LSN News › Sri Lanka

වික්ටෝරියා ජලාශය ආසන්නයේ ෆේස්බුක් මත් සාදයක් වටලයි: තරුණ තරුණියන් 41ක් පොලිස් අත්අඩංගුවට

මෙම සාදයේ දී තරුණියන් පස් දෙනෙකු ඇතුළු තරුණ තරුණියන් 41 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. හෑෂ්, අයිස්, ගංජා, මත්පෙති, විදේශීය සිගරට් මෙන්ම අරක්කු බෝතල් 13ක් සහ බියර් බෝතල් 25ක් පොලිස් භාරයට ගෙන තිබේ.

LSN Sri Lanka · 6 September 2026

වික්ටෝරියා ජලාශය ආසන්නයේ ෆේස්බුක් මත් සාදයක් වටලයි: තරුණ තරුණියන් 41ක් පොලිස් අත්අඩංගුවට

වික්ටෝරියා ජලාශය ආසන්නයේ පිහිටි අලුත්වත්ත ප්‍රදේශයේ හෝටලයක මත්ද්‍රව්‍ය භාවිතා කරමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වැටලීමට තෙල්දෙණිය පොලීසිය සමත්ව තිබේ. එහිදී තරුණියන් පස් දෙනෙකු ඇතුළු තරුණ තරුණියන් 41 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ස්ථානයේ තිබී හෑෂ්, අයිස්, ගංජා, මත්පෙති, විදේශීය සිගරට් මෙන්ම අරක්කු බෝතල් 13ක් සහ බියර් බෝතල් 25ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මාසයක පමණ කාලයක් තිස්සේ සංවිධානය කර ඇති මෙම සාදය සඳහා කොළඹ, ගම්පහ, මහනුවර, කෑගල්ල, මැණික්හින්න, වත්තේගම සහ කුරුණෑගල ඇතුළු ප්‍රදේශ රැසකින් වයස අවුරුදු 19-30 අතර පසුවන තරුණ තරුණියන් පැමිණ ඇති බව අනාවරණය වී ඇත.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සහ තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හර්ෂ අමරසිංහ යන නිලධාරීන්ගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර තිබේ.

තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්ද්‍රපාල, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වාකිෂ්ඨ, අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සම්පත් සහ උප පොලිස් පරීක්ෂක මිලින්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුමට එක්වූහ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් 11 දෙනෙකු සන්තකයේ තිබී සෘජුවම මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලීසිය පවසයි. මීට පෙරද තෙල්දෙණිය පොලීසිය විසින් වික්ටෝරියා ජලාශය ආසන්නයේ සංවිධානය කර තිබූ මෙවැනිම මත් සාදයක් වටලා තරුණයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.