LSN News › Sri Lanka

සෙල්සියස් අංශක 50ක ගිනියම් පොළොවේ ජීවිතය සොයා යන මිනිස්සු!

LSN විශේෂාංග මාලාව — 01 | මිනිසා සහ ස්වභාවධර්මයේ විස්මිත බැඳීම... පාකිස්තානයේ ජාකොබාබාද් නගරයේ මිනිසුන්, ගස්වැල්, සතුන්, ආහාර සහ නිවාස එක්ව ලියන අපූරු ජීවිත කතාව.

LSN Sri Lanka · 18 October 2026

සෙල්සියස් අංශක 50ක ගිනියම් පොළොවේ ජීවිතය සොයා යන මිනිස්සු!

ලෝකයට හිරු පානය බව සැබෑය. නමුත් හිරුගේ උණුසුම දැනෙන්නේ සෑම මිනිසකුටම එකම ආකාරයට නොවේ.

ලෝකයේ ඇතැම් ප්‍රදේශවල මිනිස්සු හිරු එළිය සොයා යති. ශීත ඍතුවේදී හිරු එළිය වැටෙන තැනක් සොයාගෙන එහි හිඳගැනීම ඔවුන්ට සතුටකි. එහෙත් ලෝකයේ තවත් තැනක මිනිසුන්ට සිදුව ඇත්තේ හිරුගෙන් සැඟවීමටය.

එවැනි මිනිස්සු පිරිසක් පාකිස්තානයේ සින්ද් පළාතේ පිහිටි ජාකොබාබාද් නගරයේ මේ මොහොතේත් ජීවත් වෙමින් සිටිති.

එහි ගිම්හානයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවයි. දහවල් වනවිට මහපොළොව ගිනියම් වෙයි. නිවසක ටකරන් වහලක් යට සිටීම සිතීමටවත් බැරිය. සුළඟ හමා ආවත් එයින් සෑම විටම සිසිලසක් ලැබෙන්නේ නැත. සුළඟත් ගිනියම්ය.

එහෙත් මේ නගරයේ මිනිස්සු ජීවත් වෙති. දරුවන් හදාවඩා ගනිති. ගොවිතැන් කරති. වෙළෙඳාම් කරති. සතුන් ඇති කරති. උත්සව පවත්වති. හෙට දවස ගැන බලාපොරොත්තු තබති. සිහින දකිති.

මෙහි පුදුමය මිනිසා පමණක් නොවේ

මේ ගිනියම් පොළොව ගස් කොලන් නැති කාන්තාරයක් නොවේ. මේ බිමේ ගස් ද වැඩෙන්නේය. ඒ ගස්වල කටු සහිත අතු අතර කුරුල්ලෝ ලැගුම් ගනිති. වියළි බිම්වල එළුවන් සහ ගවයන් ආහාර සොයති. ගම්මානවල බූරුවන් ජල භාජන පටවාගත් කරත්ත අදිමින් ගමන් කරති.

මෙතරම් උණුසුමක් මැද ජීවිතය පවත්වාගෙන යන්නේ කෙසේද?

ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයා අපි ජාකොබාබාද් වෙත යමු.

ලෝකයේ උණුසුම්ම නගරය මෙයද?

ජාකොබාබාද් ලෝකයේ උණුසුම්ම නගරය ලෙස ඇතැම් විට හැඳින්වුණත් එය නිවැරදිව තේරුම් ගත යුතුය.

ඉතියෝපියාවේ ඩලෝල් ප්‍රදේශය වසර පුරා ඉහළ සාමාන්‍ය උෂ්ණත්වයක් වාර්තා වූ ස්ථානයකි. ඇමරිකාවේ ඩෙත් වැලි ප්‍රදේශයේ 1913 ජූලි 10 වැනිදා සෙල්සියස් අංශක 56.7ක වායු උෂ්ණත්වයක් වාර්තා වී තිබේ. එය ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පිළිගන්නා ඉහළම වායු උෂ්ණත්ව වාර්තාවය.

නමුත් ජාකොබාබාද්හි විශේෂත්වය වෙනස්ය.

එය අධික උෂ්ණත්වය සහ ඇතැම් කාලවල අධික ආර්ද්‍රතාව එකට බලපාන, විශාල ජනතාවක් සාමාන්‍ය ජීවිතයක් ගත කරන නගරයකි.

2023 පාකිස්තාන ජන සංගණනය අනුව ජාකොබාබාද් නාගරික ජනගහනය 219,315කි. එහි මිනිසුන් ජීවත්වන්නේ අසාමාන්‍ය දේශගුණික පීඩනයක් සමඟය.

