පඩිය එක් ලක්ෂ හතලිස් දහසයි... මෝටර් රථයේ ලීසිං වාරිකය එක් ලක්ෂ තිස් දහසයි... වාහනයට ගෙවූ හැටි කියාගන්න බෑ... මූල්‍ය අපාරධ චෝදනා මත ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත නොවැම්බර් 6 දක්වා රිමාන්ඩ්
මාතර සමූපකාර සමිතියෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කළ බවට සැක කෙරෙන පුද්ගලයකු විසින් අදාළ මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ඇති බවට අනාවරණය වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත. මෙම විමර්ශනය ක්‍රියාත්මක වන්නේ මාතර සමූපකාර සමිතියේ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල කොටසක් ලෙසය.
LSN Sri Lanka ·

මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි ලීසිං වාරික ගෙවීමට මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරිය ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත , ලබන සිකුරාදා (නොවැම්බර් 06) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඇය, අද (නොවැම්බර් 03) පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායකගේ නිල මැදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලදී.

සැකකාරිය සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ වරුණි බෝගහවත්ත සතු 'CBE 1874' දරන රතු පැහැති හොන්ඩා වෙසල් (Honda Vezel) වර්ගයේ මෝටර් රථය පසුගියදා FCID භාරයට ගෙන තිබුණි. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඇය සේවය කළ කොටවිල පොලිස් ස්ථානයට ගොස් අදාළ නිලධාරිනියගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම මෝටර් රථය ද අත්අඩංගුවට ගත්තේය.

මාතර සමූපකාර සමිතියෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කළ බවට සැක කෙරෙන පුද්ගලයකු විසින් අදාළ මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ඇති බවට අනාවරණය වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.

අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් FCID නිලධාරීන් පැවසූ පරිදි, සැකකාරියගේ බැංකු ගිණුම්වලට විශාල මුදල් ප්‍රමාණයක් බැර වී ඇති අතර, ඇගේ මාසික වැටුප රුපියල් 140,000කි. නමුත් මෙම මෝටර් රථයේ මාසික ලීසිං වාරිකය රුපියල් 132,000ක් පමණ වේ. මෙම මූල්‍ය අසමතුලිතතාවය සහ මුදල් මූලාශ්‍රය පිළිබඳ සාධනීය පැහැදිලි කිරීමක් කිරීමට නොහැකි වීම මත විමර්ශන ඉදිරියට ගෙන යාමට අවශ්‍ය බව අධිකරණයට දැනුම් දී ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය නොවැම්බර් 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ අතර, විමර්ශන වාර්තාවක් සිකුරාදා දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස FCID වෙත ද නියෝග කර ඇත.

මෙම විමර්ශනය මාතර සමූපකාර සමිතියේ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල කොටසක් වන අතර, ඉදිරියේදී වැඩිදුර අනාවරණ ලැබිය හැකි බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.