LSN News › Sri Lanka

පොලිස් උසස්වීම්වලට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂේධ වෙයි!

දාළ පෙත්සම් නිශ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ, මෙම උසස්වීම් ලබාදීමේ ක්‍රියාවලියේදී යම් අක්‍රමිකතාවක් සිදු වී ඇති බව තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් කරුණු හෝ තොරතුරු අධිකරණය හමුවේ තැබීමට පෙත්සම්කාර පාර්ශ්වය අපොහොසත් වී ඇති බවය.

LSN Sri Lanka · 19 September 2026

පොලිස් උසස්වීම්වලට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂේධ වෙයි!

පොලිස් සේවයේ විවිධ තරාතිරම්වල නිලධාරීන්ට ලබාදී තිබූ උසස්වීම් අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක් නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.

</p>

<p>

අදාළ කාලසීමාවන් තුළ උසස්වීම් අහිමි වූ පොලිස් නිලධාරීන් 1,050 දෙනෙකු පමණ එකතුව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, සී.ඩී. වික්‍රමරත්න සහ දේශබන්ධු තෙන්නකෝන්ගේ ධුර කාලයන්හිදී, එනම් 2019 සහ 2023 යන වසර අතර කාල සීමාව තුළ ලබාදී තිබූ උසස්වීම් කිහිපයක් මෙලෙස පෙත්සම්කරුවන්ගේ අභියෝගයට ලක්වූයේය.

</p>

<p>

එම පෙත්සම් මගින් ප්‍රධාන වශයෙන් අභියෝගයට ලක්කර තිබුණේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුර දක්වාත්, පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වාත්, සහ උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වාත් ලබාදී තිබූ උසස්වීම් ක්‍රියාවලීන්ය.

</p>

<p>

අදාළ පෙත්සම් නිශ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ, මෙම උසස්වීම් ලබාදීමේ ක්‍රියාවලියේදී යම් අක්‍රමිකතාවක් සිදු වී ඇති බව තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් කරුණු හෝ තොරතුරු අධිකරණය හමුවේ තැබීමට පෙත්සම්කාර පාර්ශ්වය අපොහොසත් වී ඇති බවය.