එබැවින් ජාකොබාබාද් යනු උෂ්ණත්ව වාර්තාවකට වඩා විශාල කතාවකි. එය මිනිසාට දරාගත හැකි පරිසරයේ සීමාව පිළිබඳ ජීවමාන උදාහරණයකි.

උදෑසන වැඩට යන මිනිසා දහවල් හිරුගෙන් සැඟවෙයි

ජාකොබාබාද්හි ගිම්හාන ජීවිතය හැඩගස්වන්නේ ඔරලෝසුව පමණක් නොවේ. හිරු ද එහි කාලසටහන තීරණය කරයි.

උදෑසනින්ම ගොවීහු කුඹුරට යති. කම්කරුවෝ වැඩ ආරම්භ කරති. වෙළෙන්දෝ තම වෙළෙඳසල් විවෘත කරති.

එහෙත් දහවල් වනවිට තත්ත්වය වෙනස් වෙයි.

ගිනියම් උණුසුම හමුවේ ඇතැම් ගොවීහු සහ එළිමහන් කම්කරුවෝ වැඩ නවතා සෙවණ සොයති. සමහර කෘෂිකාර්මික කටයුතු රාත්‍රියට හෝ අලුයමට යොදාගනිති. 2019 වසරේ පළ වූ ක්ෂේත්‍ර වාර්තාවලට අනුව ඇතැම් ගොවීහු දහවල් දොළහේ සිට තුන දක්වා වැඩ නතර කර විවේක ගත්හ.

නමුත් මෙහි සියලු දෙනාට එසේ කළ නොහැකිය. දෛනික වැටුපක් උපයන කම්කරුවකුට වැඩ නතර කිරීම යනු එදින ආදායම අහිමි වීමකි.

මේ නිසා ජාකොබාබාද්හි උණුසුම කාලගුණික ප්‍රශ්නයක් පමණක් නොවේ. එය මිනිසුන්ගේ ආර්ථික ජීවිතය තීරණය කරන බලවේගයකි.

ගිනියම් පොළොවේ ගස් ජීවත් වන අපූරුව

ජාකොබාබාද්හි ස්වභාවධර්මය ගැන කතා කරන විට අප මුලින්ම සිතිය යුත්තේ ගස් ගැනයි. මෙතරම් උණුසුමක ගසක් නොමැරී පවතින්නේ කෙසේද?

සින්ද් පළාතේ වියළි භූමිවල වැඩෙන කන්ඩි, බාබුල් සහ ෆරාෂ් වැනි ගස් ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයයි.

කන්ඩි ගසට කුඩා පත්‍ර තිබේ. එහි මුල් පස තුළ ගැඹුරට විහිදිය හැකිය. බාබුල් ගස කටු සහිතය. එය වියළි පරිසරයට හොඳින් හැඩගැසුණු ගසකි. ෆරාෂ් ගස ලවණ සහිත පසක වැඩීමට සමත්ය. මේවායේ කුඩා පත්‍ර සහ ජලය පරිහරණය කරන ආකාරය වියළි කාලවල පැවැත්මට උපකාරී වේ. තේරුම් ගත යුත්තේ ජාකොබාබාද් යනු ගස් නොමැති වැලි කාන්තාරයක් නොවන බවය.

එහි ඇළ මාර්ග සහ කෘෂිකාර්මික ප්‍රදේශ ආශ්‍රිතව වෙනත් ගස් ද වැඩේ. අපට හුරුපුරුදු කොහොඹ ගස ද ඒ අතර වේ. බාබුල් සහ ශීෂම් වැනි ගස් ජලය හිඟ නැති බිම්වල පවති. මෙහිදී අපට වැදගත් දෙයක් තේරුම් ගත හැකිය. එකම ප්‍රදේශයක ජලය ඇති තැන හරිත පැහැතිය . ජලය අහිමි තැන කටු පඳුරු සහ වියළි බිම්ය. ජාකොබාබාද්හි ගසක් යනු මිනිසුන්ට සෙවණක් පමණක් නොවේ. එය පක්ෂීන්ට නවාතැනකි. සතුන්ට ආහාරයකි. පසට ආරක්ෂාවකි.

උණුසුමෙන් පීඩා විඳින මිනිසකුට එහි සෙවණක වටනාකම අප දන්නවාට ඉතා ඉහළය.

සතුන්ගේ ජීවිතයත් උණුසුමට යටත්ය

ජාකොබාබාද්හි ගිනියම් උණුසුම මිනිසුන්ට පමණක් බලපාන්නේ නැත. ගවයන්, එළුවන්, බැටළුවන් සහ බූරුවන්ගේ ජීවිතවලට ද එය බලපාන්නේය.

