වාහන යෝග්යතා පරීක්ෂාව අනිවාර්ය කෙරෙන නව නීති පැනවීමට රජයේ අවධානය: අකුරණදී පුද්ගලයින් 4ක් බලිගත් දරුණු අනතුරෙන් පසු තීරණය කෙරේ!
වාහන ධාවනයට පෙර එහි තිරිංග, සංඥා, පහන් ඇතුළු යාන්ත්රික හා ආරක්ෂක පද්ධති නිසියාකාරව ක්රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීම රියදුරන්ගේ වගකීමක් බව පෙන්වා දෙන පොලීසිය, මෙවැනි රිය අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම නව යෝග්යතා පරීක්ෂණ නීති කඩිනමින් බලාත්මක කරන බව අවධාරණය කරයි.
LSN Sri Lanka ·

මාස තුනකට වරක් හෝ කිලෝමීටර් 5000ක ධාවනයෙන් පසුව වාහනවල යෝග්යතාව (Fitness Certificate) පරීක්ෂා කිරීම අනිවාර්ය කෙරෙන නව නීති රීති පද්ධතියක් ඉදිරියේදී හඳුන්වා දීමට රජය සහ පොලීසිය පියවර ගනිමින් සිටී. අද (19) පෙරවරුවේ මහනුවර - යාපනය ඒ9 ප්රධාන මාර්ගයේ අකුරණ ප්රදේශයේදී සිදු වූ දරුණු මාර්ග අනතුරත් සමගින් මෙම තීරණය කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇත.

වාහන ධාවනයට පෙර එහි තිරිංග, සංඥා, පහන් ඇතුළු යාන්ත්රික හා ආරක්ෂක පද්ධති නිසියාකාරව ක්රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීම රියදුරන්ගේ වගකීමක් බව පෙන්වා දෙන පොලීසිය, මෙවැනි රිය අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම නව යෝග්යතා පරීක්ෂණ නීති කඩිනමින් බලාත්මක කරන බව අවධාරණය කරයි.

අද පෙරවරු 10:40ට පමණ අකුරණ, කුරුගොඩ, 7 වන කණුව ප්රදේශයේදී මෙම ඛේදනීය අනතුර සිදු විය. අලවතුගොඩ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ සිමෙන්ති මිශ්රණය රැගත් බවුසර් රථයක තිරිංග අක්රිය වීමෙන් පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් ගිය ලොරි රථයක ගැටී ඇත. පසුව එය තවත් ලොරි රථයක්, ත්රිරෝද රථ 4ක් සහ යතුරුපැදි 2ක් ඇතුළු වාහන 8ක් අනතුරට ලක් කරමින් අඩි 40ක පමණ ප්රපාතයකට පෙරළී ගොස් තිබේ.

CCTV කැමරා දර්ශනවල සටහන්ව ඇති අන්දමට, බවුසර් රථයට යතුරුපැදියක් යටවී මීටර් 160ක් පමණ දුරට ඇදී ගොස් ඇති අතර, අනතුරෙන් පසු විදුලි ත්රාන්ස්ෆෝමරයක ගැටීමෙන් ගින්නක් ද හටගෙන ඇත.

මෙම අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පස්දෙනෙකු බරපතල තුවාල ලැබීය. මියගිය අයගේ සිරුරු අකුරණ ප්රදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, තුවාලකරුවන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තුවාල ලැබූවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතල බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය ප්රකාශ කළේ රියදුරු බීමත්ව සිට නැති බවත්, තිරිංග පද්ධතියේ ඇතිවූ කාර්මික දෝෂයක් අනතුරට හේතුවූ බවට රියදුරු ප්රකාශ කර ඇති බවත්ය. සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ පරීක්ෂක සහ රසපරීක්ෂක වාර්තා කැඳවීමට කටයුතු යොදා ඇත.