LSN News › Sri Lanka

ලෝක මිනිස් ගහණයේ පරිසර අපරාධයකට තනිව වන්දි ගෙවන නේපාලයේ මිනිස්සු... දැනට මරණ 470යි... 1400ක් තවමත් අතුරුදහන්...

දැනට මළ සිරුරු 470ක් සොයාගෙන ඇත. අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 1400 ඉක්මවා තිබේ. අතුරුදහන් වූවන්ගෙන් 517ක් විදේශිකයින්ය. වැඩිම සිරුරු ප්‍රමාණයක් හමුවන්නේ බරපතලම අනතුර වූ කලාපයට කිලෝ මිටර සිය ගණනක් පහළින් වූ චිත්වාන් දිස්ත්‍රික්කයෙනි. එසේ හමුවූ සිරුරු ප්‍රමාණය 178කි.

LSN Sri Lanka · 28 August 2026

ලෝක මිනිස් ගහණයේ පරිසර අපරාධයකට තනිව වන්දි ගෙවන නේපාලයේ මිනිස්සු... දැනට මරණ 470යි... 1400ක් තවමත් අතුරුදහන්...

නේපාලයේ චීන - ටිබෙට් මායිම අසල බදාදා (අගෝස්තු 26) උදෑසන ඇති වූ බිහිසුණු ගංවතුර හා මඩ ප්‍රහාරය ගැන ලෝකයම මේ වනවිට කම්පාවෙනි. එම මහා ඛේදවාචකයෙන් අනතුරුව සෙවීම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් තුන්වැනි දිනටත් දිගටම ක්‍රියාත්මක වෙමින් තිබේ.

දැන් අනාවරණය කරගෙන ඇති ආකාරයට මේ විපතට හේතු වූයේ කුඩා භූමිකම්පාවක් නොව, උස් හිමාල කඳුකරයේ හිම ග්ලැසියරයක් හා පාෂාණ කඩා වැටීමෙන් ඇති වූ දැවැන්ත අයිස්-පාෂාණ-මඩ ප්‍රවාහයකි. ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ මුලින් 4.4 ක භූමිකම්පාවක් ලෙස වාර්තා වූ එය ඇත්ත වශයෙන්ම ග්ලැසියරය කඩා වැටීමෙන් ඇති වූ කම්පනය බවයි.

ඒ ප්‍රවාහය “අභ්‍යන්තර සුනාමියක්” මෙන් තත්පර කිහිපයකින් ගම් දනව් වළලා දමමින් ගලාගෙන ආවේය. එය නේපාලය තුළ භෝටේකෝෂි සහ ත්‍රිශූලි ගංගා පද්ධතිය ඔස්සේ කිලෝමීටර් 170ක් පමණ දකුණට ගලා ගියේය. රසුවා, නුවාකෝට්, ධාදිං, චිත්වාන්, ගෝර්ඛා, තනහුන් සහ නවල්පරාසි දිස්ත්‍රික්ක දැඩි ලෙස බලපෑමට ලක් විය.

මේ වන විට මියගිය හා අතුරුදහන් සංඛ්‍යාව

සිකුරාදා (අගෝස්තු 28) උදෑසන වන විට නේපාල පොලිසිය පැවසුවේ නේපාලය තුළ මෘතදේහ 469ක් සොයාගෙන ඇති බවය. ටිබෙට් පැත්තෙන් තහවුරු වී ඇත්තේ මරණ 3ක් පමණි. එනිසා දෙපාර්ශ්වයේම මරණ සංඛ්‍යාව 470කට ආසන්නය. සංඛ්‍යා තවමත් වැඩි වෙමින් තිබේ. ගඟ දිගේ ඈත පහතබිම් දක්වා ශරීර ගසාගෙන ගොස් ඇති නිසා සෙවීම් දිගටම පවතී.

