LSN News › Sri Lanka

ගණේමුල්ල සංජීව ඝාතනය: ව්‍යාජ ගමන් බලපත්‍රයකින් පැනගිය ‘සමිට් පුර චතු’ ගැන අලුත් තොරතුරු එළියට!

පළමු වර ඩුබායි සිට ලංකාවට රැගෙන විත් ඇප මත නිදහස්ව සිටි රතු වරෙන්තුකාර සමිට් පුර චතූ නැමැත්තා යළි දිවයින්නෙන් පැන ගොස් ඕමානයේ සැඟවි ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ විසින් හදා දුන් ව්‍යාජ ගමන් බලපත්‍රයකින් බවත්, සමිට් පුර චතූ ගණේමුල්ල සංජීව ඝාතන සැලැස්මේ සැලකිය යුතු කොටසක් ආවරණය කළ අයෙක් බවත් විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇත.

LSN Sri Lanka · 19 August 2026

ගණේමුල්ල සංජීව ඝාතනය: ව්‍යාජ ගමන් බලපත්‍රයකින් පැනගිය ‘සමිට් පුර චතු’ ගැන අලුත් තොරතුරු එළියට!

රටේ ප්‍රබලම සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිදුවීමෙන් අනතුරුව, දැනට රැඳවුම් භාරයේ පසුවන දිමුතු චතුරංග නොහොත් ‘සමිට්පුර චතූ ’ ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් විදේශගත වී ඇති බව පරීක්ෂණ පවත්වන විමර්ශන කණ්ඩායම් විසින් අනාවරණය කරගෙන තිබේ.

සමිට්පුර චතූ නැමැත්තා ඩුබායි රාජ්‍යයේ සිටිය දී මින් පෙරත් අත් අඩංගුවට ගෙන ලංකාවට රැගෙන එන අපරාධකරුවෙකි. ඇප මත නිදහස්ව සිටිය දී හෙතෙම කෙහෙල්බද්දර පද්මේ ගේ උපදෙස් මත ගණේමුල්ල සංජීව ඝාතන සැලැස්මට සම්බන්ධ වී තිබේ. දෙවැනි වර රටින් පැන ගොස් ඔහු ඕමානයේ නවතින්නේ ඉන් පසුවය.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු ලබා දී ඇති ප්‍රකාශවලට අනුව, ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු සැඟව සිටි තමන්ට විදේශගත වීම සඳහා මෙම ව්‍යාජ ගමන් බලපත්‍රය සකසා දී ඇත්තේ ‘කෙහෙල්බද්දර පත්මේ’ විසින් බව ඔහු අනාවරණය කර තිබේ. පසුව එම ව්‍යාජ සංචාරක ලේඛනය උපයෝගී කරගනිමින් තමන් දිවයිනෙන් පිටව ගිය බව සැකකරු වැඩිදුරටත් පාපොච්චාරණය කර ඇත.

එසේම, ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු සහ ඝාතන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය, අපරාධය සිදුවූ අධිකරණ ශාලාව වෙත යොමුකිරීමේ සහ මෙහෙයවීමේ වගකීම ජූලියන් මාධවන් නැමැත්තා වෙත පැවරීමට කටයුතු කළ බව ද සමිත්පුර චතු විසින් හෙළිකර තිබේ.

විමර්ශන නිලධාරීන් සඳහන් කරන්නේ මෙම සියලු සැලසුම් සහ සංවිධානාත්මක කටයුතු කෙහෙල්බද්දර පත්මේ ලබාදුන් උපදෙස් හා මෙහෙයවීම් මත සිදුකර ඇති බවට සැකකරු ප්‍රකාශ කර ඇති බවයි.