2–2ක් ලෙස අවසන් වීමෙන් අනතුරුවය.

ඔහු චෝදනා කළේ එම තරගයේ විනිසුරු තීරණ කිහිපයක් ශ්‍රී ලංකාවට අවාසිදායක වූ බවය. ශ්‍රී ලංකාවට හිමිවිය යුතු දඬුවම් පහරක් ලබා නොදුන් බවත්, භූතානයේ දෙවැනි ගෝලය නීතිවිරෝධී ස්ථානයක සිට වාර්තා කළ එකක් විය හැකි බවත් ඔහු පැවසීය.

විනිසුරු තීරණ නැවත වීඩියෝ මඟින් පරීක්ෂා කිරීමේ පහසුකම මූලික වටයේ සිටම යොදාගත යුතු බව ඔහුගේ ඉල්ලීම විය. ඒ සඳහා යන පිරිවැය දරාගත හැකි නම් මෙවැනි තරග සංවිධානය නොකරන ලෙස ඔහු යෝජනා කළේය.

ඔහුගේ වඩාත් ආන්දෝලනාත්මක ප්‍රකාශය වූයේ තරගාවලියේ වාණිජ ප්‍රතිලාභ වෙනුවෙන් ඉන්දියාව සහ බංග්ලාදේශය අවසන් මහා තරගයට ගෙන ඒම සංවිධායකයන්ගේ අරමුණක් ඇතැයි පෙනෙන බවය. එසේනම්, සෙසු කණ්ඩායම්වල කාලය නාස්ති නොකර එම කණ්ඩායම් දෙක අතර පමණක් තරගයක් පැවැත්විය යුතු බව ඔහු කීවේය.

කෙසේ වෙතත් අද තරගය අවසානයේ දි කෝච් ගේ චෝදනාවලට බංගලාදේශය විසින් ලංකාවට කට උත්තර නැති වෙන උත්තරයක් දුන්නේය. ඔවුන් පෙන්වා දුන්නේ අවසන් මහා තරගයකට සහභාගී වීම සඳහා තමන්ට ඇති අනුලංඝනීය සුදුසුකමය.

තරගාවලියේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් විවේචන තිබිණු බව සැබෑය. බංග්ලාදේශයේ ද ඩේලි ස්ටාර් පුවත්පත නොවැම්බර් 5 වැනිදා වාර්තා කළේ ප්‍රවේශපත්‍ර මිල, කණ්ඩායම් ප්‍රවාහනය, නවාතැන් සහ තරගාවලියේ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් සංවිධාකයින් අවිධිමත් ලෙස කටයුතු කර ඇති බවය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඩකා ගුවන්තොටුපොළේදී සංවිධාන දුර්වලතා හේතුවෙන් පැය තුනකට වැඩි කාලයක් රැඳී සිටීමට සිදුවූ බවද එම වාර්තාව සඳහන් කළේය. එය වෙනම කතාවකි. එහෙත් ශ්‍රි ලංකා පුහුණුකරු දැක්වූ විනිසුරු තීරණවල දුර්වලතාවය ඇතුළු මේ තරගාවලිය පිළිබඳවූ චෝදනාව අද තරගය පැරදුන ආකාරයෙන් රෙදි පල්ලේ වැක්කෙරුනේය.

ශ්‍රී ලංකා පාපන්දුව මේ තරගාවලියේ දී අනාවරණය කරගත් පැහැදිලිම දත්තය නම් ලෝක පාපන්දු ක්‍රීඩාව ඉදිරියේ අප ඉන්නා තැන ගැන සැබෑම තක්සේරුවය. දැන් කළ යුත්තේ බැරි ෆුට්බෝල් ගහන්නට ගොස් තරගාවලියේ විනිශ්චය ප්‍රශ්න කිරීම නොව, ප්‍රතිවාදී ගෝලය ඉදිරිපිට අසරණ වන තමන්ගේ මොන්ටිසෝරි ක්‍රීඩා රටාව වෙනස් කරගැනීමය. අපට හිතෙන විදිහට ප්‍රධාන පුහුණුකරුගේ වගකිම එයය.