කිලෝ මීටර සිය ගණනක් ගසාගෙන පැමිණි සිරුරු

දිස්ත්‍රික්ක අනුව මේ වන විට සොයාගත් මෘතදේහ අතර චිත්වාන්හි වැඩිම සංඛ්‍යාවක් (178ක් පමණ) වාර්තා වේ. මරණ ලැයිස්තුවේ ඉහළම සංඛ්‍යාව චිත්වාන් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන්නේ විශේෂ හේතුවක් නිසාය. ලෝක ප්‍රකට චිත්වාන් අභයභූමියට මේ ව්‍යසනයෙන් හානි වූයේ නැත.

විනාශයේ මධ්‍යස්ථානය ටිබෙට් මායිම අසල රසුවා සහ නුවාකෝට් කඳුකර නිම්නය ය. එම ප්‍රදේශයේ ගම්මාන සූරාගෙන කිලෝ මිටර සිය ගණනක් ගසා ගෙන ගියේය. චිත්වාන්වලින් හමුවන්නේ ත්‍රිශූලි ගඟ ඔස්සේ කිලෝමීටර් සියයක් පමණ දකුණට ගසාගෙන ගොස් චිත්වාන්හි නාරායණී ගං ඉවුරුවල තැන්පත් වූ සිරුරුය. . නාරායණගඩ්, දේව්ඝාට් සහ මුග්ලින් අවට ඉවුරුවල මෙම මළ සිරුරු ගොඩගසා තිබිණි.

චිත්වාන්හි ගං ඉවුරු ප්‍රදේශවල ජල මට්ටම ඉහළ ගිය අතර පාලම් කිහිපයක් හානි විය. බලධාරීන් ඉවුරුවල ජනතාව ඉවත් කර අනතුරු ඇඟවීම් නිකුත් කළහ. නමුත් චිත්වාන් ජාතික වනෝද්‍යානයේ කැලෑ, රයිනෝ, කොටි, ඇත්තු සහ සෞරාහා සංචාරක කලාපය මේ ග්ලැසියර පහරින් ව්‍යසනයට ලක් වන්නේ නැත.

මීට අමතරව නවල්පරාසි නැගෙනහිර, ගෝර්ඛා, නුවාකෝට් සහ ධාදිං දිස්ත්‍රික්කවලද බොහෝ සිරුරු සොයාගෙන තිබේ. විපත ඇති වූ රසුවා දිස්ත්‍රික්කයේම සොයාගත් සිරුරු සංඛ්‍යාව සාපේක්ෂව අඩු වුවත්, එහි අතුරුදහන් වූවන් වැඩිය.

අතුරුදහන් හෝ තොරතුරු වාර්තා නොවන පිරිස නේපාලය තුළ පමණක් 910ක් පමණ වේ. ටිබෙට්හි ගිරොං ප්‍රාන්තයේ තවත් 558ක් අතුරුදහන් ය. දෙපැත්ත එකතු කළ විට අතුරුදහන් සංඛ්‍යාව 1,400ත් 1,470ත් අතර වේ. මේ අතර නේපාල හමුදාවේ, පොලිසියේ, සන්නද්ධ පොලිසියේ, රේගුවේ සහ ආගමන දෙපාර්තමේන්තුවේ සේවකයන් දුසිම් ගණනක්ද වෙති.

විදේශිකයන් අතර තත්ත්වය

මෙම විපතේ විශේෂත්වයක් වන්නේ විදේශීය සංචාරකයන් හා වන්දනාකරුවන් ඉතා විශාල පිරිසක් අතුරුදහන් වීමය. නේපාලය තුළ අතුරුදහන් 517ක් පමණ විදේශිකයන් ය. තවත් 127ක් විදේශයේ ජීවත් වන නේපාල ජාතිකයන් දේශයට පැමිණ සිටියදී අතුරුදහන් වී ඇත. ටිබෙට් පැත්තේ අතුරුදහන් 260ක් විදේශිකයන් ය.

