බද්දේගමදී ත්‍රීරෝද රථයකට එල්ල වූ ටී-56 ප්‍රහාරයකින් 'කළු නෝනා' සහ රියැදුරු ජීවිතක්ෂයට: මව දැඩි සත්කාර ඒකකයේ
රහාරයෙන් අනතුරුව සැකකරුවන් අවස්ථා කිහිපයකදී මෝටර් රථ කිහිපයකට මාරු වෙමින් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවද විමර්ශනවලදී වැඩිදුරටත් තහවුරු වී ඇත.
LSN Sri Lanka ·

ගාල්ල, බද්දේගම - හල්පතොට ප්‍රදේශයේදී ඊයේ (27) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීම කරන්දෙණිය සුද්දා සහ ලොකු පැටී නැමැති අපරාධකරුවන්ගේ කල්ලි දෙක අතර ඇති වී තිබෙන ගැටුමක දිගුවක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඊයේ උදේ ත්‍රීරෝද රථයකට මග හරස්කර එල්ල කරන ලද දරුණු ටී-56 ගිනි අවි ප්‍රහාරයකින් මියගොස් තිබුණේ අම්බලන්ගොඩ පදිංචි කුඩාවිදානගේ සුසිතා ඉරෝෂනී නොහොත් ‘කළු නෝනා’ (47) සහ එම ත්‍රීරෝද රථයේ රියැදුරු වන ලලිත් සුසන්ත ද සිල්වා නමැති දෙදෙනාය.

මෙම සිදුවීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ කාන්තාව 'කළු නෝනා'ගේ මවය. ඇය අම්බලන්ගොඩ, ගොඩහේන, රතුකුරුස නිවාස ලිපිනයේ පදිංචි ඩී.එන්.ජී. මල්ලිකාය. ඇය මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

මේ වෙඩි ප්‍රහාරයට කළු නෝනා ලක් වන්නේ අධිකරණ නියෝගයකට අනුව බද්දේගම පිහිටි ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට ගොස් අත්සන් තබා යළි පැමිණෙමින් සිටියදීය. හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 710ක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ඇයට නඩුවක් තිබිණි. මේ කුඩු ලොකු පැටීගේ කුඩු බව කියැවිනි. පවතින එම නඩුවට අදාළව ඇය සෑම ඉරිදාම අධිකරණ නියෝගයට අනුව බද්දේගම දිසා අපරාධ කොට්ඨාසයේ පෙනීසිටන්නීය. අවකුරුය එහි අත්සන් තබා පිටව යන්නිය. වෙඩි ප්‍රහාරයට ලක් වන්නේ ඇය මේ ගමන ගොස් එන අතරතුරය.

වෙඩි තැබුවන් ගැන අනාවරණයක්

‘කරන්දෙණියේ සුද්දා’ ගේ අනුගාමිකයින් සිව්දෙනෙකු විසින් මෝටර් රථයකින් පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බව දැන් අනාවරණය වේ. වාර්තාවන තොරතුරු අනුව ඝාතකයින් විසින් ටී-56 ගිනි අවි දෙකක් රැගෙනවිත් ඇති අතර, ඉන් එක් අවියකින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

ප‍්‍රහාරයේ දී ත්‍රී රෝද රථය හරස් කර වාහනය නවත්වන අපරාධ කල්ලියේ වෙඩික්කරු වෙඩි තබාගෙනම එළියට බසින ආකාරය පෙනෙන්නේය. කාන්තාවන් දෙදෙනා ත්‍රි රෝද රථයෙන් පනින අතර ත්‍රී රෝද රථ රියදුරා වෙඩි කාගෙන එතැනම වැටෙන්නේය. එක් කාන්තාවකට නැගිට ගැනීමට අසීරුය. ඇය ත්‍රි රෝද රථය අසලම වැටෙද්දී අනෙක් කාන්තාව දිවි බේරා ගැනීමට දුවන්නීය .

එසේ දුවන්නේ කළු නෝනාය. ඇයට පන්න පන්නා වෙඩි තබා ඇයව ඝාතනය කරන ඝාතකයා කල්ලියත් සමග පලා යන්නේය. ප්‍රහාරයෙන් අනතුරුව සැකකරුවන් අවස්ථා කිහිපයකදී මෝටර් රථ කිහිපයකට මාරු වෙමින් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවද විමර්ශනවලදී වැඩිදුරටත් තහවුරු වී ඇත.

සිද්ධිය වූ ස්ථානය සහ ආසන්න ප්‍රදේශවල CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වමින්, වෙඩික්කරුවන් සහ ඔවුන් පැමිණි මෝටර් රථ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධනගේ උපදෙස් මත, ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණියගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

පොලිස් වාර්තාවලට අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා වෙඩිතැබීමේ සිදුවීම් 39ක් වාර්තා වී ඇති අතර, එම සිදුවීම්වලින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.