සමෘද්ධි දෙපාර්තමේන්තුවේ වසර 6කදී රුපියල් මිලියන 270ක මූල්‍ය වංචා 181ක්!
සමෘද්ධි බැංකු පද්ධතිය තුළ පවතින අඩුපාඩු මෙන්ම විනය නියෝග මඟින් ලබාදෙන දඬුවම් ලිහිල් කිරීම යන හේතු, නිලධාරීන් විසින් දිගින් දිගටම මෙලෙස මූල්‍ය වංචා සිදුකිරීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
LSN Sri Lanka ·

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය වෙත 2020 සිට 2025 දක්වා වූ ඉකුත් වසර හයක කාලය තුළදී රුපියල් මිලියන 270.47ක මූල්‍ය වංචා 181ක් වාර්තා වී ඇති බව අනාවරණය වේ.
</p>
<p>
මෙම මූල්‍ය වංචාවලට අදාළ සිදුවීම් 58කට සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 104 පරික්ෂණය පැවැත්වීමෙන් පසු රුපියල් මිලියන 42.51ක මුදලක් අයකරගෙන තිබේ.
</p>
<p>
කෙසේ වෙතත් රුපියල් මිලියන 56.19ක් වූ මූල්‍ය වංචා 05කට අදාළ කටයුතු මෙතෙක් අවසන් කර නොමැති අතර, මෙම මූල්‍ය අක්‍රමිකතා 2014 ජනවාරි මස සිට 2019 දක්වා කාලය තුළ සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල සිදුව ඇති බවද සඳහන් වේ.
</p>
<p>
සමෘද්ධි බැංකු පද්ධතිය තුළ පවතින අඩුපාඩු මෙන්ම විනය නියෝග මඟින් ලබාදෙන දඬුවම් ලිහිල් කිරීම යන හේතු, නිලධාරීන් විසින් දිගින් දිගටම මෙලෙස මූල්‍ය වංචා සිදුකිරීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
</p>
<p>
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත් විගණන වාර්තාව මඟින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.