වැඩිම සංඛ්‍යාවක් ඉන්දියානුවන් ය. ඉන්දීය විදේශ අමාත්‍යාංශය පැවසුවේ තොරතුරක් වාර්තා නොවන ඉන්දියානුවන් 290ක් පමණ සිටින බවය. ඔවුන්ගෙන් සමහරු කෛලාෂ් කූඨය ( කන්ද) වන්දනාවට යන ගමනේ යෙදී සිටියහ. මේ වන විට ඉන්දියානුවන් 80කට වැඩි පිරිසක් ගලවාගෙන ඇත.

ඇමෙරිකානුවන් 90ක් පමණ, ඕස්ට්‍රේලියානුවන් 34ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 33ක්, කැනේඩියානුවන් 25ක්, මැලේසියානුවන් 50කට වැඩි පිරිසක්, යුක්රේන ජාතිකයන් 50කට වැඩි පිරිසක් සහ චීන ජාතිකයන් 100ක් පමණ නේපාලය තුළ අතුරුදහන් ලෙස සඳහන් වේ. තවත් රටවල් 20කට වැඩි ගණනකින් සංචාරකයන් ඇතුළත් වේ. සමහරු ගලවාගෙන ඇතත්, බොහෝ දෙනෙකුගේ ඉරණම තවමත් නොදනී.

ගලවා ගැනීමේ මෙහෙයුම්

නේපාල ආරක්ෂක හමුදා දහස් ගණනක් යොදවා තිබේ. එක් වාර්තාවකට අනුව පොලිස්, හමුදා සහ සන්නද්ධ පොලිස් සාමාජිකයන් 13,000කට වැඩි පිරිසක් සෙවීම්, ගලවා ගැනීම් සහ සහන කටයුතුවල යෙදී සිටී. හෙලිකොප්ටර් 15ක් පමණ (හමුදාවේ සහ පෞද්ගලික) භාවිතා වේ.

මාර්ග සහ පාලම් විනාශ වී ඇති නිසා බොහෝ තැන්වලට යාමට හැකි එකම මාර්ගය අහසයි. හෙලිකොප්ටර් මගින් දහස් ගණනක් ගලවාගෙන ඇත. එක් වාර්තාවකට අනුව හෙලිකොප්ටර් මෙහෙයුම්වලින් පමණක් 1,900කට ආසන්න පිරිසක් ගලවාගෙන තිබේ. ත්‍රිශූලි ජල විදුලි ව්‍යාපෘතියේ උමං මාර්ගයක සිරවී සිටි කම්කරුවන් සිය ගණනක්ද ගලවාගෙන ඇත. ඉවට හුරු කළ සුනඛයින් සහ බර යන්ත්‍රෝපකරණ යොදා මඩ යට වැළලී ගිය මිනිසන්ගේ දේහ සොයමින් සිටී.

නේපාල අගමැති බාලේන්ද්‍ර ෂාහ් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ගොස් තත්ත්වය බැලුවේය. ඉන්දියාවෙන් ලැබුණු කූඩාරම්, ආහාර සහ ඖෂධ හෙලිකොප්ටර් මගින් බෙදා හරිමින් තිබේ.

මෙහෙයුම්වලට බාධා

මෙහෙයුම් අතිශයින් අපහසුය. කිලෝමීටර් 40ක් පමණ මාර්ග සහ පාලම් දුසිම් ගණනක් විනාශ වී ඇත. ගම්මාන මඩෙන් වැසී ගොස්ය. එක් බේරුණු පුද්ගලයෙක් කිව්වේ “මෙය දැවැන්ත සුසාන භූමියක්. ඉතිරි වී ඇත්තේ වැලි සහ ගල් පමණි” යනුවෙනි.

