LSN News › Sri Lanka

සඳගල සාපය - අවුරුදු තුනක් තිස්සේ අප රටට කී,  අල්ලස් කොමිසම ඊයේ අධිකරණයට කී කතාව!

LSN Sri Lanka · 19 August 2026

සඳගල සාපය - අවුරුදු තුනක් තිස්සේ අප රටට කී,  අල්ලස් කොමිසම ඊයේ අධිකරණයට කී කතාව!

සඳගල නැත. මේ වනවිට අප දන්නා තොරතුරු අනුව සඳගල කුඩු වී ඒ කුඩුත් මහවැලියේ ගං පත්ලේ වැලලී ඇත්තේය. එහෙත් අප ඇස් පනාපිට ගැඹුරු සිදුවිමක් පෙළ ගැසෙමින් ඇත. ඒ උත්තුංග ඓතිහාසික උරුමය සිය දේශපාලන බලය යොදාගෙන සොරකම් කර, නීතිය අවලමේ යවා එම අපරාධකරුවන් ආරක්ෂා කර දණ්ඩනයෙන් බේරුන කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලට සිදුවෙමින් ඇති දේ ය. ඒ ගැන කුණ්ඩසාලේ ගැමියන් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් කියන කතාව විශ්වාස කරනවා හැර දැන් අපට ඉදිරිපත් කළ හැකි තර්කයක් නැත.

“ ඔය හඳගලේ සාපේ මහත්තයෝ... පවුලටම හෙණ වැදීලා හැඳි ගෑවෙන්නේ ඒකයි. “

එසේ නම් හිටපු සීඅයිඩී ලොක්කා වූ ප්‍රසාද් රණසිංහටත් වැදී ඇත්තේ ඒ සාපයම විය හැකි බව සිතන්නට සාධාරණ හේතු තිබේ. ගැමියන් කියන්නේ මේ අපරාධයට ගෑවුන “ හැම එකෙක්ම හැඳි ගෑවී යන්නට“ නියමිත බවය.

එවකට ලංකාසර වෙබ් අඩවිය ලෙස මේ සිදුවීමේ නින්දිත යථාර්ථය පියවරින් පියවර අපි හෙළි දරවු කළෙමු. එදා අප කී කතාව ඊයේ (19) අල්ලස් කොමිසම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

මීට වසර තුනකට එපිට දි ඕනෑම පාදඩකමක් සිය යටිපතුලෙන් පිටතට එන්නට නොදී මැඩ ගත හැකි බලවත් මිනිසෙක් වූ කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ අල්ලස් කොමිසම ඉදිරියට එන්නේ නඩු 13ක් පවතින, සිය පවුලේ සාමාජිකයින් සමග 81 වතාවක් අල්ලස් කොමිසමට පැමිණි, කිසිම පිළිගැනීමකින් තොර, හිරේ විලංගුවේ වැටී කුජීත වුන ගර්හිත මිනිස් සැකිල්ලක් ලෙසය.

“ ඔය හඳගලේ සාපේ මහත්තයෝ...“ කුණ්ඩසාලේ ගැමියන් කියන කතාව යලි සිහිවන්නේ ඊයේ ඔහුගේ ස්වරූපය දුටු විටය.

සඳගල යනු කුමක් ද?

ශ්‍රී ලංකාවේ අනුරාධපුර, පොළොන්නරුව යුගවල සිට පැවත එන ගෘහ නිර්මාණ ශිල්පයේ හා බෞද්ධ සංකේතවාදයේ අනන්‍ය සංකේතයක් වන්නේ සඳකඩපහණය. සංසාර චක්‍රය නිරූපණය කෙරෙන මෙම කලාත්මක නිර්මාණයේ යුගාන්තර විකාශනයකින් පසු මහනුවර යුගයේ දී කැටයම් රහිත සරල සෙල් පුවරුවක ස්වරූපය ගෙන තිබුණේය. එම යුගයේ අවසාන භාගයට අයත් වටිනාම භෞතික සාක්ෂියක් පිහිටා තිබුණේ කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේය. ගැමියන් මෙය හැඳින්වූයේ සඳගල ලෙසය.

