LSN News › Sri Lanka

මහනුවර පෙරහර බලන්න පදික වේදිකාවේ හැදූ අට්ටාලය නගරාධිපති නියෝගයෙන් ගලවා ඉවත් කරයි!

මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා ආසන පැනවීමට සභා සම්මුතියකින් මහනුවර රැජිණ හෝටලය සහ ක්වින්ස් කොරිඩෝව අතර පදික වේදිකාවේ ඉදිකළ අට්ටාලය නගරාධිපතිවරයාගේ නියෝගයෙන් ගලවා ඉවත් කර තිබේ.

LSN Sri Lanka · 18 August 2026

මහනුවර පෙරහර බලන්න පදික වේදිකාවේ හැදූ අට්ටාලය නගරාධිපති නියෝගයෙන් ගලවා ඉවත් කරයි!

මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා ආසන පැනවීමට සභා සම්මුතියකින් මහනුවර රැජිණ හෝටලය සහ ක්වින්ස් කොරිඩෝව අතර පදික වේදිකාවේ ඉදිකළ අට්ටාලය නගරාධිපතිවරයාගේ නියෝගයෙන් ගලවා ඉවත් කර තිබේ.

ආබාධ සහිත දරුවන්ට, පෙරහර රාජකාරි සඳහා කැපවන නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙන්ම මන්ත්‍රීවරුන්ගේ පවුල්වල උදවියට පෙරහර නැරඹීම සඳහා මෙහි ආසන පැනවීමට සැලසුම් කර තිබිණි. අදාළ ආසන පැනවීම සිදු කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කිසිදු විරෝධයකින් තොරව නගර සභාවේදී සම්මත වී තිබූ එකකි.

පෙරහර ආරම්භ වීමට දින දෙකක් තිබියදී ආසන පනවන ස්ථානය ආවරණය වන පරිදි මෙලෙස අට්ටාලයක් ඉදිකිරීමට නගර සභාව පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත් මහජනතාව ගමන් ගන්නා පදික වේදිකාව මත ආසන පැනවීම නීති විරෝධී බව දක්වමින් ඇතැම් පිරිස් ඊට දැඩි විරෝධය පළ කර සිටියහ.

අදාළ ස්ථානයේ අට්ටාලයක් ඉදිකිරීමට කටයුතු කළේ සභා තීරණයකට අනුව වුවද, ඒ සම්බන්ධයෙන් මතුවූ යම් යම් විරෝධතා සැලකිල්ලට ගෙන එය වහාම ඉවත් කරන ලෙස තමන් දැනුම් දුන් බව මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක සඳහන් කළේය.

මේ අතර මහජනතාව සඳහා වෙන්කර තිබෙන පදික වේදිකාවේ පුටු දමා පෙරහර නැරඹීම සඳහා නගර සභාව මෙලෙස යෝජනාවක් සම්මත කිරීම කනගාටුවට කරුණක් බව හිටපු නාගරික මන්ත්‍රී ආනන්ද සනත් කුමාර පැවසීය.