LSN News › Sri Lanka

ගෝඨාභය රාජපක්ෂගේ අභියාචනා පෙත්සම මාර්තු 5ට කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි !

මෙම නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල කරුණු තහවුරු කිරීම සඳහා ලබන මාර්තු 5 වැනිදා නඩුව කැඳවන ලෙස නියෝග කළේය.

LSN Sri Lanka · 25 November 2026

ගෝඨාභය රාජපක්ෂගේ අභියාචනා පෙත්සම මාර්තු 5ට කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා ලබන මාර්තු 5 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැම්බර් 25) නියම කළේය.

මෙම නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

පසුබිම

2019 අප්‍රේල් 21 වනදා පැවති පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කරනු ලබන විමර්ශනවලට අදාළව, ගෝඨාභය රාජපක්ෂ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රිට් පෙත්සමක් ජූනි මාසයේදී අභියාචනාධිකරණයට ගොනු කර තිබුණි.

2026 ජූනි මස 16 වැනිදා නීතිඥ සනත් විජේවර්ධන හරහා ගොනු කළ එම පෙත්සම 2026 ඔක්තෝබර් 1 වනදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලදී.

එය ඔක්තෝබර් 1 වනදා නිෂ්ප්‍රභ කිරීමෙන් පසු එම නිශ්ප්‍රභා කිරීමට එරෙහිව ඔක්තොම්බර් 09 වැනිදා නීතිඥ සනත් විජේවර්ධන හරහාම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කරනු ලැබුවේය. එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි. .

මෙම අභියාචනා පෙත්සමේ ඉදිරි පියවර සම්බන්ධ තීරණය මාර්තු 5 වනදා විනිසුරු මඩුල්ල ඉදිරියේ කරුණු තහවුරු කිරීමෙන් පසු ලැබෙනු ඇත.