මෙම “සඳගල” (සඳකඩපහණ) යනු ක්‍රිස්තු වර්ෂ 1707 සිට 1739 දක්වා සිංහලයේ අවසන් රජු ලෙස රාජ්‍ය විචාළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කුණ්ඩසාලේ පිහිටි රාජකීය මාලිගාවේ පිවිසුම් පියගැටපෙළ අසල අලංකාරවත් ලෙස තැන්පත් කර තිබූ දැවැන්ත කළුගල් කුට්ටියකි. අඩි හතක් පමණ දිගින්, අඩි තුනක් පළලින් යුතු, ටොන් ගණනාවක් බරැති මෙම පුරාස්මාරකය ශතවර්ෂ තුනකට අධික දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කීවේය.

ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා විසින් ඉදිකරන ලද මෙම කුණ්ඩසාලේ ඓතිහාසික මාලිගාව නුවර යුගයේ දීම විනාශ වූයේය. වර්ෂ 1804 දී කැප්ටන් ආතර් ජොන්සන් (Captain Arthur Johnston) ගේ නායකත්වයෙන් යුත් බ්‍රිතාන්‍ය සේනාංක විසින් මාලිගාව වටලා, එහි තිබූ වටිනා වස්තුව කොල්ලකා සම්පූර්ණයෙන්ම ගිනිබත් කළේය. මාළිගාවේ ඉතිරි සුන් බුන් යොදාගෙන පසු කාලීනව ඒ භූමිය අසල වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ විහාරය ඉදිවිය. අවසන් සිංහල රජුගේ කුණ්ඩසාලේ මාලිගාව පිහිටි භූමිය තහවුරු කිරීම සඳහා අවසානයේ දී ශේෂ වී තිබුනේ සඳගල ය.

අවසන් සිංහල රජුගේ රාජකීය උරුමයක භෞතික සංකේතයක් වූත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෘජු ආරක්ෂාව යටතේ තිබූවූත් මෙම ඓතිහාසික කළුගල් කුට්ටිය 2022 දෙසැම්බර් 13 වැනිදා සහ 14 වැනිදා අතර මැදි රැයේදී මැරයින් පිරිසක් කොල්ල කනු ලැබූහ.

සංවිධානාත්මක සොරකම: බැකෝ යන්ත්‍ර සහ ඩිෆෙන්ඩර් සංස්කෘතිය

පුරාවිද්‍යා රැකවලුන් දෙදෙනෙකු මුරසේවයේ යෙදී සිටි රක්ෂිත බිමකින් ටොන් ගණනක් බරැති අතිවිශාල පෞරාණික වස්තුවක් අතුරුදහන් වීම සාමාන්‍ය සොරකමක් නොවීය. බැකෝ යන්ත්‍රයක් යොදාගනිමින් සඳගල ගලවා එම ගල් පර්වතය බර වාහනයක පටවාගෙන රැගෙන ගොස් තිබුණි.

සිද්ධිය වූ රාත්‍රියේ ඩිෆෙන්ඩර් ජීප් රථයක්, බූම් ට්‍රක් රථයක් (Boom Truck) ඇතුළු වාහන කිහිපයක ගමනාගමනය ප්‍රදේශයේ ස්ථාපිත CCTV කැමරා තුනක පැහැදිලිව සටහන් වූයේය.

ආරම්භක විමර්ශනවලදීම ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු හඳුනාගැනීමට හැකි විය. එම ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ කෙහෙළිය රඹුක්වැල්ලගේ ආධාරකරුවෙකු බවත්, වාහනය ඔහුගේ දියණියගේ නමට ලියාපදිංචි කර තිබූ බවත් හෙළි විය. අනෙක් සැකකරුවන් අතර ප්‍රදේශයේ පලතුරු ව්‍යාපාරිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු ද සිටියහ.