විශේෂයෙන් මී හරකුන්ට උණුසුම විශාල අභියෝගයකි. මී හරකුන්ගේ ශරීරයට දහඩිය මඟින් උණුසුම ඉවත් කිරීමේ හැකියාව සීමිතය. එබැවින් ජලයේ බැස සිටීම, සෙවණ සෙවීම සහ ජලය පානය කිරීම ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කිරීමට වැදගත්ය.

එළුවන් සහ බැටළුවන් වියළි පරිසරවලට සාපේක්ෂව හොඳින් හැඩගැසුණු සතුන්ය. එහෙත් ඔවුන්ටත් දැඩි උණුසුම, ජල හිඟය සහ ආහාර හිඟය අනතුරුදායකය.

ජාකොබාබාද් අවට ගොවිබිම්වල මී හරකුන් ඇති කරන පවුල් සිටිති. 2022 වසරේ ගංවතුර සමයේදී ගොවීන් තම මී හරකුන් සමඟ විනාශ වූ වගාබිම් අසල සිටින ආකාරය රොයිටර් වාර්තා කළේය.

නමුත් මෙහි බූරුවාගේ කතාව ඊටත් වෙනස්ය.

ජාකොබාබාද්හි ඇතැම් නිවාසවලට ජලය ගෙන එන්නේ බූරු කරත්තවලිනි. නිල් පැහැති ප්ලාස්ටික් භාජන පටවාගත් එම කරත්ත නගරයේ වීදි ඔස්සේ ගමන් කරයි. 2022 මැයි මාසයේදී රොයිටර් වාර්තා කළ පරිදි ලීටර් 20ක ජල භාජන නිවෙස්වලට බෙදාහැරීම එහි ඇතැම් පවුල්වල ජීවනෝපායකි.

මෙහිදී බූරුවා යනු හුදෙක් බර අදින සතකු නොවේ. මිනිසාගේ ජල අවශ්‍යතාව සපුරාලන ප්‍රවාහන ක්‍රමයක කොටසකි.

කෑම පිඟානත් දේශගුණයේ කතාවක්

ජාකොබාබාද්හි ආහාර සංස්කෘතිය ද සින්ද් පළාතේ කෘෂිකර්මාන්තය හා පාරම්පරික ජීවිතය සමඟ බැඳී තිබේ.

තිරිඟු පිටිවලින් සකස් කරන රොටී, බත්, පරිප්පු, එළවළු ව්‍යංජන, මස් සහ කිරි ආහාර මෙහි ප්‍රචලිතය.

මෙම කලාපයේ තිරිඟු සහ වී වගාව වැදගත් ජීවනෝපායන් දෙකකි. කොමඩු වැනි පලතුරු ද වගා කෙරේ. 2022 මැයි මාසයේදී රොයිටර් වාර්තාකරුවන් ජාකොබාබාද් ආසන්නයේ කොමඩු වගාබිම්වල සේවය කරන කාන්තාවන් හමුවී තිබිණි. එහිදී ගැබිනි කාන්තාවන් පවා අධික උණුසුම යටතේ වැඩ කරන ආකාරය අනාවරණය විය.

ආහාර සංස්කෘතියේ තවත් විශේෂ අංගයක් වන්නේ සිසිල් පානයන්ය. මුදවපු කිරිවලින් සකස් කරන ලස්සි පානය සින්ද් ප්‍රදේශයේ ජනප්‍රියය. ආමන්ඩ්, එනසාල්, රෝස පෙති සහ වෙනත් ද්‍රව්‍ය යොදා සකස් කරන තඩාල් පානය ද එහි සම්ප්‍රදායික ආහාර සංස්කෘතියට අයත්ය. මේ පානයන් ප්‍රදේශයේ සංස්කෘතික අනන්‍යතාවයේ කොටසකි.

ගෙදර වහල මත නිදාගන්නා මිනිස්සු

අපේ රටේ බොහෝ දෙනකුට නිදාගැනීමට අවශ්‍ය වන්නේ ඇඳක්, කොට්ටයක් සහ විදුලි පංකාවකි. ජාකොබාබාද්හි ඇතැම් පවුල් ගිම්හාන රාත්‍රියේ නිදා ගන්නේ නිවසේ වහල මතය. ඔවුන් භාවිත කරන්නේ ලණු වියන ලද සාම්ප්‍රදායික ඇඳකි. එය චාර්පායි ලෙස හැඳින්වේ. ඇඳ යටින් ද වාතය ගමන් කිරීමට හැකිවීම එහි එක් විශේෂත්වයකි. මේ නිදාගැනීමේ පුරුද්ද හුදෙක් සම්ප්‍රදායක් නොවේ. උණුසුමෙන් යම් සහනයක් ලබාගැනීමට මිනිසුන් සොයාගත් ක්‍රමයකි.

