LSN News › Sri Lanka

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය ලත් තරුණ ප්‍රජාව අතර රැකියා විරහිතභාවය 43% දක්වා ඉහළට! IMF වාර්තාව හෙළි කරයි:

උසස් අධ්‍යාපනය ලබා ඇති වයස අවුරුදු 15–24 අතර ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ රැකියා විරහිතභාවය සියයට 43 ක් තරම් ඉහළ අගයක පවතී. මෙය සසඳා බලන විට කලාපයේ ඉහළම අගයන්ගෙන් එකකි. ඉන්දියාව සියයට 42 ක පමණ අගයක් ගනිමින් ශ්‍රී ලංකාවට ආසන්නයෙන් පසුවේ.

LSN Sri Lanka · 21 September 2026

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය ලත් තරුණ ප්‍රජාව අතර රැකියා විරහිතභාවය 43% දක්වා ඉහළට! IMF වාර්තාව හෙළි කරයි:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම ලිපියක් මගින් ශ්‍රී ලංකාවේ උපාධිධාරීන් මුහුණ දෙන රැකියා අර්බුදය කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘Finance & Development’ සඟරාවේ ‘Graduating into Uncertainty’ (අවිනිශ්චිතතාවයට උපාධි ලැබීම) යන තේමාව යටතේ පළ වූ මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ තරුණියන් ආසියාවේ වඩාත්ම අභියෝගාත්මක රැකියා වෙළඳපොළකට මුහුණ දී සිටින බවය.

ඉදිරි වසර දහය ඇතුළත සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණ තරුණියන් බිලියන 1.2 ක් පමණ නව ශ්‍රම බලකායට එකතු වීමට නියමිත අතර, මෙය නූතන ඉතිහාසයේ වාර්තා වන විශාලතම තරුණ ශ්‍රම බලකාය වේ. සමස්ත ආසියානු කලාපය පුරාම රැකියා විරහිතභාවය වැඩිපුරම දක්නට ලැබෙන්නේ අඩු අධ්‍යාපනයක් සහිත පිරිස් අතර නොව, ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ තරුණියන් අතර වීම විශේෂත්වයකි.

මේ අතරින් ශ්‍රී ලංකාවේ තත්ත්වය කැපී පෙනෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත වලට අනුව, ද්විතීයික අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය ලබා ඇති වයස අවුරුදු 15–24 අතර ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ රැකියා විරහිතභාවය සියයට 43 ක් තරම් ඉහළ අගයක පවතී. මෙය සසඳා බලන විට කලාපයේ ඉහළම අගයන්ගෙන් එකකි. ඉන්දියාව සියයට 42 ක පමණ අගයක් ගනිමින් ශ්‍රී ලංකාවට ආසන්නයෙන් පසුවන අතර, බංග්ලාදේශයේ එම අගය සියයට 36 ක් පමණ වේ. තායිලන්තයේ පසුගිය වසරේ සමස්ත තරුණ රැකියා විරහිතභාවය සියයට 3.9 ක් වැනි අඩු අගයක පැවතියද, උසස් අධ්‍යාපනය ලත් තරුණයන් අතර රැකියා විරහිතභාවය සියයට 13.2 ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත්, එය දකුණු ආසියානු රටවලට වඩා බෙහෙවින් අඩු මට්ටමකි.

මින් පැහැදිලිවන්නේ කුමක් ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මගින් ශ්‍රම වෙළඳපොළේ ඇති නොගැලපීම පැහැදිලි වන බවය. විශ්වවිද්‍යාල මගින් උපාධිධාරීන් බිහි කළද, බොහෝ රැකියා යෝජකයින් අපේක්ෂා කරන්නේ ප්‍රායෝගික පළපුරුද්ද, ඩිජිටල් කුසලතා සහ නව තාක්ෂණය සමග වැඩ කිරීමේ හැකියාව වැනි වෙනස්ම කුසලතා සමූහයකි. එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපනය අවසන් කරන තරුණ තරුණියන් තම සුදුසුකම් වලට සරිලන රැකියාවක් සොයා ගැනීමට දැඩි ලෙස අරගල කරති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සඳහන් කළේ, කලාපය පුරා සිටින ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ ශ්‍රමිකයන්ට තම අධ්‍යාපනයට ගැලපෙන රැකියා සොයා ගැනීම දිනෙන් දින දුෂ්කර වන බවය. විශ්වවිද්‍යාල සහ පුහුණු වැඩසටහන් මගින් රැකියා යෝජකයින්ගේ සැබෑ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි පාඨමාලා සකස් කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.

මෙම ලිපිය මගින් ශ්‍රී ලංකාවේ මෑතකදී ඇති වූ ආර්ථික අර්බුදය ද සිහිපත් කර ඇත. තායිලන්ත ශිෂ්‍යයෙකු තම උපාධිය ලබා ගැනීමට සූදානම් වෙද්දී, බොහෝ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට හදිසි නීති රෙගුලාසි යටතේ සතියට දින හතරක් වැඩ කිරීමට සහ ඉන්ධන පෝලිම්වල රඳවා සිටීමට සිදු විය. ජීවිතයේ ඇරඹුමේදීම මුහුණ දීමට සිදු වූ මෙම අභියෝගාත්මක තත්ත්වය, ඔවුන්ගේ රැකියා සෙවීමේ අරගලය තවදුරටත් සංකීර්ණ කර ඇත.

කෘතිම බුද්ධිය (AI) වර්ධනය වීම මගින් මෙම අවිනිශ්චිතතාවය තවත් තීව්‍ර වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ කෘතිම බුද්ධිය මගින් නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ නව රැකියා ක්ෂේත්‍ර නිර්මාණය කිරීමට හැකි වුවද, අධ්‍යාපන පද්ධතියට වඩා වේගයෙන් තාක්ෂණය ඉදිරියට යන්නේ නම්, මූලික මට්ටමේ (entry-level) රැකියා සඳහා ඇති ඉල්ලුම අඩු විය හැකි බවය.

කෙසේ වෙතත්, මෙම වාර්තාව මගින් තාක්ෂණය තර්ජනයක් ලෙස පමණක් හඳුන්වා නොදෙයි. නව තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ආයතන වර්ධනය කර ගැනීමටත්, නව රැකියා කාණ්ඩ නිර්මාණය කිරීමටත් අවස්ථාව ලැබේ. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ එම නව රැකියා සඳහා අවශ්‍ය කුසලතා තරුණ ප්‍රජාව සතු කරගන්නේද යන්න මතය.

ශ්‍රී ලංකාව වර්තමානයේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමටත්, තරුණ ප්‍රජාවට වැඩි රැකියා ප්‍රමාණයක් නිර්මාණය කිරීමටත් උත්සාහ කරමින් සිටියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම විශ්ලේෂණය මගින් මතු කරන්නේ තිත්ත ඇත්තකි. එනම්, ඉහළ අධ්‍යාපන මට්ටම යනු ස්වයංක්‍රීයවම හොඳ රැකියාවක් හිමිවීම නොවන බවය.

විශ්වවිද්‍යාලවලින් ලබා දෙන අධ්‍යාපනය සහ ශ්‍රම වෙළඳපොළට අවශ්‍ය කුසලතා අතර පවතින මෙම පරතරය පියවීම, රට හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයක් ලෙස පවතී.