LSN News › Sri Lanka

Culture & Entertainment · Sri Lanka Bureau

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි: හෙළ ගී කෙත සුවඳවත් කළ සුගන්ධවත් යතිවරයාණෝ!

රඹුනක සිද්ධාර්ත හිමියෝ අපවත්වී ඇත්තාහ. සිංහල ගේය පද සාහිත්‍යයේ යතිවර ලකුණ සටහන් කළ උන්වහන්සේ අතීත කව්‍යක්කාර හිමිවරුන්ගේ නූතන ලකුණ ලෙස අප අභිමුව වැඩ උන්හ.

LSN Sri Lanka · 18 August 2026

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි: හෙළ ගී කෙත  සුවඳවත් කළ සුගන්ධවත් යතිවරයාණෝ!

රඹුකන සිද්ධාර්ත හිමියෝ නික්ම ගොස් ඇත්තාහ. ලෝ දහම එය බව සැබෑය. එහෙත් පෘථජන මනස ඒ වෙන්වීම යථාව එක්වර පිළිගන්නේ නැත. ශ්‍රී ලාංකේය ගේය පද සාහිත්‍යය තමාටම ආවේණික සන්සුන්, සුගන්ධවත් මෙන්ම සංවේදී නැවුම්බවක් එක් කළ උන්වහන්සේ ගේ අපවත්වීම සම්බන්ධ පුවත අප කම්පා කරන්නේය. උන්වහන්සේ සහෘද හදවත් තුළ නොපෙනෙන ගැඹුරක වැඩසිටිමින් මහා රස භාවයන් ඉපදවූ යුග සලකුණක් වන බැවිනි.

උපත සහ ළමාවිය

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ 1950 මැයි 22 වන දින (වෙසක් පුර පසළොස්වක පෝය දිනයක) මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ආසන්නයේ පිහිටි රඹුකන ගම්මානයේදී ජනිත වූහ. බී. එල්. සයිමන් සහ සොබනා හාමි යුවළගේ පුත් රුවන ලෙස මෙලොව එළිය දුටු උන්වහන්සේගේ ගිහි නාමය ආනන්ද ලියනගේ විය. වෙසක් පෝය දිනයක උපත ලැබූ බැවින්, මෙම දරුවා අනාගතයේදී ශාසනයට පූජා කරන ලෙස උපත සිදුවූ මොහොතේ සේවය කළ හෙදියක මවගෙන් ඉල්ලා සිටි බව කියැවේ.

කුඩා කල සිටම අනෙකුත් දරුවන්ට වඩා වෙනස් ආගමික නැඹුරුවක් දැක්වූ ආනන්ද දරුවා පන්සලට, බෞද්ධ කථාවලට මෙන්ම “යශෝධරාවත” සහ “තුන්සරණේ කවි” වැනි ආගමික කවි උස් හඬින් ගායනා කිරීමට දැඩි කැමැත්තක් දැක්වීය.

පැවිදි දිවිය සහ අධ්‍යාපනය

කෙළිලොල් බවින් පිරි ළමා වියේ ලැබූ මෙම ආගමික පරිසරයේ ආභාසය හේතුවෙන්, වයස අවුරුදු 12දී ඔහු “රඹුකන සිද්ධාර්ථ” නමින් සාමණේර පැවිදි බිමට ඇතුළත් විය. සාමණේර සමයේ ලද නොමැකෙන අත්දැකීම් පසුකාලීනව උන්වහන්සේ අතින් ලියවුණු “ළමා වියේ කිරි සුවඳ ගියේ නැත...” වැනි සංවේදී ගී පද බවට පත් විය.

මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ, පැවිදි වීමෙන් අනතුරුව ගාල්ලේ හෙට්ඨාචල පිරිවෙනෙන් මූලික ආගමික අධ්‍යාපනය ලැබූහ. පසුව කොළඹ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හැදෑරූ අතර, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් දිනා ගැනීමට සමත් වූහ.

ගේය පද රචනයට පිවිසීම සහ ශාසනික මෙහෙවර

1976 වසරේදී විශාරද දයාරත්න රණතුංගයන් උදෙසා රේඩියෝ වැඩසටහනකට රචනා කළ “කල්ප කාල ගත වෙනතුරු – මෙතෙ බුදුන් බුදු වෙනතුරු” ගීතයෙන් උන්වහන්සේගේ ගී පද රචනා ජීවිතය ආරම්භ විය. එතැන් පටන් දශක ගණනාවක් පුරාවට බෞද්ධ සංස්කෘතිය, සොබාදහම, ප්‍රේමය, ජීවිතයේ අනිත්‍යතාව සහ සමාජීය සංවේදීතාව තේමා කරගනිමින් ජනප්‍රිය මෙන්ම අර්ථපූර්ණ ගීත රැසක් නිර්මාණය කළහ. ජනතාව අතර “සිංදු ලියන අපේ හාමුදුරුවෝ” ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ උන්වහන්සේ, බුදුදහමේ ගැඹුරු සත්‍යයන් සරල ගී පද බවට හරවා ජනතාව අතරට ගෙන යාමට ගීතය මාධ්‍යයක් කරගත්හ.

උන්වහන්සේ අතින් ලියැවුණු අමරණීය ගී නිර්මාණ කිහිපයක්:

ළා දළු බෝපත්

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති

බුදු බණ ඇසුවා

සඳ තරු මල්

නුඹට හිතැති නුඹ හිත නැති

මේ ඉර හද යට හමු වී

සරසවි කඳුළු පාය

සෙනෙහස පුදා

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ

වෙහෙරක් වගේ

පන්සලේ පල්ලියේ

සියක් ආයු ලැබ

කලාත්මක නිර්මාණ වෙනුවෙන්ද උන්වහන්සේ සම්මානයට පාත්‍ර වූහ. “සඳකඩපහණ” චිත්‍රපටයට රචනා කළ “පෙර සංසාරේ” ගීතය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් ද, “අලෝකෝ උදපාදී” චිත්‍රපටයේ ගීතය උදෙසා දෙරණ සිනමා සම්මානයෙන් ද පිදුම් ලැබූහ.

1987දී ඇරඹි “සංසාරේ අපි” කැසට් පටයේ සිට “ගම්මානේ අපි”, “සමනල කන්ද”, “සංසාරේ ගී යාතිකා”, “බුදු අමා වැස්ස” සහ “සංසාර චාරිකා” වැනි ජනප්‍රිය කැසට් පට, සංයුක්ත තැටි මෙන්ම “සසර දනව්ව” වැනි ගේය පද සංග්‍රහයන් ද උන්වහන්සේ සමාජගත කළහ.

නොමැකෙන මතකය

ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යය වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කරමින්, භික්ෂූන් වහන්සේලාට ගී පද රචනා ක්ෂේත්‍රයට පිවිසීමට පුරෝගාමී මාර්ගයක් විවෘත කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ, රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2026 අගෝස්තු 18 වන දින 76 වන වියේදී අපවත් වී වදාළහ.

උන්වහන්සේ සමුගත්තද, උන්වහන්සේගේ සුගන්ධවත් ගී පද නිර්මාණ සිංහල සූගන්ධවත් ගේය සාහිත්‍යය තුළ සහ සහෘද හදවත් තුළ සදාතනිකව ජීවත් වනු ඇත.