දේශපාලඥයන් සහ ඔවුන්ගේ ගෝලයින් අල්ලන් ඉන්න ඉඩම් ගොවීන්ට නිදහස් කරන්න - නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් උතුරු නැගෙනහිර දේශපාලකයින්ගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි!
උතුරු නැගෙනහිර පළාත්වල ගැසට් කර ඇති වන සංරක්ෂණ හා වනජීවී ඉඩම් ගොවීන්ට නිදහස් කිරීමට පියවර ගන්නා බවත්, ඊට පෙර දේශපාලඥයන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින ඉඩම් නිදහස් කරන ලෙසත් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
LSN Sri Lanka ·

උතුරු නැගෙනහිර පළාත්වල ගැසට් කර ඇති වනජීවී සහ වන සංරක්ෂණ ඉඩම් සුදුසු පරිදි ගොවීන් වෙත නිදහස් කරන බවත්, ඊට පෙර අනීතිකව දේශපාලකයින් විසින් එම ප්‍රදේශයේ අත්පත් කරගෙන ඇති ඉඩම් ගොවීන්ට නිදහස් කරන ලෙස සිය ගෝල බාලයින්ට දන්වා සිටින ලෙසත් ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින දේශපාලකයින්ගෙන් ඉල්ලීමක් කළේය.

පාර්ලිමේන්තුවේදී යොමු වූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 1990 සහ ඒ ආශ්‍රිත කාලවකවානුවල පැවති යුද්ධමය තත්ත්වය සහ එම යුද්ධමය තත්ත්වය අවසන් වීමත් සමග උතුරු, නැගෙනහිර ඇතුළු ප්‍රදේශ ගණනාවක ඉඩම් වන සංරක්ෂණ සහ වනජීවී කලාප ලෙස ගැසට් කර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම ඉඩම් ගැටලුව හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවගේ නිවාසික, කෘෂිකාර්මික මෙන්ම වාණිජමය කටයුතු කරගෙන යාමේදී බරපතල බාධාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම තත්ත්වය උතුර සහ නැගෙනහිරට පමණක් නොව දකුණේ සමහර ප්‍රදේශවලටද පොදු එකක් බව සඳහන් කළේය.

මේ වන විට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය සහ නිලධාරීන් සමග සාකච්ඡා කොට, වන සංරක්ෂණ සහ වනජීවී භූමි ලෙස පවතින කෘෂිකාර්මික හා නිවාසික ඉඩම් නිදහස් කරගැනීමේ විශේෂ සාකච්ඡා වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. දැනටමත් ඇතැම් දිස්ත්‍රික්කවල මෙම ගැටලුව සැලකිය යුතු මට්ටමකින් නිරාකරණය කිරීමට හැකිවී ඇති බවද හෙතෙම අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වනජීවී හා වන සංරක්ෂණ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයට අමතරව, දේශපාලනඥයන් සහ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන හිතවතුන් විසින් අක්කර සිය ගණනින් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටීම මෙම ප්‍රදේශවල පවතින තවත් බරපතල ප්‍රශ්නයක් බවයි.

කිලිනොච්චිය සහ මුලතිව් වැනි දිස්ත්‍රික්කවල සැබෑ වගාකරුවන් වන ගොවීන්ට වගා කිරීමට අක්කරයක්වත් නොමැති පසුබිමක, දේශපාලනඥයන් අක්කර 100 හා 150 ප්‍රමාණවලින් ඉඩම් අල්ලාගෙන සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේය.

එබැවින් රජයක් ලෙස වන සංරක්ෂණ සහ වනජීවී භූමිවල පවතින ඉඩම් නීත්‍යානුකූලව නිදහස් කිරීමට පියවර ගන්නා අතරම, දේශපාලනඥයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින ඉඩම්ද වහාම සැබෑ ගොවීන් වෙත ලබා දිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

තමන්ගේ පක්ෂවල ගෝලබාලයන් විසින් මෙලෙස ඉඩම් අල්ලාගෙන ඇත්නම්, එම ඉඩම් ගොවීන්ට ලබාදීමට කටයුතු කරන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවත්, අදාළ ආයතන සමග සාකච්ඡා කර ඉක්මනින්ම මෙම භූමි නීත්‍යානුකූලව නිරවුල් කර ගොවීන්ට ලබා දීමට රජය සූදානම් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.