Technology · Sri Lanka Bureau
ලංකාවේ පළමු මගී ඩ්‍රෝන සේවාව ලබන මාසයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹේ!
ශ්‍රී ලංකාවේ ප්‍රථම මගී ඩ්‍රෝන යානා සේවාව ලබන මාසයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
LSN Sri Lanka ·

ශ්‍රී ලංකාවේ ප්‍රථම මගී ඩ්‍රෝන යානා සේවාව ලබන මාසයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

චීනයේ ප්‍රමුඛ පෙළේ ඩ්‍රෝන නිෂ්පාදන සමාගමක් වන EHang සමාගම හරහා මෙම ව්‍යාපෘතිය මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කොළඹ සිට දකුණු වෙරළ තීරයේ තෝරාගත් ස්ථාන දක්වාත්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කොළඹ වරාය නගරය (Port City) දක්වාත් මගී ඩ්‍රෝන යානා ගමනාගමනය සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෙම නවතම තාක්ෂණික පියවර ඔස්සේ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මෙන්ම, හදිසි ආපදා සේවා සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ නාවික අවශ්‍යතාවලදී කාර්යක්ෂම ප්‍රවාහන පහසුකම් සැලසීමට මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු වැඩිදුරටත් සඳහන් කළේ ලබන සැප්තැම්බර් මාසය වන විට පළමු මගී ඩ්‍රෝන යානාව ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු යොදා ඇති බවයි.

"ඉදිරි මාස 2-3 ඇතුළත ලංකාවට ගැළපෙන ගුවන් මාර්ග (Route Planning) සැකසීම අවසන් කර, මාස 6ක් ඇතුළත මහජනතාවට සහ සංචාරකයින්ට භාවිත කළ හැකි වාණිජ මට්ටමේ ප්‍රවාහන සේවාවක් ලෙස මෙය ස්ථාපිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ආරම්භක අදියරේදී කිලෝමීටර 25ක සීමාවක් ආවරණය වන පරිදි ප්‍රධාන ගුවන් මාර්ග දෙකක් නිර්මාණය කෙරෙනවා. සාම්ප්‍රදායික ගුවන් යානාවලට මෙන් විශාල ගුවන්තොටුපොළ පරිශ්‍රයන් මෙයට අවශ්‍ය නොවන අතර, සෘජුවම උඩට නැගීමටත් (Take-off) පහළට බැසීමටත් (Landing) හැකිවීම නිසා කුඩා භූමි ප්‍රමාණයකින් මෙම සේවාව පහසුවෙන් මෙහෙයවිය හැකියි," යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ඩ්‍රෝන යානා ප්‍රධාන පාලන මැදිරියක සිට කෘත්‍රිම බුද්ධිය (AI) සහ ස්වයංක්‍රීය (Automated) තාක්ෂණය ඔස්සේ ආරක්ෂිතව පාලනය කිරීමට කටයුතු යොදා තිබේ.