නිවාස ඉදිකිරීමේදීත් සෙවණ, වාතාශ්‍රය සහ බිත්ති හා වහල සඳහා භාවිත කරන ද්‍රව්‍ය වැදගත් වේ. මැටි හා ගඩොල් වැනි ද්‍රව්‍යවල තාප ගුණාංග, වහලේ ආවරණය සහ නිවසේ පිහිටීම අනුව ඇතුළත උෂ්ණත්වය වෙනස් වෙයි.

එහෙත් සෑම පවුලකටම උණුසුමට ගැළපෙන නිවසක් ඉදිකරගැනීමට මුදල් නැත. ඇතැම් නිවෙස්වලට විදුලිය නැත. සාමාන්‍යෙයන් දිනකට පැය 12 හෝ 14 තෙක් විදුලිය විසන්ධි වෙන දවස් තිබේ. මෙවැනි ස්ථානයක ජීවිතය ඇත්තේ අපට සිතාගන්නටවත් බැරි මහා බිහිසුණු තැනකය.

මෙතරම් අසීරු තැනක මිනිසුන් රැඳී සිටින්නේ ඇයි?

මේ ප්‍රශ්නයට පිළිතුර මිනිස් ජීවිතයේ ගැඹුරුම සබඳතාවක් තුළ තිබේ. ඒ මිනිසා සහ ඔහු උපන් භූමිය අතර බැඳීමය.

ජාකොබාබාද්හි පවුල් පරම්පරා ගණනාවක් තිස්සේ ගොවිතැන, වෙළෙඳාම සහ සත්ත්ව පාලනය මත ජීවත් වී තිබේ. ඔවුන්ගේ ඉඩම් එහිය. නිවාස එහිය. ඥාතීන් එහිය. ජීවනෝපාය එහිය. එබැවින් වෙනත් ප්‍රදේශයකට ගොස් ජීවත් වීම සෑම කෙනකුටම පහසු නැත.

එහෙත් මේ බැඳීම පමණක් ඔවුන් එහි රඳවා තබන්නේ නැත. දුප්පත්කම ද ඊට හේතුවකි. ඇතැම් අය තම භූමිය අත්හැරීමට අකමැතිය. තවත් අයට එය අත්හැර යෑමට හැකියාවක් නැත.

මිනිසා සහ ස්වභාවධර්මය අතර නිමක් නැති සංවාදය

ජාකොබාබාද්හි ජීවිතය දෙස බලන විට අපට පෙනෙන්නේ සොබාදහමට එරෙහිව මිනිසා තනිව කරන සටනක් පමණක් නොවේ. එය මිනිසා, ගස, සතා, ජලය, පස සහ හිරු අතර ඇති අතිශය සංකීර්ණ සම්බන්ධයකි.

ගස කුඩා පත්‍ර දරාගෙන ජලය ඉතිරි කරගනී. මී හරකා ජලය සහ සෙවණ සොයයි. එළුවා වියළි බිමේ ආහාර සොයයි. මිනිසා තම වැඩ කරන වේලාව වෙනස් කරයි. නිදාගන්නා තැන වෙනස් කරයි. ඇඳුම වෙනස් කරයි. නිවසේ හැඩය වෙනස් කරයි.

එහෙත් මේ සියල්ලටම සීමාවක් තිබේ. අධික උණුසුමට හැඩගැසීම යනු එයින් සම්පූර්ණ ආරක්ෂාව ලැබීම නොවේ. එහෙත් මේ සියල්ල මැද ජීවිතය නතර නොවී ගලයි.ජාකොබාබාද් අපට උගන්වන විශාලතම පාඩම එයය.

මිනිසා ස්වභාවධර්මයෙන් වෙන් වූ ජීවියකු නොවේ. ඔහු ස්වභාවධර්මයේම කොටසකි. එහි වෙනස්වීම් සමඟ තම ජීවිතය වෙනස් කරගන්නා ජීවියෙකි. නමුත් ඔවුන්ගේ දරාගැනීමේ හැකියාව ගැන පුදුම වීමෙන් පමණක් අපට සෑහීමට පත්විය නොහැකිය.

මන්ද, මිනිසාට ජීවත්වීමට ඇති අයිතිය ඔහුට කොපමණ උණුසුමක් දරාගත හැකිද යන්න මත තීරණය විය යුතු නැති බැවිනි.