සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරුන්ට ඔක්තෝබර් 6 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි !
එම වාර්තාවට අනුව සලේගේ හෘද සහ මානසික තත්ත්වය මේ වනවිට ස්ථාවර බවත්, දන්ත රෝගී තත්ත්වය විසඳුණු පසු රෝහලෙන් පිට කළ හැකි බවත් අධිකරණයට දැනුම් දී තිබේ. ඔහු ජුනි 7 වැනිදා සිට දින 100කට අධික කාලයක් ජාතික රෝහලේ රැඳී සිටින බවද පැමිණිල්ල අධිකරණයට පෙන්වා දුන්නේය.
LSN Sri Lanka ·
පාස්කු ඉරුදින ප්‍රහාර විමර්ශනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය විමර්ශනය කළ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරුන් 10 දෙනෙකුට ඔක්තෝබර් 6 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් පසන් අමරසේකර නොතීසි නිකුත් කර තිබේ.

එම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය. මෙතෙක් අධිකරණයේ දී සිද්ධිය පෙළ ගැසුනේ මෙසේය.

හෘදය වස්තුව ඉදිමී ඇති බව අධිකරණයට

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය සැප්තැම්බර් 22 වැනිදා හෙළිදරව් වූයේ, සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක්ව ඇති බවත්, එය පාලනය කිරීම සඳහා හෘදය වස්තුවට උපකරණයක් සවිකර ඇති බවත්ය. ඒ, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය මණ්ඩලයක් නිකුත් කළ වාර්තාවකට අනුවය.

එදින අධිකරණයට ඉදිරිපත් වූ වාර්තාව වෛද්‍යවරුන් නව දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් විසින් සකස් කර තිබූ බව ප්‍රකාශිත වාර්තාවල සඳහන් විය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට කියා සිටියේ, එම උපකරණය සඳහා රාජ්‍ය අරමුදල්වලින් රුපියල් මිලියන 4ක් පමණ වැය වී ඇති බවය.

එම වාර්තාවට අනුව සලේගේ හෘද සහ මානසික තත්ත්වය මේ වනවිට ස්ථාවර බවත්, දන්ත රෝගී තත්ත්වය විසඳුණු පසු රෝහලෙන් පිට කළ හැකි බවත් අධිකරණයට දැනුම් දී තිබේ. ඔහු ජුනි 7 වැනිදා සිට දින 100කට අධික කාලයක් ජාතික රෝහලේ රැඳී සිටින බවද පැමිණිල්ල අධිකරණයට පෙන්වා දුන්නේය.

සාමාන්‍ය වාට්ටුවට

සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේ, හෘද ප්‍රතිකාර අංශයේ දැඩි සත්කාර ඒකකයේ සිටි සලේ සැප්තැම්බර් 21 වැනිදා ජාතික රෝහලේ 42 වැනි සාමාන්‍ය වාට්ටුවට මාරු කර ඇති බවයි.

එදින රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා අධිකරණයට කියා සිටියේ, අනෙකුත් රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාරම සලේ මහතාට ලබාදෙන ලෙස උපදෙස් දී ඇති බවත්, ශිරා මාර්ගයෙන් ලබාදෙන ප්‍රතිකාර අවසන් වූ පසු ඔහුව පිට කළ හැකි බවත්ය. තවදුරටත් රෝහලේ රඳවා තබන්නේද යන්න තීරණය කිරීමට සැප්තැම්බර් 28 වැනිදා වෛද්‍ය මණ්ඩලයක් රැස්වීමට නියමිත බවද අධිකරණයට දැනුම් දී තිබිණි.

වාර්තා ප්‍රමාදය සහ පැමිණිල්ලේ ස්ථාවරය

මීට පෙර සැප්තැම්බර් 2 වැනිදා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සුරේෂ් සලේට තවදුරටත් රෝහල්ගත ප්‍රතිකාර අවශ්‍යද, නැතහොත් පිට කළ හැකිද යන්න පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය. එම වාර්තාව නියමිත දිනට ඉදිරිපත් නොවීම සහ අධිකරණය පත් කළ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයට අවශ්‍ය ලියකියවිලි නොලැබීම හේතුවෙන්, රෝහල් අධ්‍යක්ෂවරයාට සැප්තැම්බර් 22 වැනිදා පෙනී සිට කරුණු දක්වන ලෙස සැප්තැම්බර් 15 වැනිදා නොතීසි නිකුත් කෙරිණි.

එම අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට කියා සිටියේ, දිගු රෝහල්ගතවීම විමර්ශනවලට බාධාවක් වන බවත්, මෙය වෛද්‍ය කුමන්ත්‍රණයක් බවත්ය.

සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු , විමර්ශකයන් තමන්ගේම විමර්ශනවලින් ප්‍රගතියක් නොලැබී දේශපාලනඥයන්ගේ ප්‍රකාශ මත යැපෙන බවට විවේචනය කළේය.

උපාංගවල මුරපද

එදිනම අධිකරණයට දැනුම් දුන්නේ, අධිකරණ නියෝගයක් තිබියදීත් සලේ සිය ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනවල මුරපද ලබා නොදී ඇති බවයි. ඒවා අමතක වී ඇති බව ඔහු පවසන බව පැමිණිල්ල කියා සිටියේය. විකල්ප ක්‍රම මගින් එම උපාංගවලට ප්‍රවේශ වීමට පියවර ගන්නා ලෙස අධිකරණය නියෝග කළේය.
විමර්ශන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඔක්තෝබර් 21 වැනිදා ඉදිරිපත් කරන ලෙසද කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අතර, අගෝස්තු 25 වැනිදා නිකුත් කළ තුන්වැනි දින 90ක රඳවාගැනීමේ නියෝගය යටතේ විමර්ශන සිදුවේ.