ශ්‍රී ලංකා රේගුව භාරයේ රේගු අංගනවල තිබූ වාහන 437ක් අවුරුදු 8ක් තිස්සේ දිරාපත්වෙලා - විගණනයෙන් හෙළිවෙයි!
දීර්ඝ කාලයක් තිස්සේ නිසි නඩත්තුවකින් තොරව මෙලෙස එළිමහනේ දමා තිබීම නිසා වාහන විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම දිරාපත්ව ඇති අතර, මේ වන විට ඒවා වෙන්දේසි කර හෝ සාධාරණ ආදායමක් උපයා ගැනීමට නොහැකි මට්ටමට භාවිතයට නුසුදුසු වී තිබේ.
LSN Sri Lanka ·
ශ්‍රී ලංකා රේගුව විසින් විවිධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වාහන 437ක් වසර අටකට අධික කාලයක් තිස්සේ විවිධ අංගනවල ගාල් කර තැබීම හේතුවෙන්, එම වාහන සම්පූර්ණයෙන් දිරාපත්ව ධාවනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බව අනාවරණය වේ.

මෙලෙස විනාශ වී ඇති වාහන අතුරින් වාහන 329ක් රේගුව විසින් මට්ටක්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකින් ලබාගත් ඉඩමක ගාල් කර තිබූ අතර, ඉතිරි වාහන 108 රුහුණුපුර වරාය පරිශ්‍රයේ රඳවා තබා තිබුණි.

දීර්ඝ කාලයක් තිස්සේ නිසි නඩත්තුවකින් තොරව මෙලෙස එළිමහනේ දමා තිබීම නිසා වාහන විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම දිරාපත්ව ඇති අතර, මේ වන විට ඒවා වෙන්දේසි කර හෝ සාධාරණ ආදායමක් උපයා ගැනීමට නොහැකි මට්ටමට භාවිතයට නුසුදුසු වී තිබේ.

රේගු ආඥා පනතේ 109 වගන්තියට ප්‍රකාරව නිසි වේලාවට සුදුසු පියවර නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව විගණන පරීක්ෂණවලදී පෙන්වා දී ඇත. රේගුව සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත් විගණන වාර්තාවේ මෙම තොරතුරු සවිස්තරාත්මකව දක්වා තිබේ.