LSN News › Sri Lanka

දේශගුණික බලපෑම් අවම කිරීමේ බහු අදියර ව්‍යාපෘතිය ඉබිගමනේ - වසර 4කට වැය කර ඇත්තේ වෙන් කළ මුදලින් 24.15%ක් පමණයි!

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ සිදු කිරීමට නියමිත ක්‍රියාකාරකම් මෙම වර්ෂයේදී අවසන් කිරීමට සැලසුම් කොට තිබුණද, ව්‍යාපෘතියේ සමස්ත මූල්‍ය ප්‍රගතිය ඉතා පහළ මට්ටමක පවතින බව විගණන වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරයි.

LSN Sri Lanka · 15 November 2026

දේශගුණික බලපෑම් අවම කිරීමේ බහු අදියර ව්‍යාපෘතිය ඉබිගමනේ - වසර 4කට වැය කර ඇත්තේ වෙන් කළ මුදලින් 24.15%ක් පමණයි!

දේශගුණික බලපෑම් අවම කිරීමේ බහු අදියර ව්‍යාපෘතිය ආරම්භ කර වසර හතරක් ගතවී තිබුණද, ඒ සඳහා වෙන්කොට තිබූ මුදලින් වැයකොට ඇත්තේ සියයට 24.15ක ප්‍රමාණයක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

</p>

<p>

2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, ඉකුත් වර්ෂය අවසන් වන විට ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 23,100ක මුදලක් වෙන්කොට තිබුණි. කෙසේ වෙතත්, එම කාලය තුළදී ඉන් වැයකොට ඇත්තේ රුපියල් මිලියන 5,578.33ක මුදලක් පමණක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

</p>

<p>

ලෝක බැංකුව විසින් නිකුත් කරනු ලැබූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සහාය මෙහෙයුම් වාර්තාවට අනුවද ව්‍යාපෘතියේ සමස්ත ක්‍රියාත්මක කිරීමේ කටයුතු ප්‍රමාද වී ඇති බව පෙන්වා දී ඇත.