LSN News › Sri Lanka

වැටලීමකින් අත්අඩංගුවට ගත් බව හඟවමින් කිලෝ 43ක ගංජා ප්‍රවාහනය කළ සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු හම්බෙගමුව පොලිසියේ අත්අඩංගුවට!

එහිදී සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමන් කොළඹ සුරාබදු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් බවත්, වැටලීමකට පැමිණ අත්අඩංගුවට ගත් ගංජා තොගය මොණරාගල කාර්යාලය වෙත රැගෙන යමින් සිටින බවත්ය. කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව සිදු කළ මූලික විමර්ශනවලදී එවැනි නිල වැටලීමක් පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

LSN Sri Lanka · 23 November 2026

වැටලීමකින් අත්අඩංගුවට ගත් බව හඟවමින් කිලෝ 43ක ගංජා ප්‍රවාහනය කළ සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු හම්බෙගමුව පොලිසියේ අත්අඩංගුවට!

වැටලීමකින් අත්අඩංගුවට ගත් බව හඟවමින් හම්බෙගමුව සිට මොණරාගල දක්වා වියළි ගංජා රැගෙන යමින් සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු හම්බෙගමුව පොලිසිය විසින් ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ සුරාබදු විශේෂ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරන බිබිල සහ අම්පාර ප්‍රදේශවල පදිංචි 31 හැවිරිදි වියේ පසුවන නිලධාරීන් දෙදෙනෙකු සහ බිබිල ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

හම්බෙගමුව පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක තුෂාර සම්පත්ට ලද පෞද්ගලික තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් මෝටර් රථයකින් වියළි ගංජා කිලෝග්‍රෑම් 43යි ග්‍රෑම් 200ක තොගයක් හම්බෙගමුව සිට මොණරාගල දෙසට ප්‍රවාහනය කරමින් සිටියදී හම්බෙගමුව රතඹලාගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබේ.

එහිදී සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමන් කොළඹ සුරාබදු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් බවත්, වැටලීමකට පැමිණ අත්අඩංගුවට ගත් ගංජා තොගය මොණරාගල කාර්යාලය වෙත රැගෙන යමින් සිටින බවත්ය. කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව සිදු කළ මූලික විමර්ශනවලදී එවැනි නිල වැටලීමක් පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත. ඒ අනුව, සැකකරුවන් සිය නිල තනතුරු අවභාවිත කරමින් ගංජා ජාවාරමේ නිරත වී ඇති බවට අනාවරණය වීමත් සමඟ සැකකරුවන් තිදෙනා හම්බෙගමුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මොණරාගල දිසාභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව, මොණරාගල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. වික්‍රමසිංහ සහ සහකාර පොලිස් අධිකාරී බී.යූ.පී. මානියන්ගම යන උසස් නිලධාරීන්ගේ උපදෙස් පරිදි, හම්බෙගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර සම්පත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.