LSN News › Sri Lanka

හම්බන්තොට විරෝධතා නඩුව: නාමල් රාජපක්ෂ ඇතුළු 41 දෙනෙකුට අධිචෝදනා!

නීතිපතිවරයා විසින් මෙම නඩුවේ පස්වන විත්තිකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර ඇති නමුත් ඔහු අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දුන්නේ විත්තිකරු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත්, ඔහු අද දිනයේ කොළඹ මහාධිකරණය හමුවේ පවතින නඩුවකට පෙනී සිටින බැවින් අද දින මෙම අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවත්ය.

LSN Sri Lanka · 16 November 2026

හම්බන්තොට විරෝධතා නඩුව: නාමල් රාජපක්ෂ ඇතුළු 41 දෙනෙකුට අධිචෝදනා!

හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව 2017 වර්ෂයේදී හම්බන්තොටදී විරෝධතාවක් පවත්වමින් පොදු දේපළවලට හානි සිදුකිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හතළිස් එක් (41) දෙනෙකුට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අද (16) අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකෙරුණි.

මෙහිදී අද (16) දින අධිකරණය හමුවේ විත්තිකරුවන් 34 දෙනෙකු පෙනී සිටි අතර ඔවුන් වෙනුවෙන් අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකෙරුණි.

විත්තිකරුවන්ට අධිචෝදනා භාරදීමෙන් අනතුරුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විත්තිකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් ඔවුන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ. ඒ අනුව කරුණු සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව සියලු විත්තිකරුවන් ඇප මත මුදාහරින ලෙස නියම කළේය.

ඒ අනුව එක් එක් විත්තිකරුවන් රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියම කෙරුණි. මීට අමතරව සියලුම විත්තිකරුවන්ගේ විදෙස් ගමන් ද තහනම් කළ අතර ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙස මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට ද නියම කෙරුණි.

නීතිපතිවරයා විසින් මෙම නඩුවේ පස්වන විත්තිකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර ඇති නමුත් ඔහු අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දුන්නේ විත්තිකරු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත්, ඔහු අද දිනයේ කොළඹ මහාධිකරණය හමුවේ පවතින නඩුවකට පෙනී සිටින බැවින් අද දින මෙම අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවත්ය.

එමෙන්ම නඩුව සඳහා විත්තිකරුවන් 41 දෙනෙකු නම් කර සිටි නමුත් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියේ විත්තිකරුවන් 34 දෙනෙකු පමණකි. එහිදී ඉදිරි දිනයේ යළිත් ඉතිරි විත්තිකරුවන් සඳහා අධිචෝදනා භාරදීමට පියවර ගන්නා බව මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.