LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

ගාල්ලේ ටෙස්ට් තරග පරාජයෙන් බේරෙන්න ශ්‍රී ලංකාවට ආශ්චර්යයක් අවශ්‍යයයි!

හෙට තරගය ගැන අපට බොහෝ දේ කියන්නට නැත. ගාල්ලේ දි ඉන්දියාවෙන් හොදටම ගුටි කා අහිමිහිරි පරාජයක් සමග පළමු ටෙස්ට් තරගය නිමා කිරීමේ සාතිශය වැඩි ඉඩකඩක් අප විසින් නිර්මාණය කර ඇත.

LSN Sri Lanka · 18 August 2026

ගාල්ලේ ටෙස්ට් තරග  පරාජයෙන් බේරෙන්න ශ්‍රී ලංකාවට ආශ්චර්යයක් අවශ්‍යයයි!

තරගයේ සිවු වන දිනය නිමා වී ඇත්තේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙමින් ඇති ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් තරගය ගැන යථාර්ථවාදීව හිතනවා නම් අපට නම් ගොඩ යන ඉඩක් පෙනෙන්නේ නැත. අප දිනය නිමා කර ඇත්තතේ සොහොන් ලකුණු සමගය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පළමු ඉනිම සඳහා ලකුණු 462ක් සහ දෙවන ඉනිම සඳහා ලකුණු 193ක් රැස් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේදී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 284ක් පමණි. තරගයේ දෙවැනි ඉනිම ආරම්භ කරනවිටම ඉන්දියාව හිටියේ ලකුණු 178ක් ඉදිරියෙනි. දෙවැනි ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 193ක් රැස් කරගන්නා විට ඉන්දියාව අපට ලකුණු 372ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දී තිබිණි.

372ක ජයග්‍රහාහී ඉලක්ක ගැන අපට හීන නැත. පළමු පෙළ කඩුළු 04ක්ම ලකුණු 84කට දැවි ගොස්ය. තව ලකුණු 288ක් පෙනෙමින් ඇත. මුල් ඉනිමේ වාගේම දෙවැනි ඉනිමේදිත් නිශාන් මධුෂ්ක ෆේල්ය. ලබා ගන්නේ ලකුණු 06කි. ලහිරු උදාරත් අපේක්ෂිත බර කණ්ඩායමට ලබා දුන්නේ නැත. ඔහු ලකුණු 16කි. අතට ලැබුණු දේ කටට දාගැනීමට පිනක් නවක ක්‍රීඩක පසිඳු සූරියබණ්ඩාරට තිබුණේ නැත. චන්දිමාල් වෙනුවෙන් අහම්බෙන් ලැබුණු අවස්තාවට මේ තරුණයා කිසිම සාධාරණයක් ඉටු කලේ නැත. පළමු පන්දුවෙන්ම ඔහු දැවී ගියේය. ඒ කඩුල්ල ආවරණය කිරීම නිසාය. යලිත් කමිඳු මෙන්ඩිස් ෆේල්ය. ලබා ගන්නේ ලකුණු 02කි.

කඩුළු 04 බිඳ වැටෙන්නේ ලකුණු 50ක් ලබා ගන්නට පෙරය. එනම් ලකුණු 47දී ය.

ඉතිරිව ඇත්තේ කඩුළු 06ක් පමණි. අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර වැනි පිත්ත වනාගන්නවත් හුරු නැති පන්දු යවන්නන් ඒ අතරය.

තරගයේ සංක්ෂිප්තය

පළමු ඉනිමේදී ලකුණු 178ක ප්‍රබල ඉදිරියක් ලබාගත් ඉන්දීය කණ්ඩායම, සිව්වන දිනයේදී වේගයෙන් ලකුණු රැස් කිරීමට උත්සාහ කළේය. එහිදී රිෂාබ් පන්ට් පන්දු 69කදී වේගවත් ලකුණු 66ක් රැස් කළ අතර, දේව්දුත් පඩික්කාල් ලකුණු 44ක් සහ කේ.එල්. රාහුල් ලකුණු 35ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු 4ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් බිඳ හෙලූහ. ඉන්දීය දෙවන ඉනිම ලකුණු 193කට සීමා විය.

පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ පෙළ පිතිකරුවන් මුල් අදියරේදීම අසාර්ථක විය. මොහොමඩ් සිරාජ්, මානව් සුතාර් සහ ප්‍රසිද් ඉතා ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු බිඳ හෙලූහ. දිනය නිමාවන විට නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 31ක් සහ පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් සොනාල් දිනූෂ නොදැවී ලකුණු 25ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියහ.

ගාල්ල ක්‍රීඩාංගණයේදී ලකුණු 372ක වැනි විශාල ඉලක්කයක් මීට පෙර කිසිදු කණ්ඩායමක් සාර්ථකව හඹාගොස් නොමැත. මෙහි වාර්තා වී ඇති ඉහළම සාර්ථක හඹායාම වන්නේ 2022 වසරේදී පාකිස්තානය විසින් ලකුණු 344ක් හඹාගොස් තැබූ වාර්තාවය. ලංකාව පරාජයෙන් බේරා ගන්නට දැන් බලාපොරොත්තු තැබිය හැක්කේ වැස්ස ගැන පමණය. දැනට නම් ජයග්‍රහණය ඉන්දියාව අතේය.

