LSN News › Sri Lanka

පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීම මෙම වසර අගදී!

ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත මෙම වසර අගදී නිකුත් කිරීමට අවශ්‍ය සංවර්ධන කටයුතු මේ වන විට සාර්ථකව නිමා වෙමින් ඇති බව

LSN Sri Lanka · 19 August 2026

පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීම මෙම වසර අගදී!

ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත මෙම වසර අගදී නිකුත් කිරීමට කටයුතු කරන බවත් පරිදි මෙම වසර අගදී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාශ නිලධාරීහු අද ජනාධිපතිවරයා තෙවත දැන්වූහ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්මක කරන ලද සියලු ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර, එහිදී මෙම තොරතුරු අනාවරණය විය.

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 30ක අගයක් දක්වා ඉහළ නංවා ගැනීමේ රජයේ මූලෝපායික වැඩපිළිවෙළ යටතේ, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින රාජ්‍ය ආයතන විසින් මේ වන විට සාර්ථකව ක්‍රියාවට නංවනු ලැබ තිබෙන විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන්වල සමස්ත ප්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් හා පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

එයට අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (CERT), දත්ත ආරක්ෂණ අධිකාරිය, GovTec ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් - මොබිටෙල් ආයතනය, කොළඹ නෙලුම් කුලුන කළමනාකරණ සමාගම ඇතුළු ප්‍රමුඛ පෙළේ ආයතන යටතේ දැනට ක්‍රියාත්මක සියලු වැඩසටහන්වල ප්‍රගතිය මෙන්ම, රූපවාහිනි වැඩසටහන් ඩිජිටල්කරණය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය ද වෙන් වෙන් වශයෙන් ගැඹුරින් විමසා බලන ලදී.

තවද, රජය විසින් රටේ මහජනතාවගේ එදිනෙදා පහසුව වෙනුවෙන් විශේෂයෙන් හඳුන්වා දී ඇති ජාතික ඩිජිටල් සුපර් ඇප් (National Super App) ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව තුළ මුදල් භාවිතය අවම කර ආරක්ෂිත ඩිජිටල් ගනුදෙනු ප්‍රචලිත කිරීම සඳහා හඳුන්වාදී ඇති "National QR Drive" ව්‍යාපෘතිය, රජයේ විවිධ ආයතන අතර ආරක්ෂිතව හා විනිවිදභාවයෙන් යුතුව තොරතුරු හුවමාරු කර ගැනීමට සහ සේවා සැපයුම් ක්‍රියාවලි විධිමත් කිරීම වෙනුවෙන් ස්ථාපිත ජාතික දත්ත හුවමාරුව (National Data Exchange - NDX), ජංගම දුරකථන පාරිභෝගිකයන්ට සිය දුරකථන අංකය වෙනස් නොකර වෙනත් ඕනෑම සේවා ජාලයකට මාරුවීමට ඉඩ සලසන Number Portability ව්‍යාපෘතිය, මෙන්ම රාජ්‍ය ඩිජිටල් ප්‍රසම්පාදන සහ සේවා වේදිකාව ඇතුළු දීපව්‍යාප්ත ප්‍රමුඛ වැඩසටහන් රැසක වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳව ද මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා විය.

එමෙන්ම රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මට අනුකූලව මුළු රාජ්‍ය සේවයම පූර්ණ ඩිජිටල්කරණයකට ලක් කර මහජන සේවා සැපයීම් වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීම උදෙසා හඳුන්වා දී තිබෙන PIC-Net (Public Impact Champions Network) වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. මෙයට අමතරව Data Transmission Unit (DTU) හෙවත් දත්ත සම්ප්‍රේෂණ ඒකකය, AI දත්ත මධ්‍යස්ථානය, රාජ්‍ය සහ මහජන සේවා අංශයන් උදෙසා ඩිජිටල් තාක්ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික කුසලතා සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන අරමුණ කරගත් GovTech Academy පුහුණු සහ අධ්‍යාපනික වැඩසටහනේ වර්තමාන ක්‍රියාකාරිත්වය සහ එහි ඉදිරි කාලීන සැලසුම් පිළිබඳව ද සමාලෝචනයට ලක් විය.

මීට අමතරව Govtec ආයතනය නිල වශයෙන් ආරම්භ කිරීම, එහි තාක්ෂණික යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය කිරීම සහ අවශ්‍ය නිපුණ කාර්යමණ්ඩල බඳවා ගැනීමේ කටයුතුවල දැනට පවතින වත්මන් ප්‍රගතිය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.

මෙම වැදගත් ප්‍රගති සමාලෝචන අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජේසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරුන් ඇතුළු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහ ඒ යටතේ පවතින සියලුම ආයතනවල උසස් නිලධාරීහු සහ ප්‍රධානීහු රැසක් එක්ව සිටියහ.