දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට!
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යෝජනාවකට අනුව ඉදිරිපත්වන මෙම පනත් කෙටුම්පත පසුගිය ජූලි 24 වන දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබිණි. 2023 වසරේ සම්මත කරන ලද දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේ දී මතු වූ ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරමින්, දූෂණ මර්දන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ බව රජය පවසයි.
LSN Sri Lanka ·

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා රජය මගින් සකස් කරන ලද නව සංශෝධිත පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (අගෝස්තු 19) පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යෝජනාවකට අනුව ඉදිරිපත්වන මෙම පනත් කෙටුම්පත පසුගිය ජූලි 24 වන දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබිණි. 2023 වසරේ සම්මත කරන ලද දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේ දී මතු වූ ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරමින්, දූෂණ මර්දන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ බව රජය පවසයි.

ප්‍රධාන සංශෝධන සහ නව විධිවිධාන:

1.දඬුවම් සහ දඩ මුදල් ඉහළ නැංවීම:

දූෂණයෙන් ලබාගත් හෝ පරිවර්තනය කරන ලද දේපළක් සම්බන්ධයෙන් අධිකරණය විසින් අදාළ දේපළෙහි වටිනාකම මෙන් අවම වශයෙන් තුන් ගුණයක අමතර දඩයක් පැනවීම අනිවාර්ය කෙරේ. එසේම රජයට සිදුව ඇති මූල්‍ය හානියට සමාන අමතර දඩයක් ද අය කර ගැනීමට යෝජිත ය.

2.ඇප ලබාදීමේ සීමා:

රුපියල් 100,000කට නොඅඩු අල්ලසක් ඉල්ලීම, ලබාගැනීම හෝ ලබාදීම සහ රජයට රුපියල් 500,000කට නොඅඩු හානියක් සිදුකිරීම වැනි බරපතල චෝදනා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීම සීමා කෙරේ. මෙවැනි අවස්ථාවලදී ඇප ලබාදිය හැක්කේ මහාධිකරණය මගින් විශේෂ කරුණු සලකා බැලීමෙන් පසුව පමණි.

3. වත්කම්-බැරකම් ප්‍රකාශ:

සංස්කරණය කරන ලද (redacted) වත්කම් ප්‍රකාශන පනතේ නියමිත ආයතන හෝ නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට පමණක් භාවිත කළ යුතු බවට සීමා පනවා ඇත. ඊට පටහැනිව භාවිත කිරීම රුපියල් 100,000කට නොඅඩු දඩයක් හෝ වසරකට නොඅඩු සිරදඬුවමක් සහිත වරදක් වේ. එමෙන්ම, ප්‍රකාශකයා සමග අවම වශයෙන් මාස 6ක් එකම නිවසේ වෙසෙන පුද්ගලයන්ගේ වත්කම්-බැරකම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාව ඉවත් කර තිබේ.

4. "නියමිත ආයතන" නිර්වචනය:

රජය හෝ රාජ්‍ය සංස්ථාවක් අවම වශයෙන් 25%ක කොටස් හිමිකම් දරන සමාගම් "නියමිත ආයතන" ලෙස සැලකූ මුල් පනතේ සීමාව 50% දක්වා ඉහළ නංවා ඇත.

කෙසේ වෙතත්, වත්කම් ප්‍රකාශන භාවිතය සීමා කිරීම මහජන අධීක්ෂණයට බාධාවක් බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය පෙන්වා දී ඇති අතර, ඇප ලබාදීමේ සීමාවන් මූලික අයිතිවාසිකම්වලට හා බන්ධනාගාර තදබදයට බලපාන බවට විපක්ෂ පාර්ශ්ව ද චෝදනා කරයි.