Business · Sri Lanka Bureau
රුමේෂ් තරංගට රුපියල් කෝටි 5ක් නොදීම ගැන සජිත් පාර්ලිමේන්තුවේ දී ප්රශ්න කරයි: ක්රීඩා ඇමැතිගෙන් පිළිතුරු!
අදාළ ක්රීඩකයාට රුපියල් මිලියන 50ක මුදලක් හිමිවන බවට පවතින කිසිදු රජයේ වක්රලේඛයක් නොමැති බවය. පවතින වක්රලේඛය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කළ ප්රකාශය ප්රතික්ෂේප කළ අමාත්යවරයා, මීට පෙර පැවති ත්යාග පිරිනැමීමේ ක්රමවේදය ක්රීඩා සභාවේ නිර්දේශ මත යම් කිසි නිශ්චිත වර්ෂයක් සඳහා පමණක් අමාත්ය මණ්ඩල අනුමැතිය ලත් එකක් මිස, ඉන්පසු වසරවලටද අඛණ්ඩව බලපැවැත්වෙන ස්ථිර වක්රලේඛයක් නොවන බව පැහැදිලි කළේය.
LSN Sri Lanka ·

ජාත්යන්තර තරගවලදී විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්රී ලංකාවට මහත් කීර්තියක් අත්කර දුන් හෙල්ල විසි කිරීමේ ක්රීඩක රුමේෂ් තරංගට පිරිනැමීමට නියමිතව තිබූ රුපියල් මිලියන 50 (රුපියල් කෝටි 5) ක මුදල මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස පාර්ලිමේන්තුවේදී ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේගෙන් ප්රශ්න කළේය.

ජාත්යන්තර තරග බිමේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ මෙම ක්රීඩකයාට පොරොන්දු වූ මුදල් ත්යාගය මෙතෙක් ලබා නොදුන්නේ මන්දැයි මෙහිදී විපක්ෂ නායකවරයා විමසා සිටියේය. එමෙන්ම එම ක්රීඩකයාගේ නිවසට යන මාර්ගය සකස් කිරීම සඳහා රුපියල් අටලක්ෂයක මුදලක් වෙන් කරන බවට කලින් ප්රකාශ කර තිබුණද, එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පවා මෙතෙක් සිදු කර නොමැති බවටද ඔහු චෝදනා කළේය.

මීට අමතරව, දක්ෂතා දක්වන ක්රීඩක ක්රීඩිකාවන්ට ගෙවනු ලබන දීමනා සහ ත්යාග මුදල් ප්රමාණය අඩු වන පරිදි දැනට පවතින ත්යාග යෝජනා ක්රමය සංශෝධනය කිරීමට රජය සූදානම් වන බවට පළවන වාර්තා පිළිබඳවද විපක්ෂ නායකවරයා මෙහිදී කරුණු විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ සඳහන් කළේ, අදාළ ක්රීඩකයාට රුපියල් මිලියන 50ක මුදලක් හිමිවන බවට පවතින කිසිදු රජයේ වක්රලේඛයක් නොමැති බවය. පවතින වක්රලේඛය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කළ ප්රකාශය ප්රතික්ෂේප කළ අමාත්යවරයා, මීට පෙර පැවති ත්යාග පිරිනැමීමේ ක්රමවේදය ක්රීඩා සභාවේ නිර්දේශ මත යම් කිසි නිශ්චිත වර්ෂයක් සඳහා පමණක් අමාත්ය මණ්ඩල අනුමැතිය ලත් එකක් මිස, ඉන්පසු වසරවලටද අඛණ්ඩව බලපැවැත්වෙන ස්ථිර වක්රලේඛයක් නොවන බව පැහැදිලි කළේය.

2024 සහ 2025 වසරවල ලබාගත් ජයග්රහණ සඳහා ගෙවීම් සිදුකිරීමට රජය අමාත්ය මණ්ඩල අනුමැතිය සහිතව නව ක්රමවේදයක් හඳුන්වා දී ඇති බවත්, 2026 වසරේ ජයග්රහණ සඳහා ගෙවීම් කිරීමට අදාළව අමාත්ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නව යෝජනාවක් සකස් කර ඇති බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව නොමඟ යවන බවට අමාත්යවරයා චෝදනා කිරීමත් සමඟ දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර, එම චෝදනාවට විපක්ෂ නායකවරයා ස්වකීය විරෝධය පළ කළේය.