Sport · Sri Lanka Bureau
බංග්ලාදේශය ලකුණු 40කින් පරදා ඉන්දියාව ආසියානු කුසලාන අවසන් තරගයට!
ඉන්දියා කාන්තා කණ්ඩායම ඊයේ අපරාජිතව අවසන් මහා තරගයට පිවිසුනේය. ඒ බංගලාදේශ කණ්ඩායම ලකුණු 40කින් පහසුවෙන් පරාජය කිරීමෙනි.
LSN Sri Lanka ·

කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (10) පැවති පළමු අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය ලකුණු 40කින් පරාජය කරමින් ඉන්දියාව මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

කාසියේ වාසිය දිනා ගත්තේ බංගලාදේශ කණ්ඩායම විසිනි. බංගලි කාන්තාවෝ පන්දු රැකීම තේරූහ. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 149ක් රැස් කළේය. ඉන්දීය ඉනිමේ ප්‍රධානතම පිතිකාරිනිය වූ ශෆාලි වර්මා පන්දු 40කින් ලකුණු 64ක් රැස් කළාය. ඇයගේ ඉනිම ඉන්දියාව තරගකාරී ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යාමට තීරණාත්මක විය.

කෙසේ වෙතත් ශෆාලි ලබාදුන් උඩපන්දු අවස්ථා තුනක් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් අතින් ගිලිහී ගියේය. සමස්තයක් ලෙස බංග්ලාදේශය අතින් උඩපන්දු හතරක් ගිලිහීම ඔවුන්ට දැඩි අවාසියක් විය.

ඉන්දීය ඉනිමට ප්‍රතිකා රාවල් ලකුණු 20ක් එක් කළ අතර නායිකා හර්මන්ප්‍රීත් කෞර් නොදැවී ලකුණු 24ක් ලබා ගත්තාය. රිචා ඝෝෂ් ලකුණු 21ක් රැස් කරමින් අවසන් පන්දුවාරවලදී ලකුණු වේගය ඉහළ නැංවීමට දායක වූවාය. බංග්ලාදේශය වෙනුවෙන් සුල්තානා ඛාතුන් කඩුලු දෙකක් දවා ගත්තාය.

ලකුණු 150ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 109ක් පමණි.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ ෂෝර්නා අක්තර් පන්දු 18කින් ලකුණු 22ක් රැස් කළාය. දිලාරා අක්තර් ලකුණු 21ක් ලබා ගත්තාය.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දීප්ති ෂර්මා සිය පන්දුවාර හතර තුළ ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්තාය. නන්දනි ෂර්මා ලකුණු 10කට කඩුලු දෙකක් දවා ගනිමින් බංග්ලාදේශ ඉනිම පාලනය කිරීමට සහාය වූවාය.

ඒ අනුව ලකුණු 40ක ජයක් සමඟ ඉන්දියාව කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයට පිවිසියේය. ඉන්දියාව මෙවර තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටීමද විශේෂත්වයකි.

අනෙක් අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද (11) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. එම තරගයේ ජයග්‍රාහී කණ්ඩායම ඉන්දියාව සමඟ සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වෙන අවසන් තරගයට එක්වනු ඇත.

කෙටි ලකුණු සටහන

ඉන්දියාව – 149/6 (පන්දුවාර 20)

ශෆාලි වර්මා 64, හර්මන්ප්‍රීත් කෞර් නොදැවී 24, රිචා ඝෝෂ් 21.

බංග්ලාදේශය – 109/7 (පන්දුවාර 20)

ෂෝර්නා අක්තර් 22, දිලාරා අක්තර් 21.

දීප්ති ෂර්මා 3/26, නන්දනි ෂර්මා 2/10.

තරගයේ ප්‍රතිඵලය – ඉන්දියාවට ලකුණු 40ක ජයක්.