දේශපාලන රැකවරණය සහ විමර්ශන මන්දගාමී කිරීමේ කුමන්ත්‍රණය

සැකකරුවන් සහ වාහන පිළිබඳ පැහැදිලි සාක්ෂි තිබියදීත්, පොලිස් විමර්ශන අතිශය මන්දගාමී ස්වභාවයක් ගත්තේය. ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම මගහරිමින්, විමර්ශන මෙහෙයවන පොලිස් නිලධාරීන් මාරු කිරීමට සහ පත් කිරීමට දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බව අපි දිගින් දිගටම අනාවරණය කළෙමු.

2023 ජනවාරි 04 වැනිදා වනවිට අනාවරණය වන්නේ සොරාගන්නා ලද සඳගල කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වූ රමිත රඹුක්වැල්ලගේ සෘජු මෙහෙයවීමෙන් කොළඹට තදාසන්න ප්‍රදේශයකට ප්‍රවාහනය කර ඇති බවය. පුරාවිද්‍යා රක්ෂිත භූමියෙන් උදුරාගෙන මුලින්ම ඩිෆෙන්ඩර් රථය හිමිකරුගේ නිවසට රැගෙන ගිය සඳගල පරීක්ෂා කිරීමට පසුදා රමිත රඹුක්වැල්ල පැමිණ ඇති බවත්, ඉන්පසු එය ලොරියක පටවා කොළඹ දෙසට ගෙන ගොස් තිබුණු ආකාරය හෙළි විය. .

සිද්ධිය පිළිබඳව අනවරත සංවාදයක් ඇති වෙද්දි 2023 ජනවාරි 12 වැනිදා කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු, ව්‍යාපාරිකයෙකු ඇතුළු තිදෙනෙකු පල්ලෙකැලේ පොලිසියට භාර වූහ. එතැනදී හෙළි වූයේ සඳගල එසවීමට යොදාගත් බූම් යන්ත්‍රය ලබාගෙන ඇත්තේ එවකට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගෙන් බවයි.

රමිත් රඹුක්වැල්ලගේ භූමිකාව, අඥාන විනාශය සහ විමර්ශන අතුරුදහන් වීම

අනාවරණය වූ කරුණු අනුව පුරාවස්තුව තබා තිබූ නිවසට අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල පැමිණ තිබුණි. “සඳගල තුළ අතිමහත් නිධානයක් සඟවා ඇත” යන ගෝත්‍රික මිත්‍යා විශ්වාසය මත පිහිටා, එම දැවැන්ත පුරාස්මාරකය කුඩු කර, එහි ඇතුළත පරීක්ෂා කර පසුව කොටස් මහවැලි ගඟට දැමූ බවට විමර්ශන ආරංචි මාර්ගවලින් තොරතුරු අනාවරණය විය.

මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් රමිත් රඹුක්වැල්ල, අදාළ සම්බන්ධීකරණ ලේකම්වරයා සහ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දීම, විමර්ශන කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පවරන ලදී. සම්බන්ධීකරණ ලේකම්වරයා කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල කාර්යාලයේ ආරක්ෂාව ලබමින් සිටි බවද හෙළි විය.

අවසානයේ සැබෑ මහ මොළකරුවන් බේරාගැනීමේ ජාවාරම සාර්ථක විය. වෙනත් සිවිල් පුද්ගලයින් කිහිපදෙනෙකු ලවා “සඳගල සොරාගෙන කුඩු කළා” යැයි අධිකරණය හමුවේ පිළිගන්වා, රුපියල් 1,500ක සුළු දඩයකට යටත් කර නඩුව අවසන් කිරීමට පොලිසිය කටයුතු කළේය.

පසුකාලීනව අල්ලස් කොමිසමට මේ පිළිබඳ පැමිණිල්ල ලැබෙන විට, මහනුවර විශේෂ අංශය විසින් සකස් කරන ලද මුල් විමර්ශන වාර්තා සහ සාක්ෂි සියල්ල පොලිස් පොත්වලින් අතුරුදහන් කර තිබුණි.

