LSN News › Sri Lanka

මහජන උපයෝගිතා කොමිසමේ කාර්ය මණ්ඩලය සවලෙන් බෙදාගත් හැටි විගණනය හෙළි කරයි...භාණ්ඩාගාර අනුමැතියකින් තොරව කෝටි 6කට ආසන්න දීමනා සහ 145% දක්වා වැටුප් වැඩිවීම් ලබාගෙන!

මේ පිළිබඳව කොමිෂන් සභාව විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ, 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 12 (1) වගන්තිය යටතේ කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සේවක සංඛ්‍යාව කළමනාකරණය, පාරිශ්‍රමික අනුපාත සහ වෙනත් ප්‍රතිලාභ තීරණය කිරීමේ අවසාන බලය කොමිෂන් සභාව වෙත පැවරී ඇති බවය.

LSN Sri Lanka · 15 November 2026

මහජන උපයෝගිතා කොමිසමේ කාර්ය මණ්ඩලය සවලෙන් බෙදාගත් හැටි විගණනය හෙළි කරයි...භාණ්ඩාගාර අනුමැතියකින් තොරව  කෝටි 6කට ආසන්න දීමනා සහ 145% දක්වා වැටුප් වැඩිවීම් ලබාගෙන!

මහා භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතිය ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) කාර්ය මණ්ඩලයට දීමනා වර්ග 07ක් යටතේ රුපියල් පන්කෝටි අනූහත් ලක්ෂ අනූනවදහස් හැටඑකක (රු. 59,799,061) මුදලක් ඉකුත් 2025 වර්ෂය තුළ ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

</p>

<p>

එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබා ගැනීමකින් තොරව කොමිෂන් සභාව විසින් ඉකුත් 2025 වර්ෂයේ අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩි කරගෙන තිබූ බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

</p>

<p>

එම වැටුප් වැඩිවීම ප්‍රතිශතයක් ලෙස සියයට 34 සිට සියයට 145 දක්වා ඉහළ පරාසයක පැවති බව විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

</p>

<p>

මේ පිළිබඳව කොමිෂන් සභාව විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ, 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 12 (1) වගන්තිය යටතේ කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සේවක සංඛ්‍යාව කළමනාකරණය, පාරිශ්‍රමික අනුපාත සහ වෙනත් ප්‍රතිලාභ තීරණය කිරීමේ අවසාන බලය කොමිෂන් සභාව වෙත පැවරී ඇති බවය.

</p>

<p>

කෙසේ වෙතත්, 2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතු බව ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශ කොට ඇත.