LSN News › Sri Lanka

ඉදිරි වසර 4 තුළ පාපන්දු ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව කිරීමට FIFA සහ ශ්‍රී ලංකාව අතර දැවැන්ත සැළසුමක්!

මෙහිදී ඉදිරි වසර හතර ඇතුළත ශ්‍රී ලංකාව පුරා පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම, ක්‍රීඩා යටිතල පහසුකම් නැංවීම සහ නැගී එන යොවුන් ක්‍රීඩකයන්ට නිසි මාවතක් සකස් කිරීම අරමුණු කරගත් සිව්වසර සංවර්ධන මාර්ග සිතියම (Roadmap) පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු වී ඇත.

LSN Sri Lanka · 27 October 2026

ඉදිරි වසර 4 තුළ පාපන්දු ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව කිරීමට FIFA සහ ශ්‍රී ලංකාව අතර දැවැන්ත සැළසුමක්!

අසර්බයිජානයේ බාකු නුවරදී අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ (Gianni Infantino) සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් අතර විශේෂ සහ සාර්ථක සාකච්ඡාවක් පවත්වා තිබේ. යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුව සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර්, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියාන්ත ඵකනායක සහ අධි-කාර්යසාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී ප්‍රසන්න ජයලත් යන අය ද සහභාගී වී ඇත.

මෙහිදී ඉදිරි වසර හතර ඇතුළත ශ්‍රී ලංකාව පුරා පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම, ක්‍රීඩා යටිතල පහසුකම් නැංවීම සහ නැගී එන යොවුන් ක්‍රීඩකයන්ට නිසි මාවතක් සකස් කිරීම අරමුණු කරගත් සිව්වසර සංවර්ධන මාර්ග සිතියම (Roadmap) පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු වී ඇත. මෙම වැඩසටහනේ ප්‍රධානතම හා දීර්ඝකාලීන අරමුණ වන්නේ ඉදිරි වසර හතර ඇතුළත පාපන්දු ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව බවට පත්කිරීම බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ මෙම අභිලාෂකාමී සංවර්ධන සැළසුමට පූර්ණ සහයෝගය ලබාදීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සූදානම් බව FIFA සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ මෙහිදී ප්‍රකාශ කර තිබේ.

"යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා සහය දැක්වීම මෙන්ම ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමඟ එකතු වී ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් පිළිබඳව අප මෙහිදී සාකච්ඡා කළා. මේ මනරම් දිවයින තුළ පාපන්දු ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව, කුසලතාව සහ හැකියාවන් සඳහා නිවැරදි අවස්ථා මෙන්ම මංපෙත් උදාකර දීමට හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳව මා ඉතා උද්යෝගිමත් වෙනවා," යැයි ඔහු පවසා ඇත.

එමෙන්ම අසර්බයිජානයේ මේ දිනවල පැවැත්වෙන FIFA වයස අවුරුදු 15න් පහළ ලෝක කුසලාන සහ උළෙල වැනි තරගාවලි මගින් යොවුන් ක්‍රීඩකයන්ට තම රට නියෝජනය කිරීමේ ආඩම්බරය මෙන්ම වටිනා අත්දැකීම් ද ලබාගත හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ජාතික කණ්ඩායම සහ යොවුන් පාපන්දු සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් FIFA ආයතනය ලබාදෙන නොනවතින සහයෝගයට අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සිය ස්තූතිය පිරිනමා ඇති අතර, මෙරට පාපන්දු ක්‍රීඩාවේ වර්ධනය වේගවත් කිරීම සඳහා රජයේ ඇති කැපවීම ද නැවත තහවුරු කර තිබේ.

සාකච්ඡා වූ යෝජිත සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන අංග කිහිපයක් මෙසේය:

ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක ප්‍රතිපාදන: ජාතික කණ්ඩායම, යොවුන් පාපන්දු සංවර්ධනය, කාන්තා පාපන්දු ක්‍රීඩාව, පුහුණුකරුවන් සහ විනිසුරුවරුන්ගේ උන්නතිය වෙනුවෙන් ඉදිරි සිව්වසර තුළ FIFA ආයතනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක පමණ මුදලක් හිමිවීමට නියමිතය. (මෙය FIFA සාමාජික සංගම් වෙත ලබාදෙන ගෝලීය මුල්‍ය ආධාර වැඩසටහනේ කොටසකි)

ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩාංගණයක්: නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීම.

*සෑම දිස්ත්‍රික්කයකටම පාපන්දු ක්‍රීඩාංගණ: ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පාපන්දු ක්‍රීඩාංගණ ඉදිකිරීම ආරම්භ කිරීම.

ලීග මගින් අමතර ක්‍රීඩාංගණ 40ක්: ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අයත් සාමාජික ලීග මගින් 2031 වසර අවසන් වීමට පෙර අමතර පාපන්දු ක්‍රීඩාංගණ 40ක් සංවර්ධනය කිරීම.

ජාතික අධි-කාර්යසාධන මධ්‍යස්ථානය:ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා එක්ව ස්ථාපනය කරන ජාතික අධි-කාර්යසාධන මධ්‍යස්ථානය (National High-Performance Centre) සඳහා තාක්ෂණික උපදෙස් සහ යටිතල පහසුකම් සහය FIFA වෙතින් ලබාදීම.

මෙම සාකච්ඡාව හරහා FIFA ආයතනය, ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අතර ශක්තිමත් සහයෝගිතාවක් ගොඩනැගෙන අතර, එමගින් ක්‍රීඩක සහභාගීත්වය ඉහළ නැංවීම, යටිතල පහසුකම් දියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණු කෙරේ.