දිත්වා සුළි සුළඟින් කැඩුණු මාර්ග කිලෝමීටර් 600ක් හදන්න අලුත් ව්‍යාපෘතියක් සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්:!
2025 නොවැම්බර් අගදී හමාගිය 'දිත්වා' සුළි සුළඟින් රට පුරා දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි ජනතාව ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් පීඩාවට පත් වූහ. ලෝක බැංකු වාර්තාවලට අනුව සිදු වූ මුළු භෞතික හානිය ඩොලර් බිලියන 4.1කි. මෙයින් වැඩිම හානියක් සිදු වූයේ පාරවල්, පාලම්, දුම්රිය මාර්ග සහ ජල පද්ධති ඇතුළු යටිතල පහසුකම්වලටය.
LSN Sri Lanka ·

2025 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට බලපෑ 'දිත්වා' සුළි සුළඟින් දැඩි ලෙස හානියට පත් පළාත් සහ ප්‍රාදේශීය මාර්ග කිලෝමීටර් 600ක් පමණ නැවත පිළිසකර කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක අතිරේක මුදලක් ලබා දීමට ලෝක බැංකුව තීරණය කර තිබේ.

මෙම අලුත් මුදලත් සමඟ, මාර්ග සංවර්ධනය වෙනුවෙන් 2021 වසරේ සිට ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව ලබා දී ඇති මුළු ආධාර මුදල ඩොලර් මිලියන 610 දක්වා ඉහළ යයි. එමෙන්ම එම ව්‍යාපෘතියේ කාලසීමාව 2029 ඔක්තෝබර් 31 දක්වා තවත් වසර තුනකින් දීර්ඝ කිරීමට ද පියවර ගෙන ඇත.

මෙහි දී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ සුළි සුළඟින් දරුණු ලෙස හානියට පත් ප්‍රදේශවල ජනතාවට වෙළෙඳපොළවල්, පාසල් සහ රෝහල් වෙත යාමට ඇති මාර්ග ඉක්මනින් සකස් කර දීමටය. අනාගතයේ දී මෙවැනි ගංවතුර හෝ නායයෑම් ආපදාවලට ඔරොත්තු දෙන පරිදි ශක්තිමත් තාක්ෂණයෙන් සහ විධිමත් කානු පද්ධති සහිතව මෙම මාර්ග නැවත සකස් කිරීමට නියමිතය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සඳහාවන ලෝක බැංකු ප්‍රධානී ගෙවෝර්ග් සර්ග්සියන් පැවසුවේ, මෙය හුදෙක් පාරවල් හැදීමක් පමණක් නොව, ගොවීන්ට තම අස්වැන්න වෙළෙඳපොළට ගෙන යාමටත්, පවුල්වලට අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමටත් මෙන්ම ජනතාවගේ බිඳවැටුණු ජීවනෝපායන් නැවත ගොඩනැඟීමට උපකාර කිරීමක් බවය.

මෙම ව්‍යාපෘතිය මඟින් දිස්ත්‍රික්ක අටක ජනතාව ලක්ෂ අටහමාරකට ආසන්න පිරිසකට සෘජු ප්‍රතිලාභ හිමි වන අතර, ලක්ෂ විස්සකට ආසන්න සංඛ්‍යාවකට වක්‍ර ප්‍රතිලාභ හිමි වේ. මහනුවර, නුවරඑළිය, බදුල්ල, මාතලේ, කෑගල්ල, පුත්තලම, රත්නපුර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක මෙහි ඉලක්කගත ප්‍රදේශ වේ. තවද, මාර්ග පිළිසකර කිරීමේ දී 5,600කට ආසන්න පිරිසකට රැකියා හිමි වන අතර, තේ, එළවළු සහ වී වගා කරන ගොවීන් 22,000කට ආසන්න ප්‍රමාණයකට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට පහසුකම් සැලසේ.

සුළි සුළඟින් වූ හානිය සහ මීට පෙර ලැබුණු ආධාර

2025 නොවැම්බර් අගදී හමාගිය 'දිත්වා' සුළි සුළඟින් රට පුරා දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි ජනතාව ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් පීඩාවට පත් වූහ. ලෝක බැංකු වාර්තාවලට අනුව සිදු වූ මුළු භෞතික හානිය ඩොලර් බිලියන 4.1කි. මෙයින් වැඩිම හානියක් සිදු වූයේ පාරවල්, පාලම්, දුම්රිය මාර්ග සහ ජල පද්ධති ඇතුළු යටිතල පහසුකම්වලටය.

ප්‍රවාහන ක්ෂේත්‍රයට පමණක් සිදු වූ හානිය ඩොලර් මිලියන 973ක් වන අතර, ඒවා යථා තත්ත්වයට පත් කිරීමට ඩොලර් බිලියන 1.31ක් පමණ අවශ්‍ය බව තක්සේරු කර තිබේ.

දැනටමත් ක්‍රියාත්මක වන ලෝක බැංකු ව්‍යාපෘතිවල තිබූ හදිසි ප්‍රතිපාදන මුදල් යොදවා ගනිමින් පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසවල දී ද හානියට පත් ප්‍රධාන පාරවල් අලුත්වැඩියා කිරීමට පියවර ගෙන තිබිණි. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මෙම සියලු සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.