විදේශගතව සැඟවී සිටින රතු නිවේදන නිකුත් වූ සැකකරුවන් 43 දෙනෙකු කඩිනමින් දිවයිනට – මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කියයි!
සැකකරුවන් 43 දෙනා සිටින රටවල් පිළිබඳ සියලු තොරතුරු මේ වන විටත් ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා, ඔවුන් අතරින් 17 දෙනෙකු ඩුබායි රාජ්‍යයේ ද, 14 දෙනෙකු ඉන්දියාවේ ද, තිදෙනෙකු ජපානයේ ද වශයෙන් තවත් රටවල් 9ක සැඟවී සිටින බව පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළේය.
LSN Sri Lanka ·

රතු නිවේදන (Red Notices) නිකුත් කර ඇති සහ විවිධ රටවල් 17ක සැඟවී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු සැකකරුවන් 43 දෙනෙකු ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය.

ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම සැකකරුවන් 43 දෙනා සිටින රටවල් පිළිබඳ සියලු තොරතුරු මේ වන විටත් ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා, ඔවුන් අතරින් 17 දෙනෙකු ඩුබායි රාජ්‍යයේ ද, 14 දෙනෙකු ඉන්දියාවේ ද, තිදෙනෙකු ජපානයේ ද වශයෙන් තවත් රටවල් 9ක සැඟවී සිටින බව පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළේය.

පසුගිය වසර දෙක තුළ සිදු කළ වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම්

රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ 2025 සහ 2026 වර්ෂ තුළ අත්පත් කරගත් ප්‍රගතිය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී සංඛ්‍යාලේඛන සහිතව කරුණු ඉදිරිපත් කළේය:

මත්ද්‍රව්‍ය වැටලීම්:මත්ද්‍රව්‍ය වැටලීම් 520,051ක් සිදු කර ඇති අතර, සැකකරුවන් 519,470 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය:රුපියල් මිලියන 196,435කට (රුපියල් කෝටි 19,643කට) අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 36,811ක් පොලිස් භාරයට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවන්:සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 818 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, විදේශගතව සිටි ප්‍රබල අපරාධකරුවන් 72 දෙනෙකු මේ වන විටත් දිවයිනට රැගෙන විත් තිබේ. තවද 233 දෙනෙකුට රතු නිවේදන සහ 92 දෙනෙකුට නිල් නිවේදන නිකුත් කර ඇත.

ගිනි අවි අත්අඩංගුවට ගැනීම්:ටී-56 ගිනි අවි 98ක්, පිස්තෝල 143ක් සහ රිවෝල්වර 108ක් ඇතුළු සමස්ත ගිනි අවි 4,126ක් පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව අත්අඩංගුවට ගෙන ඇත

වෙඩි තැබීම් පාලනය: 2025 වසරේදී වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 102 දෙනෙකු මියගිය නමුත්, ආරක්ෂක අංශවල මැදිහත්වීම මත මේ වසරේදී එය 51ක් දක්වා 50%කින් අඩු කර ගැනීමට හැකි වී තිබේ.

පරිගණක අපරාධ: විදේශිකයන් මෙරට රැඳී සිටිමින් පවත්වාගෙන ගිය අන්තර්ජාල වංචා මධ්‍යස්ථාන (Scamming centers) වැටලීමේ මෙහෙයුම් 20ක් ක්‍රියාත්මක කර විදේශිකයන් 1,000ක් අත්අඩංගුවට ගෙන ඉන් 192 දෙනෙකු පිටුවහල් කර ඇත. එමෙන්ම 2026 වසරේදී පරිගණක අපරාධ අංශයට ලැබුණු පැමිණිලි 6,635ක් අතරින් 1,390ක් විසඳා අවසන් කර ඇති අතර, 75 දෙනෙකු අධිකරණය හමුවේ වරදකරුවන් කර තිබේ.

නව නීති සම්පාදනය සහ ජනතා නිදහස

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ ජාලවලට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ විමර්ශන ඵලදායී ලෙස සිදු කිරීම සඳහා ඔවුන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට ශක්තිමත් නීතිමය ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා නොකළ යුතු බව පිළිගන්නා අතරම, ප්‍රශ්න කිරීම් සඳහා වැඩි කාලයක් සැකකරුවන් රඳවා තබා ගැනීමට හැකි වන පරිදි 'වස විෂ, අබිං සහ අන්තරායකර ඖෂධ' ආඥාපනත සංශෝධනය කිරීමටත්, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත ශක්තිමත්ව සම්මත කර ගැනීමටත් රජය පියවර ගන්නා බව ඔහු පැවසීය.

එමෙන්ම, මෙම නීති ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට ප්‍රමාණවත් නීතිමය ආරක්ෂාවක් ලබා දීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍ය ආනන්ද විජේපාල, ජනතාවගේ අයිතිවාසිකම් සහ නිදහස මර්දනය කිරීම අරමුණු කරගත් කිසිදු නීතියක් ජාතික ජන බලවේගය (NPP) රජය විසින් හඳුන්වා දීම හෝ සම්මත කිරීම සිදු නොකරන බවට පාර්ලිමේන්තුවට සහතික විය.