පාර්ලිමේන්තුවේ සයිබර් ආරක්ෂණය දැඩි අනතුරක: පරීක්ෂා කළ කරුණු 56න් 46කම අවදානම ඉහළයි!
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු හා සයිබර් ආරක්ෂණ පද්ධතියේ දැඩි බරපතල අවදානම් තත්ත්වයක් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (Sri Lanka CERT) මගින් සිදුකරන ලද විශේෂ ඇගයීමකදී අනාවරණය වී තිබේ.
LSN Sri Lanka ·

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු හා සයිබර් ආරක්ෂණ පද්ධතියේ දැඩි බරපතල අවදානම් තත්ත්වයක් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (Sri Lanka CERT) මගින් සිදුකරන ලද විශේෂ ඇගයීමකදී අනාවරණය වී තිබේ.

2025 වර්ෂයේදී සිදුකරන ලද මෙම පරීක්ෂාවේදී පාර්ලිමේන්තු තොරතුරු තාක්ෂණ පද්ධතියට අදාළ කරුණු 56ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඉන් කරුණු 46කම අවදානම් මට්ටම ඉතා ඉහළ මට්ටමක පවතින බව හඳුනාගෙන ඇත.

සයිබර් තාක්ෂණය අවභාවිත කරමින් පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වීම, සංවේදී හා රහස්‍ය තොරතුරු සොරකම් කිරීම, ආයතනයේ දෛනික මෙහෙයුම් කටයුතුවලට බාධා කිරීම මෙන්ම නිල වෙබ් අඩවියේ අන්තර්ගතයන් විකෘති කරමින් ආයතනික කීර්තිනාමයට හානි කිරීම වැනි විනාශකාරී ක්‍රියා සිදු වීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව මෙමගින් හෙළිදරව් වී තිබේ.

පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතියේ පවතින මෙම අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් වහාම අවධානය යොමුකළ යුතු බව විගණකාධිපති දෙපාර්තමේන්තුවද පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත් විගණන වාර්තාවේ මේ පිළිබඳ තොරතුරු සවිස්තරාත්මකව දක්වා ඇත.