සිකුරාදා තවත් බරපතල ගැටලුවක් එකතු විය. කඩා වැටුණු පාෂාණ හා මඩ නිසා ගඟ අවහිර වී ඇති වූ විලක් පිටාර ගැලීමට පටන් ගත්තේය. ඒ නිසා චීන පැත්තේ ගලවා ගැනීමේ කණ්ඩායම් ආරක්ෂිත ස්ථානවලට ඉවත් කරනු ලැබූ අතර නේපාලයේද සෙවීම් මෙහෙයුම් තාවකාලිකව නතර කරන ලදී. රසුවා දිස්ත්‍රික්කයේ ජනතාව කඳු බෑවුම් දෙසට දිව ගියහ. ඉදිරි දිනවලදී මෙම විල පිපිරී දෙවන ගංවතුරක් ඇති විය හැකි බව බලධාරීන් අනතුරු අඟවති.

කාලගුණය මෙන්ම ඈත කඳුකරය සහ තවත් කඳු කඩා වැටීම් අවදානම ද මෙහෙයුම් අපහසු කරයි.

අන්තර්ජාතික ප්‍රතිචාරය

චීන අගමැති ලී චියාං ටිබෙට්හි විපත් ප්‍රදේශයටම ගොස් මෙහෙයුම් මෙහෙයවීය. චීනය එහි සේවකයන් 800ක් පමණද, පුහුණු කළ සුනඛයින් සහ බෝට්ටු ද යොදවා තිබේ.

ඉන්දියාව සිය ජාතිකයන් සොයා ගැනීමට විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවා, සහනාධාර යවවා අනතුරුදායක කලාපවලින් ජනතාව ඉවත් කරමින් සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හදිසි අරමුදලෙන් ඩොලර් මිලියන 2ක් වෙන් කළේය. ඇමෙරිකාව ඩොලර් 500,000ක් සහ විපත් ප්‍රතිචාර උපදේශකයෙකු යැවීය. ඕස්ට්‍රේලියාව ඩොලර් මිලියන 3.6ක සහනයක් හා කොන්සියුලර් කාර්ය මණ්ඩලය යවනු ලැබුවේය. දකුණු කොරියාව සහ සිංගප්පූරුව ද සහන කණ්ඩායම් යවා ඇත. නමුත් නේපාල විදේශ අමාත්‍යාංශය සිකුරාදා පැවසුවේ මේ මොහොතේ විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම් අවශ්‍ය නැති බවත්, තම ආරක්ෂක ආයතන මෙහෙයුම් කරන බවත්ය.

බොහෝ රටවල තානාපති කාර්යාල සිය රට වැසියන්ගේ තොරතුරු එකතු කරමින් සිටී. පවුල්වල අය තවමත් ප්‍රවෘත්තියක් බලාපොරොත්තුවෙන් සිටිති.

ඉදිරියට බලාපොරොත්තු විය යුතු දේ

මරණ සංඛ්‍යාව තවත් ඉහළ යාමට ඉඩ ඇත. ගඟ දිගේ පහළට ගිය සිරුරු සොයා ගැනීම දිගටම සිදුවේ. ඒ සමඟම ඉහළින් ඇති විල පිපිරීමේ අවදානම නිසා ජනතාවට ගං ඉවුරුවලින් ඈත්ව සිටීමට අණ දී තිබේ.

හිමාලයේ ග්ලැසියර උණුසුම් වීම නිසා මෙවැනි විපත් අනාගතයේදී නැවත ඇති විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති. නේපාලයට තනිවම මෙවැනි ආපදාවලට මුහුණ දීමට සම්පත් ප්‍රමාණවත් නැත.

මේ ලිපියේ සංඛ්‍යා නිල ආයතන සහ ජාත්‍යන්තර පුවත් සේවාවල අගෝස්තු 28 උදෑසන දක්වා සිදුකළ වාර්තාකරණය මත පදනම් වේ. තත්ත්වය පැයෙන් පැයට වෙනස් වෙමින් ඇත. නේපාලය වන්දි ගෙවන්නේ ලෝකයේ ජන ප්‍රජාව විසින් නිර්මාණය කළ ව්‍යසනයකටය. එයට ලෝකයේ වගවීම අවශ්‍ය බව පමණක් ලියා තබමු.