ගාල්ල තණතිල්ලේ තත්ත්වය

ගාල්ල තණතිල්ල තරගය ඉදිරියට යත්ම දඟපන්දු යවන්නන්ට වැඩි සහයක් දක්වන තණතිල්ලක් ලෙස ප්‍රකටය. රතු මැටි පසෙන් සකසා ඇති මෙම තණතිල්ල, මුහුදු සුළඟ හේතුවෙන් ඉක්මනින් වියළී යන අතර, තරගයේ අවසන් භාගයේදී පන්දුව වැඩි වශයෙන් දඟකැවීම සහ අසාමාන්‍ය ලෙස ඉහළ පහළ යෑම සිදුවේ.

මුල් දින කිහිපය (1 සහ 2 දින):

තණතිල්ල පිතිකරණයට ඉතා යහපත් මට්ටමක පැවැති අතර යම් ප්‍රමාණයක තෙතමනයක් සහ තණකොළ සහිත බවක් දක්නට ලැබුණි. ඉන්දියාව පහසුවෙන්ම ලකුණු 462ක් රැස් කළේ එම බැවිනි. දඟපන්දු යවන්නන්ට යම් තරමක සහයක් ලැබුණද වැඩි කඩුලු සංඛ්‍යාවක් ලබා ගැනීමට එය ප්‍රමාණවත් වූයේ නැත.

අවසාන දින කිහිපය (3 සහ 4 දින):

තණතිල්ලේ ස්වභාවය වේගයෙන් වෙනස් වීමට පටන් ගත්තේය. සිව්වන දිනය වන විට එය ගාල්ල තණතිල්ලක දක්නට ලැබෙන සාම්ප්‍රදායික රළු ස්වභාවයට පත් විය. පන්දුව තියුණු ලෙස දඟකැවීමට පටන් ගත් අතර, පන්දුවේ පැන නැගීමද අසාමාන්‍ය විය (සමහර පන්දු පහතින් ගමන් කළ අතර ඇතැම් පන්දු හදිසියේ ඉහළ ගියේය). පැරණි පන්දුවෙන් පවා මෙවැනි වෙනස්කම් දක්නට ලැබුණි.

ගාල්ල තණතිල්ලේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන පරිදි වේගපන්දු යවන්නන්ටද යම් සහයක් හිමි විය. සිව්වන දිනයේදී විදහා දැක්වුණු කඩුලු 14න් කඩුලු 8ක්ම වේගපන්දු යවන්නන් විසින් දවාගැනීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, ප්‍රධාන තර්ජනය ලෙස දඟපන්දුව පැවැතුණි.

ගාල්ල තණතිල්ලේ ඓතිහාසික දත්ත:

පළමු ඉනිමේ සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව: 375ක් පමණ

සිව්වන ඉනිමේ සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව: 155ක් පමණ

මෑතකාලීන ටෙස්ට් තරගවලදී බිඳවැටුණු කඩුලුවලින් 70%ක්ම දඟපන්දු යවන්නන් විසින් ලබාගෙන ඇත.

මෙම තත්ත්වය හමුවේ සිව්වන ඉනිමේදී පිතිකරණයේ යෙදීම ඉතා දුෂ්කරය. තියුණු ලෙස දඟකැවීම සහ අසාමාන්‍ය පැන නැගීම නිසා ලකුණු රැස්කිරීම දැඩි අවදානම් සහගත වේ.

පස්වන දිනයේදී කෙබඳු තත්ත්වයක් අපේක්ෂා කළ හැකිද?

පස්වන දිනයේදී තණතිල්ල තවදුරටත් දුර්වල තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පන්දුව තවදුරටත් තියුණු ලෙස දඟකැවීම සහ අසාමාන්‍ය ලෙස ඉහළ පහළ යෑම සිදුවනු ඇත. ඉන්දියාවට තරගය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 6ක් පමණි. ඉන්දීය දඟපන්දු යවන මානව් සුතාර් සහ රවීන්ද්‍ර ජඩේජා ඉදිරි පැය කිහිපයේදී වඩාත් තර්ජනාත්මක වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ රැඳී සිටීමට නම් ධනංජය ද සිල්වා සහ සොනාල් දිනූෂ අතර ප්‍රබල සබඳතාවක් ගොඩනැගිය යුතු අතර, පසුපෙළ පිතිකරුවන්ගෙන්ද දැඩි සහයක් ලැබිය යුතුය. ඔවුන් දීර්ඝ වේලාවක් මහත් කැපවීමෙන් පන්දුවට පහරදිය යුතුව ඇත. ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩි සටනක නිරත වුවහොත් සහ වර්ෂාවෙන් තරගයට බාධා පැමිණියහොත් තරගය ජය පැරදුමෙන් තොරව නිමා කර ගැනීමට යම් ඉඩක් පවතී. කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීම ඉතා දුෂ්කරය.

සමස්ත තත්ත්වය:

තරගයේ පූර්ණ පාලනය ඉන්දියාව සතුව පවතී. ගාල්ල තණතිල්ල එහි සාම්ප්‍රදායික රටාව අනුගමනය කරමින් මුල් දිනවල පිතිකරණයටද, අවසන් දිනවල පන්දු යැවීමටද වැඩි සහයක් දක්වයි. අවසාන දිනයේදී තණතිල්ල සම්පූර්ණයෙන්ම පන්දු යවන්නන්ට හිතකර වනු ඇති බව පුරෝකථනය ය. අපට අබ සරණය.