තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසමට ආ අභියාචනාවලින් විභාග කර අවසන් කර ඇත්තේ සියයට 52ක් පමණයි – විගණන වාර්තාවෙන් හෙළි වෙයි!
සාමාන්ය ක්රමවේදයට අනුව මුලින්ම තොරතුරු ඉල්ලුම්පත්රයක් (RTI Application) අදාළ ආයතනයේ තොරතුරු නිලධාරියාටත්, ඉන් සහනයක් නොලැබෙන්නේ නම් නම් කළ නිලධාරියාටත් ඉදිරිපත් කරන අතර, එහිදීද සාධාරණයක් ඉෂ්ට නොවන්නේ නම් පනත ප්රකාරව අවසන් තීරණය සහ නියෝග ලබාගැනීම සඳහා මෙම කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කරනු ලබයි.
LSN Sri Lanka ·

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව වෙත 2025 වසර වනවිට ලැබී තිබූ මුළු අභියාචනා 2,273න් විභාග කටයුතු අවසන් කර නියෝග නිකුත් කිරීමට හැකි වි ඇත්තේ අභියාචනා 1,189ක පමණක් බවත්, එය සමස්ත අභියාචනා සංඛ්යාවෙන් සියයට 52ක ප්රතිශතයක් පමණක් බවත් විගණනය හෙළි කරයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනත යටතේ යම් තොරතුරු ඉල්ලුම්කරුවෙකු රාජ්ය හෝ පොදු බලධාරියෙකුගෙන් තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවක, අදාළ තොරතුරු ලබා නොදීම, ඉල්ලීම ප්රතික්ෂේප කිරීම, අසාධාරණ ලෙස ප්රමාද කිරීම හෝ ලබා දුන් තොරතුරු පිළිබඳව සෑහීමකට පත් නොවීම වැනි හේතුවක් මත එම තොරතුරු ලබාගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන දෙවන අදියරේ පැමිණිලි හෝ ඉල්ලීම් මෙම "අභියාචනා" ලෙස හැඳින්වේ.

සාමාන්ය ක්රමවේදයට අනුව මුලින්ම තොරතුරු ඉල්ලුම්පත්රයක් (RTI Application) අදාළ ආයතනයේ තොරතුරු නිලධාරියාටත්, ඉන් සහනයක් නොලැබෙන්නේ නම් නම් කළ නිලධාරියාටත් ඉදිරිපත් කරන අතර, එහිදීද සාධාරණයක් ඉෂ්ට නොවන්නේ නම් පනත ප්රකාරව අවසන් තීරණය සහ නියෝග ලබාගැනීම සඳහා මෙම කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කරනු ලබයි.

විගණන වාර්තාවට අනුව ඉකුත් වර්ෂයේ දී කොමිෂන් සභාව වෙත අලුතින් ලැබී තිබූ එවැනි අභියාචනා සංඛ්යාව 1,780කි.

ඊට අමතරව ඊට පෙර වර්ෂයෙන් ඉදිරියට ගෙන එනු ලැබූ අභියාචනා සහ ඉකුත් වර්ෂය වන විට අඩක් අසා නිම කර තිබූ අභියාචනා ද ඇතුළුව සමස්ත අභියාචනා 2,273ක ප්රමාණයක් විභාග කිරීම සඳහා කොමිසම හමුවේ පැවතී ඇත.

මෙලෙස ලැබෙන අභියාචනා විභාග කිරීම සහ ඊට අදාළ නියෝග නිකුත් කිරීම උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව සිදු කිරීමට කටයුතු කළ යුතු බව විගණන දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කර තිබේ.