LSN News › Sri Lanka

එයාර්බස් ගනුදෙනුව: අද නිකවැරටියේදී පී. බී. ජයසුන්දරගෙන් පැය 4ක ප්‍රකාශයක් !

කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිකවැරටියේ පෞද්ගලික නිවස වෙත ගොස් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති අතර, ඒ සඳහා පැය හතරකට ආසන්න කාලයක් ගතවී ඇති බව කොමිසම සඳහන් කරයි. ගනුදෙනුවට අදාළ තීරණ, අනුමැති සහ මුදල් අමාත්‍යාංශයේ කාර්යභාරය පිළිබඳ කරුණු මෙහිදී විමසා ඇති බව වාර්තා වේ.

LSN Sri Lanka · 1 October 2026

එයාර්බස් ගනුදෙනුව: අද නිකවැරටියේදී පී. බී. ජයසුන්දරගෙන් පැය 4ක ප්‍රකාශයක් !

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ 2013 එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) හිටපු ජනාධිපති ලේකම්වරයෙකු සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන ආචාර්ය පී. බී. ජයසුන්දර ගෙන් අද (ඔක්තෝබර් 01) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිකවැරටියේ පෞද්ගලික නිවස වෙත ගොස් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති අතර, ඒ සඳහා පැය හතරකට ආසන්න කාලයක් ගතවී ඇති බව කොමිසම සඳහන් කරයි. ගනුදෙනුවට අදාළ තීරණ, අනුමැති සහ මුදල් අමාත්‍යාංශයේ කාර්යභාරය පිළිබඳ කරුණු මෙහිදී විමසා ඇති බව වාර්තා වේ.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනා ඇතුළු කරුණු පිළිබඳව අල්ලස් කොමිසම මේ වන විට විමර්ශන සිදුකරමින් පවතී. මීට අදාළව මීට පෙරත් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.

2013දී ශ්‍රීලන්කන් ගුවන් සේවය Airbus A330 සහ A350 යානා මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 2ක පමණ අල්ලස් ගෙවීමක් සිදුවූ බවට ජාත්‍යන්තර විමර්ශනවලින් හෙළිවීමෙන් පසු මෙම ගොනුව යළි උණුසුම් විය.

හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මාර්තු මාසයේ අත්අඩංගුවට ගැනුණු අතර, පසුව මැයි මාසයේදී ඔහු මියගියේය. අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ චන්ද්‍රසේන විසින් රුපියල් මිලියන 60ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටත්, රුපියල් මිලියන 20ක් හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නටත් ලබාදුන් බවට ප්‍රකාශයක් ලබාදී ඇති බවය.

එම ප්‍රකාශය බලපෑම් යටතේ ලබාගත් බවට චන්ද්‍රසේනගේ පාර්ශ්වය පසුව චෝදනා කළේය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිවද මෙම ගනුදෙනුවට සම්බන්ධ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ නඩු පවතී. විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය.