ඇඟිලි සලකුණු නොතබා සෞඛ්‍ය කාර්යමණ්ඩලය රුපියල් මිලියන 50,938.54ක අතිකාල හා නිවාඩු දින වැටුප් ලබාගෙන... විගණනය කියන කතාවක්!
සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පැමිණීම සහ පිටවීම නිසි පරිදි සනාථ කළ හැකි වන පරිදි ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක නොකරන්නේ නම්, වර්තමාන වැටුපට අනුව අතිකාල දීමනා නොගෙවීමට වගබලා ගත යුතු බවට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණි. එවැනි පසුබිමක් තුළ වුවද, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල් සහ ආයතන සඳහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැය කර ස්ථාපිත කර තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් කිසිදු භාවිතයකට නොගෙන අක්‍රියව පැවති බවද එම විගණන වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
LSN Sri Lanka ·

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමකින් තොරව සෞඛ්‍ය කාර්යමණ්ඩලය වෙත ඉකුත් 2025 වර්ෂයේදී අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස රුපියල් මිලියන 50,938.54ක අතිවිශාල මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් අනාවරණය කරගෙන තිබේ.
</p>
<p>
සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාව මගින් මේ බව හෙළිදරව් කර ඇති අතර, අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් වැය කර ඇති එම මුළු මුදල සමස්ත වැටුප් පිරිවැයෙන් සියයට 86.36ක ඉහළ ප්‍රතිශතයක් ගන්නා බවද එහි සඳහන් වේ.
</p>
<p>
සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පැමිණීම සහ පිටවීම නිසි පරිදි සනාථ කළ හැකි වන පරිදි ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක නොකරන්නේ නම්, වර්තමාන වැටුපට අනුව අතිකාල දීමනා නොගෙවීමට වගබලා ගත යුතු බවට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණි.
</p>
<p>
එවැනි පසුබිමක් තුළ වුවද, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල් සහ ආයතන සඳහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැය කර ස්ථාපිත කර තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් කිසිදු භාවිතයකට නොගෙන අක්‍රියව පැවති බවද එම විගණන වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.