ශ්රී ලංකාවේ අවුරුදු 40ට වැඩි ජනගහනයෙන් 1.7%ක් අන්ධභාවයට: ප්රධාන හේතුව ඇසේ සුද බව සමීක්ෂණයකින් හෙළිවේ!
දිවයිනේ පළාත් 9ම නියෝජනය වන පරිදි පුද්ගලයන් 6,800ක් එකතු කරගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ. සෞඛ්ය අමාත්යාංශය, ලෝක සෞඛ්ය සංවිධානය (WHO), අන්ධභාවය වැළැක්වීමේ ජාත්යන්තර ඒජන්සිය (IAPB), ජාත්යන්තර අක්ෂි සෞඛ්ය මධ්යස්ථානය (ICEH) සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) එක්ව මෙම අධ්යයනය මෙහෙයවා ඇත.
LSN Sri Lanka ·

ශ්රී ලංකාවේ වයස අවුරුදු 40ට වැඩි ජනගහනයෙන් සියයට 1.7ක් අන්ධභාවයට පත්ව ඇති අතර, සියයට 15.4ක් විවිධ දෘෂ්ටි දුර්වලතාවලින් පෙළෙන බව ජාත්යන්තර සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි සෞඛ්ය අමාත්යාංශය පවසයි.
</p>
<p>
දිවයිනේ පළාත් 9ම නියෝජනය වන පරිදි පුද්ගලයන් 6,800ක් එකතු කරගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ. සෞඛ්ය අමාත්යාංශය, ලෝක සෞඛ්ය සංවිධානය (WHO), අන්ධභාවය වැළැක්වීමේ ජාත්යන්තර ඒජන්සිය (IAPB), ජාත්යන්තර අක්ෂි සෞඛ්ය මධ්යස්ථානය (ICEH) සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) එක්ව මෙම අධ්යයනය මෙහෙයවා ඇත.
</p>
<p>
සමීක්ෂණ වාර්තාවන්ට අනුව මෙරට අන්ධභාවයට ප්රධානතම හේතුව වී ඇත්තේ ඇසේ සුද (Cataract) තත්ත්වයයි. අන්ධභාවයට පත් වූවන්ගෙන් සියයට 66.7කටම එම තත්ත්වය බලපා ඇත්තේ ඇසේ සුද හේතුවෙනි. මෙයට අමතරව නිවැරදි නොකළ වර්තන දෝෂ ද අන්ධභාවයට තවත් ප්රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබේ.
</p>
<p>
ලෝක මට්ටමින් ගත් කල, පුද්ගලයන් බිලියනයකට ආසන්න සංඛ්යාවකට පෙනීම අහිමි වෙමින් පවතින අතර බිලියන 2.2කට වැඩි පිරිසක් දෘෂ්ටි දුර්වලතාවලින් පෙළෙන බවද වාර්තා වේ. එමෙන්ම ප්රතිකාර නොලැබූ දෘෂ්ටි දුර්වලතා හෝ අන්ධභාවය සහිත පුද්ගලයන්ගෙන් සියයට 90ක්ම ජීවත් වන්නේ අඩු සහ මධ්යම ආදායම් ලබන රටවලය.
</p>
<p>
ගෝලීය වශයෙන් ඇස් කණ්නාඩි අවශ්ය පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකුටම ඒවා ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින අතර, ඇසේ සුද ශල්යකර්ම අවශ්ය පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට තවමත් එම ශල්යකර්මය සිදු කර ගැනීමට නොහැකි වී ඇති බවද මෙම සමීක්ෂණයේදී වැඩිදුරටත් හෙළි වී ඇත.