ලක්ෂ 66ක දඩයක් ආණ්ඩුවට ගෙවා මිනිස්සුන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න... ෆවුසිට අධිකරණයෙන් ලැබුණු නියම තීන්දුව කියවන්න...
රුපියල් මිලියන 6.6ක මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙසත්, අවභාවිත කළ වාහනයේ ඡායාරූපයක් සහිතව ජනතාවගෙන් සමාව ඉල්ලා භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් පළ කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
LSN Sri Lanka ·
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්ත රජය පරිත්‍යාග කළ සුඛෝපභෝගී වාහනයක් පෞද්ගලික පරිහරණයට යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (සැප්තැම්බර් 29) තීන්දුවක් ලබා දුන්නේය.

එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම සහ මහජන භාර මූලධර්මය කඩ වී ඇති බව අධිකරණය තීන්දු කළේය.

ඒ අනුව, රුපියල් මිලියන 6.6ක මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙසත්, අවභාවිත කළ වාහනයේ ඡායාරූපයක් සහිතව ජනතාවගෙන් සමාව ඉල්ලා භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් පළ කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන, විනිසුරු ජනක් ද සිල්වා සහ විනිසුරු අර්ජුන ඔබේසේරගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ එකඟතාව සහිතව තීන්දුව ප්‍රකාශයට පත් කළේ විනිසුරු ජනක් ද සිල්වා විසිනි.

අධිකරණ නියෝගයේ ප්‍රධාන කරුණු:

වන්දි මුදල් ගෙවීම: වාහනය වෙනුවෙන් දැරූ වියදම් සඳහා වන්දි වශයෙන් රුපියල් 1,664,334.93ක මුදලක් මාසයක් ඇතුළතත්, අල්ලස් හා දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් ආදර්ශනාත්මක වන්දි වශයෙන් තවත් රුපියල් මිලියන 5ක මුදලක් මාස දෙකක් ඇතුළතත් ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුතුය.

ජනතාවගෙන් සමාව ඇයැදීම: අවභාවිත කළ වාහනයේ ඡායාරූපයක් ඇතුළත් කරමින් ජනතාවගෙන් සමාව ඉල්ලා සිළුමිණ, සන්ඩේ ඔබ්සර්වර් සහ තිනකරන් යන ජාතික පුවත්පත්වල මුල් පිටුවේ පිටු භාගයක දැන්වීමක් මාසයක් ඇතුළත පළ කළ යුතුය.

සිද්ධියේ පසුබිම

මෙම වාහනය 2010 වසරේ ඒ. එච්. එම්. ෆවුසි ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාග කරන ලද්දකි.

එය පෞද්ගලික පරිහරණයට යොදාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර, එහිදී වරද පිළිගැනීම හේතුවෙන් මහාධිකරණය විසින් ඔහුට වසර 10කට අත්හිටුවූ වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 4ක දඩයක් නියම කර තිබිණි.

මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කරමින් සිදුකළ මෙම අවභාවිතය මඟින් මහජන භාර මූලධර්මය මෙන්ම සමාන ලෙස සැලකීමේ අයිතියද උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නීතිඥ නියෝජනය පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අමිල කුමාරගේ ගේ උපදෙස් පරිදි නීතිඥ දිළුම් ද අල්විස් පෙනී සිටි අතර, හිටපු අමාත්‍ය ෆවුසි වෙනුවෙන් රම්සි භාෂා සමාගමේ උපදෙස් පරිදි නීතිඥ රුවන්ත කුරේ පෙනී සිටියේය. අල්ලස් කොමිසම වෙනුවෙන් එහි නීති අධ්‍යක්ෂ නීතිඥ ගයා රාජපක්ෂ පෙනී සිටියාය.