නොනවත්වා ඇදහැලෙන මහ වැසි හමුවේ දිවයින පුරා නායයාම් සහ ගංවතුර අවදානමක්: 'ඕනාබ්' සුළි කුණාටුවේ බලපෑමෙන් ඉදිරි පැය 48ත් දැඩි අවධානයෙන් සිටින්න!
බංග්ලාදේශය විසින් නම් කරන ලද මෙම සුළි කුණාටුව, බටහිර සහ වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ විශාකාපට්නම්, අන්ද්රා ප්රදේශ් සහ යානම් වෙරළ තීරයන් හරහා ගොඩබිමට ඇතුළු වනු ඇතැයි පුරෝකථනය කෙරේ.
LSN Sri Lanka ·

බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ හටගෙන ඇති 'ඕනාබ්' සුළි කුණාටුවේ වක්ර බලපෑම හේතුවෙන් දිවයින පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්රදේශ රැසක ස්වාභාවික ආපදා තත්ත්වයක් නිර්මාණය වී තිබේ. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට දිනයේ පාසල් සඳහා නිවාඩු ලබාදීමටද බලධාරීන් පියවර ගෙන ඇත.

'ඕනාබ්' සුළි කුණාටුවේ ගමන් මඟ සහ කාලගුණ අනාවැකිය

පසුගිය සතියේ දිවයිනට වයඹ දෙසින් පැවති පීඩන කලාපය පහව යාමත් සමඟ, මේ වන විට බෙංගාල බොක්කේ නැගෙනහිර, මධ්යම සහ ගිනිකොනදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන කලාපය 'ඕනාබ්' නමින් තද සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ. බංග්ලාදේශය විසින් නම් කරන ලද මෙම සුළි කුණාටුව, බටහිර සහ වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ විශාකාපට්නම්, අන්ද්රා ප්රදේශ් සහ යානම් වෙරළ තීරයන් හරහා ගොඩබිමට ඇතුළු වනු ඇතැයි පුරෝකථනය කෙරේ.

ලබන බදාදා වන විට පැයට කිලෝමීටර් 115ත් 125ත් අතර උපරිම ස්ථාවර සුළං වේගයකින් යුත් ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වන මෙය, දිවයිනෙන් ඉවතට ගමන් කළද ඊට සමගාමීව ඉදිරි පැය 48 තුළ ශ්රී ලංකාවේ නිරිතදිග කොටසට තද වැසි පතිත වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව උතුර, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, මධ්යම, උතුරු මැද පළාත්වලට සහ ත්රිකුණාමලය දිස්ත්රික්කයට විටින් විට මිලිමීටර් 100 සිට 150 දක්වා තද වැසි ඇති විය හැක. ඌව පළාතට සහ අම්පාර, මඩකලපුව දිස්ත්රික්කවලට සස්වර කාලයේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂිතය. මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලට මෙන්ම උතුර, උතුරු මැද, වයඹ පළාත්වලට පැයට කිලෝමීටර් 40-50 දක්වා වන තද සුළං හමනු ඇත. මෙම අයහපත් කාලගුණික බලපෑම ඔක්තෝබර් 28 වැනිදා සවස වන විට ක්රමයෙන් පහව යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවකට නායයාම් රතු නිවේදන

අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මගින් දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 3 යටතේ වන ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ:
• රත්නපුර දිස්ත්රික්කය: රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක.
• කළුතර දිස්ත්රික්කය: බුලත්සිංහල සහ දොඩංගොඩ.

එසේම, අදියර 2 (අවධානයෙන් සිටීම) යටතේ කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට, මතුගම, අගලවත්ත; මහනුවර දිස්ත්රික්කයේ උඩුනුවර, පස්බාගේ කෝරළය; කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට, අරනායක, ගලිගමුව, දැරණියගල; කුරුණෑගල දිස්ත්රික්කයේ කුරුණෑගල; නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව කෝරළය, කොත්මලේ බටහිර, නොවුඩ් මෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ නිවිතිගල, කිරිඇල්ල, බලංගොඩ, ඇහැලියගොඩ සහ කලවාන යන ප්රදේශවලට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මීට අමතරව ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට අදියර 1 යටතේ වන විමසිලිමත් වීමේ නිවේදන ක්රියාත්මක වේ.

ගංගා ධාරිතාව ඉහළට: කළු ගඟේ කුඩා ගංවතුර තත්ත්වයක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්යා හා ආපදා කළමනාකරණ අංශය සඳහන් කරන්නේ පවතින තද වර්ෂාවත් සමඟ ප්රධාන ගංගා ද්රෝණිවල ජල මට්ටම් වේගයෙන් ඉහළ යන බවයි.

කළු ගඟ ද්රෝණියේ රත්නපුර සහ මිල්ලකන්ද (කලවැල්ලෑව) ප්රදේශවල දැනටමත් කුඩා ගංවතුර තත්ත්වයක් (Minor Flood) හටගෙන ඇත. කැලණි ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, මහවැලි ගඟ සහ අත්තනගලු ඔය යන ගංගා ද්රෝණිවල ඇතැම් මාන ස්ථාන අවධානම් මට්ටමට (Alert Level) ළඟා වී ඇති බැවින් පහත් බිම්වල හා ගංගා දෙපස වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය.

ප්රධාන ජලාශ රැසක වාන් දොරටු විවෘතයි

පෝෂක ප්රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිවයින පුරා පිහිටි ප්රධාන සහ මධ්යම ප්රමාණයේ ජලාශ රැසක ධාරිතාව උපරිම මට්ටමට පැමිණ වාන් දැමීම ආරම්භ කර තිබේ:

• රාජංගනය ජලාශය: ධාරිතාව පිරීම හේතුවෙන් වාන් දොරටු විවෘත කර ඇති අතර, කලා ඔය පහළ ධාරාවේ පදිංචිකරුවන්ට අවධානම් නිවේදන නිකුත් කර ඇත.

• දැදුරු ඔය ජලාශය: වාන් දොරටු විවෘත කර දැදුරු ඔයට ජලය මුදාහැරේ.

• ඉහළ කොත්මලේ ජලාශය: කඳුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමඟ ස්වයංක්රීයව වාන් දොරටු විවෘත වී තිබේ.

• තබ්බෝව ජලාශය: ජල මට්ටම ඉහළ යාමෙන් වාන් දොරටු මගින් මී ඔයට ජලය නිකුත් කෙරේ.

• කන්දේ ඇළ, අඹේවෙල සහ යාන් ඔය ජලාශ: උපරිම ධාරිතාවට ළඟා වී වාන් මට්ටමේ පවතී.

• මධ්යම ප්රමාණයේ ජලාශ: බෝමුරඇල්ල සහ දෙනගම වැව යන ජලාශද මේ වන විට වාන් දමමින් පවතී.

ජලාශවලට ගලා එන ජල ප්රමාණය අනුව ඕනෑම මොහොතක පිටවාන් දොරටු මඟින් මුදාහරින ජල ප්රමාණය වෙනස් විය හැකි බැවින්, පහළ ධාරාවේ වෙසෙන ජනතාව ප්රාදේශීය වාරි ඉංජිනේරුවන් සහ ආපදා කළමනාකරණ අංශ ලබාදෙන නිල උපදෙස් පිළිපදින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.