එල්ටීටීඊ කඳවුරක් යැයි කියමින් කළ ප්‍රචාරය බොරුවක් බව රජය කියයි... ප්‍රචාරයට එරෙහිව විශේෂ විමර්ශනයක්!
පලෙයි කැලෑවේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කළ බව කියන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බවත්, එම සාවද්‍ය ප්‍රවෘත්තිය නිර්මාණය කළ පිරිස් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් රජය අනාවරණය කරයි.
LSN Sri Lanka ·

පලෙයි කැලෑවේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කළ බව කියන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බවත්, එම සාවද්‍ය ප්‍රවෘත්තිය නිර්මාණය කළ පිරිස් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් රජය අනාවරණය කරයි.

මාධ්‍ය හමුවක් කැඳවා මෙම කඳවුර සම්බන්ධව අන්තර් මහාද්වීපික මානව හිමිකම් කොමිසම නැමැති සංවිධානයක් විසින් මේ සම්බන්ධව පවසා තිබිණි.
ඔවුන් මාධ්‍යයට කීවේ ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක අක්කර 49ක පමණ භූමි ප්‍රමාණයක් එළිපෙහෙළි කරමින් රහසිගත පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සැක පහළළ කරන බවය. එම කොමිසමේ විධායක අධ්‍යක්ෂ සංගීත් ඩයස්සේකර පවසන්නේ, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති බවයි.

අදාළ රක්ෂිතය තුළ කිසිදු රජයේ අනුමැතියකින් තොරව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරමින් පවතින බවත්, එහි පුද්ගලයින් 100ත් 150ත් අතර පිරිසක් සේවය කරන බවත් ඔහු අනාවරණය කළේය. මෙය එල්ටීටීඊ පුහුණු කඳවුරක් හෝ බෝම්බ නිෂ්පාදනාගාරයක් ලෙස භාවිත කිරීමට සූදානම් වන්නේ ද යන්න පිළිබඳව ප්‍රදේශවාසීන් සහ නිලධාරීන් අතර දැඩි සැකයක් මතුව ඇතැයි පෙන්වා දෙන සංගීත් ඩයස්සේකර තවදුරටත් සඳහන් කරන්නේ, මෙම ව්‍යාපෘතිය පිටුපස රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් මෙය විදේශීය ආධාර මත ක්‍රියාත්මක වන්නක් බවට සැක කරන බවත්ය.

අද (18) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අදාළ ඇමතිවරයා පෙන්වා දුන්නේ, ප්‍රදේශයේ සිදුකර ඇති අනවසර ඉදිකිරීම් සහ පරිසර විනාශයන් විකෘති කරමින් මෙලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බවය.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අක්කාරයන්කුලම් පොලිස් වසමට අයත් කන්නගිපුරම් බටහිර ග්‍රාමසේවා වසමේ උක්කන්පන් (මුක්කන්කම්) ප්‍රදේශයේ සිදුව ඇති මෙම සිද්ධිය පිළිබඳ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිලින්ද ජයතිස්ස මෙසේ අනාවරණය කළේය.

ගැසට් කළ රක්ෂිතයක අනවසර ඉදිකිරීම්

1919 නොවැම්බර් මස 17 වැනිදා අංක 7064 දරන ගැසට් නිවේදනය මගින් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මෙම ඉඩමේ 2025 වසරේ සිට කැලෑ එළිපෙහෙළි කිරීම් වාර්තා වී තිබේ. ඉන්පසුව 2026 ජනවාරි මාසයේදී දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පටන්ගෙන ඇති අතර, මේ වන විට එහි මහල් හතරක ගොඩනැගිල්ලක් ඉදිකර ඇත.

මෙම අනවසර ඉදිකිරීම් සහ වගාවන් සම්බන්ධයෙන් අඩවි වන කාර්යාලය මගින් වැටලීම් ගණනාවක් සිදුකර නඩු 7ක් පවරා තිබෙන්නේ ත්‍යාගරාසා ගුනදීපන් නමැති පුද්ගලයෙකුට එරෙහිවය. මොහු මුලින් අක්කර 10ක් සහ පසුව අක්කර 20ක් අනවසරයෙන් අල්ලාගෙන කෝමාරිකා तथा එළවළු වගා කර ඇති බව හෙළිවී තිබේ.

අධිකරණ තහනම් නියෝග සහ රාජකාරියට බාධා කිරීම්

2026 පෙබරවාරි 06 වන දින කිළිනොච්චි මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ භූමියට ඇතුළුවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇති අතර, එම තහනම් නියෝගය ඉවත් කරන ලෙස කළ ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

එසේ තිබියදීත්, අදාළ පුද්ගලයා ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වැලි කැනීම් සිදුකර ඇති අතර, ඊට එරෙහිවද පොලිසිය මගින් නඩු පවරා තිබේ. පසුව 2026 ජූලි 22 වන දින අඩවි වන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සහාය ඇතිව වැටලීමක් සිදුකර, හිමිකරු ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් වරින් වර අත්අඩංගුවට පත්වෙමින් ඇප මත මුදාහැර ඇති අතර, ගතවූ වසර එකහමාරක කාලය තුළ අවස්ථා කිහිපයකදීම අධිකරණය හමුවට පැමිණ තිබේ.

ඇඟලුම් කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කිරීමක්

අදාළ නව ඉදිකිරීම තුළ මැෂින් කිහිපයක් සවිකර ඇඟලුම් කර්මාන්තයක් පවත්වාගෙන යන අතර, එය යම් කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කර ඇති බව ද අනාවරණය වී ඇත.

එබැවින්, රක්ෂිත ඉඩමක සිදුකරන ලද නීති විරෝධී ක්‍රියාකාරකම් වසාගැනීමට හෝ වෙනත් අරමුණක් උදෙසා මෙලෙස එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට අතිශය ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම සාවද්‍ය තොරතුරු සමාජගත කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.