මිනුවන්ගොඩ දිසා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්!
මෙම විමර්ශනය සම්බන්ධ වන්නේ, සිරදඬුවම් නියම වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට අදාළ තවත් අල්ලස් නඩුවකදී ලිහිල් දඬුවමක් ලබාගැනීමේ අරමුණින් අල්ලසක් ලබාදුන් බවට කියන සිද්ධියටය. ඔහුගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි, කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක අල්ලසක් ලබාදුන් බවටවන චෝදනාව මත පසුගිය සැප්තැම්බර් 25 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඇයද ඔක්තෝබර් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
LSN Sri Lanka ·

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට නියම වී ඇති සිරදඬුවම ලිහිල් කර ගැනීම සඳහා අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් බවට වන චෝදනාව මත අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ලබන ඔක්තෝබර් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේය. අත්අඩංගුවට ගත් රෙජිස්ට්‍රාර්වරයා අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

විමර්ශනය ආරම්භ වී ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල විසින් කරන ලද පැමිණිල්ලක් අනුව බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

අධිකරණ සේවකයෙකුගේ දුරකථනයෙන් තොරතුරු

සිද්ධියට අදාළව අධිකරණයේ සේවය කළ චරිත් නැමැති සේවකයෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහුගේ ජංගම දුරකථනයේ වට්ස්ඇප් පණිවිඩ පරීක්ෂා කිරීමේදී මෙම රෙජිස්ට්‍රාර්වරයා පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවත් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

එම රෙජිස්ට්‍රාර්වරයා සහ චරිත් අතර මෙම අල්ලස් ගනුදෙනුවට අදාළව හඬ පණිවිඩ සහ කෙටි පණිවිඩ හුවමාරු වී ඇති බවත්, සැකකරු තම දුරකථනයේ තිබූ වට්ස්ඇප් යෙදුම මකා දමා ඇති බවත් කොමිසමේ නිලධාරියා සඳහන් කළේය. විමර්ශනය තවම අවසන් නොවී ඇති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා විසින් කිසිදු මුදලක් ලබාගෙන නොමැති බවය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු ඔක්තෝබර් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

මෙම විමර්ශනය සම්බන්ධ වන්නේ, සිරදඬුවම් නියම වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට අදාළ තවත් අල්ලස් නඩුවකදී ලිහිල් දඬුවමක් ලබාගැනීමේ අරමුණින් අල්ලසක් ලබාදුන් බවට කියන සිද්ධියටය. ඔහුගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි, කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක අල්ලසක් ලබාදුන් බවටවන චෝදනාව මත පසුගිය සැප්තැම්බර් 25 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඇයද ඔක්තෝබර් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අනුව, විනිසුරුවරයා පෙළඹවීමේ අරමුණින් මෙම මුදල ලබාදීමට කටයුතු කර ඇත. අද අත්අඩංගුවට ගත් රෙජිස්ට්‍රාර්වරයාට එල්ල වී ඇත්තේ එම අල්ලස් ලබාගැනීමට ආධාර අනුබල දුන් බවට වන චෝදනාවය.