අල්ලස් කොමිසමේ ඊයේ හෙළි කළ කතාව

එවකට ලංකාසර ලෙස අප වසර තුනකට අධික කාලයක් තිස්සේ ජනතාවට කී කතාව ඊයේ (18) අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ සංක්ෂිප්ත කළේය. අල්ලස් කොමිසමේ ප්‍රකාශයන් මගින් රාජ්‍ය බලය හමුවේ විමර්ශන පාලනය වූ ආකාරය අතිශය පැහැදිලිව තහවුරු විය:

පොලිස් ප්‍රධානීන් නිල නිවසට කැඳවීම: මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශන සිදුකරද්දී, එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, මහනුවර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සහ පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා කෙහෙළිය රඹුක්වැල්ල ගේ නිල නිවසට කැඳවා සිද්ධිය පිළිබඳව හිටපු ඇමැතිවරයා කරුණු විමසා ඇති බව අල්ලස් කොමිසම කීවේය.

“සර් බයවෙන්න එපා” – CID නියෝජ්‍ය පොලිස්පතිගේ සහතිකය: විමර්ශන CID එකෙන් සිදුකරන බව පොලිස් නිලධාරීන් දැනුම්දීමත් සමග, හිටපු ඇමැතිවරයා එවකට CID නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ප්‍රසාද් රණසිංහට දුරකතන ඇමතුමක් ලබාදී ඇත. එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා “සර් බයවෙන්න එපා. සර්ගේ පුතාට මොකුත් වෙන්නේ නැහැ” යනුවෙන් ප්‍රකාශ කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට පැවසීය.

තොරතුරු සඟවාගැනීම සහ නිවස පරීක්ෂාව වැළැක්වීම: හිටපු අමාත්‍යවරයාගේ මහනුවර නිවසේ සඳගල තිබෙන බවට තොරතුරු ලැබී තිබුණද එම නිවස පරීක්ෂා කිරීමට අවසර ලබාදී නොමැති අතර, රමිත් රඹුක්වැල්ලගෙන් කිසිදු ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන තිබුණේ නැත.

“වියදම් මම දරන්නම්” – නඩුව පිටතින් අවසන් කිරීමේ කුමන්ත්‍රණය: සිද්ධියේ සැකකරුවෙකුගෙන් “මෙම නඩුව අවසන් කිරීමට කිහිපදෙනෙකු යොදවා කටයුතු කළ නොහැකිද?” යි හිටපු අමාත්‍යවරයා විමසා ඇති අතර, ඊට වැයවන සියලු වියදම් තමන් දරන බවද ප්‍රකාශ කර ඇත.

රුපියල් 1,500ක දඩයකින් නඩුව වසාදැමීම: අවසානයේ හිටපු ඇමැතිවරයාගේ පුත්‍රයාව අධිකරණයට ඉදිරිපත් නොකර, වෙනත් සැකකරුවන් ඉදිරිපත් කර එක් අයෙකුට රුපියල් 1,500 බැගින් වූ සුළු දඩයක් නියම කර නඩු කටයුත්ත අවසන් කරවා ඇත.

සිය පුත්‍රයා අදාළ බරපතල චෝදනාවෙන් මුදාගැනීම සඳහා සිය නිල බලය මෙලෙස අයුතු ලෙස භාවිත කිරීමෙන් හිටපු අමාත්‍යවරයා ‘දූෂණය’ නමැති වරද සිදුකර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නේය. එමෙන්ම, මෙම විමර්ශනයට බාධා කිරීමේ චෝදනාව මත හිටපු CID DIG ප්‍රසාද් රණසිංහ ද 2026 මාර්තු මාසයේදී අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත්තේය.

මේ ඔවුන් කවදාවත් සිහිනෙන්වත් නොසිතූ ප්‍රතිඵලය. දූෂණ වංචා ඕනෑ තරම් සිදුවුන රටක සඳගලට අත තැබූ කෙහෙළියටත් ඔහුගේ පවුලටත් වෙච්චි දේ ගැන කෙහෙළියට හිතාගන්නට බැරි නම් කුණ්ඩසාලේ ගැමියන්ට හිතන්නට කොහොමත්ම බැරිය.

“ ඔය හඳගලේ සාපේ මහත්තයෝ... පවුලටම හෙණ වැදීලා හැඳි ගෑවෙන්නේ ඒකයි. “ ගැමියන් කියන්නේ ඒකය. දැන්නම් අපටත් හිතෙන්නේ එසේය.