සිංහරාජයේ කෘමීන් හා උරගයින් එකතු කළ චීන ජාතිකයින් 4ක් අත්අඩංගුවට: 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
සිංහරාජ ප්‍රේරක කලාපයෙන් මෙරටට ආවේණික කෘමීන් හා උරගයින් 250කට අධික සංඛ්‍යාවක් එකතු කළ චීන ජාතිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
LSN Sri Lanka ·

සිංහරාජ වනාන්තරයට අයත් ප්‍රේරක කලාපයේ දී මෙරටට ආවේණික කෘමීන් සහ උරගයින් එකතු කරමින් සිටි චීන ජාතිකයින් සිව්දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ එක් කාන්තාවකි.

සැකකරුවන් සන්තකයේ තිබී සත්ව විශේෂ 40කට ආසන්න ප්‍රමාණයකට අයත් සතුන් 250කට අධික ප්‍රමාණයක් වනජීවී භාරයට ගෙන ඇත.

සැකකරුවන් ඇතුළු නඩු භාණ්ඩ 09 වැනිදා කලවාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුවන් සන්තකයේ තිබූ ජීවී සහ අජීවී සතුන් හඳුනාගැනීම සඳහා 10 වැනිදා ජාතික කෞතුකාගාරය වෙත යොමු කරන ලෙසත්, ඉන් අනතුරුව ස්වාභාවික පරිසරයට නිදහස් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙම සැකකරුවන් මීට පෙර ද කිහිප වරක් ලංකාවට පැමිණ ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

මීට දින කිහිපයකට පෙර ද බැබව උද්දරකන්ද ප්‍රදේශයේ වන සංරක්ෂිත කලාපයේ දී මෙවැනිම ජාන මංකොල්ලයක නිරත වූ විදේශිකයින් පිරිසකට අධිකරණය විසින් රුපියල් කෝටියකට අධික දඩ මුදලක් නියම කරනු ලැබීය.

මෙම වැටලීම පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ත්ව අඩවි ආරක්ෂක කේ.ඩී.එන්. මුතුකැළුම්ගේ මූලිකත්වයෙන්, වනසත්ත්ව අඩවි ආරක්ෂක බුද්ධික ලක්ෂාන්, වනසත්ත්ව අඩවි සහකාර එස්.ටී. රුවන් කුමාර, වන සත්ත්ව නියාමකයින් වන එස්.එච්.ඩී. මදුරංග, ඩබ්.එස්.එල්. විජේසිංහ, වනසත්ත්ව නියාමක නිලූකා කුමාරි, ක්ෂේත්‍ර සහයකයින් වන එන්.වී.ආර්. බුද්ධික, කේ.ඩී.එච්. සනත්, සඳුන් ශිවන්ත, රියදුරු නිමල් දසනායක සහ චමිල් ජානක යන නිලධාරීන් විසින් සිදුකර ඇත.