LSN News › Sri Lanka

රුපියල් කෝටි 51ක හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් මාට්ටු: වැටලීම් දෙකක් ගැන තොරතුරු මෙන්න!

රුපියල් මිලියන 500ක් (කෝටි 50ක්) පමණ වටිනා හෙරොයින් කිලෙිා් 21 අත් අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් මීට පෙර අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලැබුණු තොරතුරු මතය.

LSN Sri Lanka · 25 October 2026

රුපියල් කෝටි 51ක හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් මාට්ටු: වැටලීම් දෙකක් ගැන තොරතුරු මෙන්න!

කටාන - ගිරිඋල්ල මාර්ගයේදී සහ තලංගම කලල්ගොඩ හන්දියේදී ඊයේ (24) දිනය තුළ සිදු කරන ලද වැටලීම් දෙකකදී රුපියල් මිලියන 510 ක් (කෝටි 51ක්) පමණ වටිනා හෙරොයින් තොගයක් ඇතුළු අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

මේ වැටලීම් සිදුකරන්නේ ඊයේ දිනයේ දී මත්ද්‍රව්‍ය කිලෝ පන්සියයකට වැඩි මත් කුඩු ප්‍රමාණයක් ප්‍රනාවික හමුදාව විසින් අත් අඩංගුව ගෙන ඇති පසුබිමකය.

කටාන – ගිරිඋල්ල හෙරොයින් වැටලීම

කටාන – ගිරිඋල්ල මාර්ගයේ සමෘද්ධි මාවත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කළ විශේෂ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 21යි ග්‍රෑම් 750ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සොයාගත් හෙරොයින් තොගයේ ආසන්න වටිනාකම රුපියල් මිලියන 500ක් (කෝටි 50ක්) පමණ වන බව පොලිසිය පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් මීට පෙර අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදු කර තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ උපදෙස් පරිදි නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

තලංගම – කලල්ගොඩ හන්දිය අයිස් වැටලීම

මේ අතර, නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව තලංගම කලල්ගොඩ හන්දිය ප්‍රදේශයේදී සිදු කළ පරීක්ෂාවකදී අයිස් (crystal meth) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 10ක් සමඟ සැකකටයුතු මෝටර් රථයක් සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සහ මෝටර් රථය වැඩිදුර විමර්ශන සඳහා තලංගම පොලිසිය වෙත භාර දී තිබේ.

වැඩිදුර විමර්ශන පැවැත්වේ.