එල්නිනෝ නියඟයෙන් දිස්ත්‍රික්ක 5ක වගා බිම් අක්කර 8000ක් විනාශයි: ගොවීන්ට වන්දි ගෙවීමට රුපියල් මිලියන 3000ක් වෙන් කෙරේ!
එල්නිනෝ තත්ත්වය හමුවේ ඇතිව තිබෙන දැඩි වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 05 ක වගා බිම් අක්කර 8000 ක් පමණ විනාශ වී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
LSN Sri Lanka ·

එල්නිනෝ තත්ත්වය හමුවේ ඇතිව තිබෙන දැඩි වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 05 ක වගා බිම් අක්කර 8000 ක් පමණ විනාශ වී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

හානියට පත් වගා බිම් සඳහා මීළඟ කන්නයට පෙර කඩිනමින් වන්දි මුදල් නිදහස් කර ගොවීන්ට සහන සැලසීම රජයේ අරමුණ වී ඇති අතර, ඒ වෙනුවෙන් මේ වන විට රුපියල් මිලියන 3000 ක් වෙන් කර තිබේ.

මොණරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල පවතින මෙම වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොවීන් 7000 ක් පමණ පීඩාවට පත්ව සිටින බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි ප්‍රකාශ කළේය.

නියඟයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයට වන අතර එහි විනාශ වී ඇති වගා බිම් ප්‍රමාණය අක්කර 1923 කි. ඊට අමතරව මොණරාගල දිස්ත්‍රික්කයේ අක්කර 1401 ක්ද, පොළොන්නරුවේ අක්කර 1229 ක්ද, අම්පාරේ අක්කර 1055 ක්ද සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 783 ක්ද වශයෙන් වගා බිම් විනාශ වී ඇති බවට හඳුනාගෙන ඇත.

වී, බඩඉරිඟු, සෝයා, ලොකු ළූණු, අර්තාපල් සහ අමුමිරිස් යන බෝග සඳහා මෙම වගා හානි ගෙවීම් සිදු කෙරේ. ඒ අනුව හානියට පත් බෝග වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින්, උපරිම අක්කර 05 ක් සඳහා වන්දි ගෙවීමට රජය තීරණය කර තිබේ.

මේ වන විට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් ඇතුළු කණ්ඩායම් බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්කවල වගා බිම් වෙත ගොස් හානි තක්සේරු කිරීම් සිදු කරමින් පවතින බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ දක්වා වගා හානි දැනුම් දී නොමැති ගොවීන් සිටී නම්, හැකි ඉක්මනින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හෝ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී තම හානිය දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

එසේම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ පොතෙහි වගා හානිය සටහන් කිරීමට පහසුකම් සලසා ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ 1918 කෙටි ඇමතුම් අංකය ඇමතීමෙන් ලබා ගත හැක.