ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතෙහි පවතින අඩුපාඩු ආවරණය කරමින් සකස් කරන ලද "ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත" නමැති නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශ අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
LSN Sri Lanka ·

මෙම නව නීතිය හඳුන්වා දීමේ අවශ්‍යතාව මත ඒ පිළිබඳ මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කර තිබූ අතර, එම කමිටුව විසින් සකස් කරන ලද මූලික කෙටුම්පත මත පදනම්ව මෙම නව පනත හඳුන්වා දීමට පසුගිය අගෝස්තු 10 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය හිමි වී ඇත.

ඊට අදාළව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපති නිශ්කාශනය ද ලැබී තිබේ.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

ත්‍රස්තවාදය හැඳින්වීම, වරෙන්තු නැතිව අත් අඩංගුවට ගැනිම. පාපොච්චාරණය සාක්ෂියක් කරගැනීම ඇතුළු සමාජය තුළ බරපතල විවේචනයට ලක් වුන ලක්ෂණ මෙම කෙටුම්පතෙන් ඉවත් වී ඇති බවත්, මේ සම්බන්ධව අවශ්‍ය සමාජ විවාදය පාර්ලිමේන්තුව තුළ ගොඩනැගීමෙන් අනතුරුව අවසන් කෙටුම්පත සකස් වන බවත් මේ සම්බන්ධව ඇමතිවරයා පැවසුවේය.