ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත ක්‍රමවේදය ගැන දැනුවත් කෙරේ!
"ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය" පිළිබඳව ආනයනකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
LSN Sri Lanka ·

"ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය" පිළිබඳව ආනයනකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

රේගු කටයුතු කඩදාසි රහිත කිරීමේ වැඩසටහන කඩිනම් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුණි. කඩදාසි රහිත රේගු ප්‍රකාශන ව්‍යාපෘතිය (Paperless Document Processing at Customs) තුළින් වෙළෙඳ ක්ෂේත්‍රයට හිමිවන ප්‍රතිලාභ සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය සහ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ කාර්යභාරය පිළිබඳව විශේෂ දේශනයක් සිදු කළ එම කාර්යාංශයේ ප්‍රධානි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලි අරුක්ගොඩ සඳහන් කළේ, ලබන ඔක්තෝබර් මස 01 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු තාක්ෂණ අංශය ලබා දෙන දායකත්වය අගය කරන බවයි.

මෙයට අමතරව LankaPay ආයතනය සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් එක්ව පවත්වන ලද තාක්ෂණික සැසියේදී ඩිජිටල් අත්සන යනු කුමක්ද, එය ලබා ගන්නා නිවැරදි ආකාරය සහ රේගු ප්‍රකාශන (Customs Declarations) ඉදිරිපත් කිරීමේදී එය ප්‍රායෝගිකව භාවිත කරන ආකාරය පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව වෙත පූර්ණ දැනුවත් කිරීමක් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට රේගු අධ්‍යක්ෂවරුන් වන රුවන් තිසේරා, සිසිර කුමාර, ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂවරුන් වන ඩබ්ලිව්. එල්. සී. තිලකසිරි, එම්. ඒ. ප්‍රේමලාල්, ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි සහ මහලේකම් ශිරාන් ප්‍රනාන්දු, LankaPay ආයතනයේ නියෝජිතයින් ඇතුළු නිලධාරීන් මෙන්ම ආනයනකරුවන් සහ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.