LSN News › Sri Lanka

වැහෙන්න යන පහළ මත්තල ප්‍රාථමික විද්‍යාලය ශිෂ්‍යත්වයෙන් ලුණුගම්වෙහෙර කොට්ඨාසයේ පළමු තැනට – 62.5%ක විශිෂ්ට සමත්!

62.50%ක සමත්වීමේ ප්‍රතිශතයක් වාර්තා කරමින් ලුණුගම්වෙහෙර අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට මෙම දුෂ්කර පාසල සමත්ව තිබේ. සියලු පහසුකම් සහිත ප්‍රමුඛ පෙළේ පාසල් රැසක් අභිබවා යමින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළද ඉහළ ප්‍රතිශතයක් සටහන් කිරීමට හැකිවීම විශේෂත්වයකි.

LSN Sri Lanka · 8 September 2026

වැහෙන්න යන  පහළ මත්තල ප්‍රාථමික විද්‍යාලය ශිෂ්‍යත්වයෙන් ලුණුගම්වෙහෙර කොට්ඨාසයේ පළමු තැනට –  62.5%ක විශිෂ්ට සමත්!

ලුණුගම්වෙහෙර අධ්‍යාපන කොට්ඨාසයේ වැසීයාමේ තර්ජනයට මුහුණ දී සිටින පහළ මත්තල ප්‍රාථමික විද්‍යාලය මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්ව තිබේ.

එම විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් අට දෙනාගෙන් පස් දෙනෙකුම විභාගය ඉහළින්ම සමත්ව ඇත. අනෙක් සිසුන් තිදෙනා ද ලකුණු 100 සීමාව ඉක්මවා ලබාගැනීමට සමත් වූ බව විදුහල්පති බී.එස්.සී. කුමාර පැවසීය.

ඒ අනුව 62.50%ක සමත්වීමේ ප්‍රතිශතයක් වාර්තා කරමින් ලුණුගම්වෙහෙර අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට මෙම දුෂ්කර පාසල සමත්ව තිබේ. සියලු පහසුකම් සහිත ප්‍රමුඛ පෙළේ පාසල් රැසක් අභිබවා යමින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළද ඉහළ ප්‍රතිශතයක් සටහන් කිරීමට හැකිවීම විශේෂත්වයකි.

නිරන්තර වන අලි තර්ජන මැද පවත්වාගෙන යන මෙම පාසලට පැමිණෙන්නේ ආර්ථික අපහසුතා රැසකට මුහුණ දෙන දෙමාපියන්ගේ දරුවන්ය. අමතර පන්ති සඳහා සහභාගී වීමට පවා වරම් නොමැති මෙම දරුවන්, විදුහල්පති බී.එස්.සී. කුමාර සහ පන්තිභාර ගුරු යූ.ජී.එන්. එරන්දතිගේ කැපවීම හා කැපකිරීම මත මෙම ජයග්‍රහණය කරා මෙහෙයවා ඇත.